ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
රුපියල් 5000 දීමනාව ලබාගැනීම සඳහා හෝමාගම හත්ලහගොඩ විහාරස්ථානයට ගොස් සිටි තිදරු පියෙකු අද (31) හදිසියේ මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම , මාගම්මන පදිංචි , කරුණාසිරි ගුණරත්න සිල්වා නම් ඇති (68) හිටපු ලිපිකරුවකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා අද(31)දා උදෑසන හත්ලහගොඩ විහාරස්ථානයට පැමිණ ඇත්තේ රජය මගින් ලබාදෙන රුපියල් 5000 දීමනාව ලබාගැනීම සඳහාය.
ඒ සඳහා පැමිණීමට නියමිත පෝලිමේ පිටුපස රැඳී සිටිය දී කිසියම් අපහසුතාවයකින් රැඳී සිට ඇති අතර ඒ බව එහි සිටි තවත් පුද්ගලයකු දැ ක මොහුව ඉදිරියෙන් තබා තිබූ පුටුවක හිඳුවා ඇති අතර ඒ සමඟම රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා 1990 ගිලන් රථයකට ඇමතුමක් ලබාදී ඇතැයි පොලිසිය පවසයි .
ඒ අනුව සුව සැරිය ගිලන් රථයක් එම ස්ථානයට පැමිණ ඇති අතර එහිදී රෝගියා පරීක්ෂා කොට ඔහු මිය ගොස් ඇති බව පවසා ඇතැයි පොලිසිය
පවසයි.
ඒ අනුව හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතාට සිද්ධිය දැනුම් දීමෙන් පසුව ඔහු එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළේ ය .
ඒ අනුව දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ගිය බවත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු පාරින්ද කොටුගොඩ මහතා විසින් කළුබෝවිල හදිසි මරණ පරීක්ෂක අධිකරණයේදී අද 31 දා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබුණි .
සිද්ධිය පිළිබඳව කහතුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පො.සැ (56800) සෝමරත්න නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පන්දහස ගන්න ගිය ලිපිකරුවෙක් හදිසියේ මිය යයි
චමින්ද Sunday, 31 May 2020 01:04 PM
නොදන්නා නිසා අහන්නේ? ඔහු ලිපිකරුවෙක් නම් ඔහුට විශ්‍රාම වැටුපක් ලැබෙනවා ඇතිනේ. එවැනි අයටත් ගෙවනවා නම් අපට නොදෙන්නේ ඇයි...?