IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පාප්තුමන්ට කොරෝනා ආසාදනය වී නෑ

සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයකින් පෙළෙන අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බවත් පාප්තුමාට ‘කෝවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව තහවුරු වූ බවත් ඉතාලියේ පුවත්පතක් උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා අද (3) වාර්තා කළේය.

83 හැවිරිදි වියේ පසුවන අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමානු කතෝලික ප්‍රජාවගේ නායකයා වේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් මීට වසර කිහිපයකට පෙර පාප්තුමාගේ එක් පෙනහල්ලක් ඉවත් කරන ලදි.

පාප්තුමෝ පසුගිය සතියේ සිට අසනීප තත්ත්වයකින් පසුවන අතර සහභාගී වීමට නියමිතව තිබූ ආගමික වැඩසටහන් කිහිපයක්ම අවලංගු කළහ. සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වය හේතුවෙන් පසුගිය දින කිහිපයේ පාප්තුමෝ ප්‍රසිද්ධියේ පෙනී නොසිටි නමුත් අසනීප තත්ත්වයෙන් පසු පළමු වරට පසුගිය ඉරිදා ප්‍රසිද්ධියේ පෙනි සිටිමින් තමන් තරමක අසනීප තත්ත්වයෙන් පසුවන්නේ යැයි ප්‍රකාශ කළහ.

පාප්තුමාට කොරෝනා නැතැයි පළවූ පුවත් වාර්තාව සම්බන්ධයෙන් විමසුවද වතිකානයේ ප්‍රකාශක මැටියෝ බෘනී ඊට ප්‍රතිචාර දැක්වූයේ නැතැයි ද ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

පාප්තුමා වෛද්‍ය පරීක්ෂණයට ලක් කළේ කවදාද යන්න සම්බන්ධයෙන් අදාළ පුවත්පත වාර්තා කර නොතිබුණු බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.

පාප්තුමා සම්බන්ධයෙන් මෙලෙස පුවත් වාර්තා වන්නේ කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලිය දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවකදීය.

කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි. ඊයේ වනවිට ඉතාලියෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 52ක් වූ අතර එරටින් කොරෝනා ආසාදිතයන් 2,000කට වැඩි ගණනක් පිළිබඳ වාර්තා වී ඇත.

ඒ.එෆ්.පී./රොයිටර්ස්

055



අදහස් (3)

පාප්තුමන්ට කොරෝනා ආසාදනය වී නෑ

vidya Wednesday, 04 March 2020 04:02 AM

ඔබ වහන්සේ ලොවට පහල උණු උතුම් මිනිසෙක්. ඔබ වහන්සේටත් , සියලු ලොකවාසීන්ටත් විශ්වයේ නොපෙනෙන බලවේගයේ පිහිට ලැබේවා. නිරෝගී වේවා , සුවපත්වේවා.!

:       9       54

dilanka Wednesday, 04 March 2020 04:32 AM

ශුද්ධ වූ රෝමෙටත් කොරෝනා අසාදනය වුණා කියන්නකෝ... එ්ත් ඉතින් තාමත් මිනිස්සු හිතන්නේ ලෝකය පාලනය කරන්නේ කවදාවත්, කවුරුත් නොදැකපු දෙවියෙක් කියලනේ...

:       0       0

sharm warn Wednesday, 04 March 2020 04:38 AM

ස්තුතියි විද්‍යා… ඔබටත්, ඔබේ යහපත් සිතුවිලි වලටත් දේවාශීර්වාද පතනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 231 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2420 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 549 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1141 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 149 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 29 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1509 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site