IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පැනගිය සැකකරු අහසට වෙඩි තබා අල්ලාගනී

(ජයන්ත සමරකෝන්)

ගාල්ල බන්ධනාගාරයේ සිට අධිකරණයේ පැවති නඩු විභාගයකට ගෙන ගොස් සිටි දරුණු සැකකරුවෙක් අද (29) දහවල් එක්වරම නිලධාරින්ගෙන් මිදී පලාගොස් ඒ අසළ මුහුදට පැන පීනා යමින් සිටියදී අහසට වෙබි තබා නැවත අත්අඩංගුවට ගත් බව බන්ධනාගාරය පවසයි.

මෙසේ පලාගොස්ඇත්තේ අමිබලන්ගොඩ පදිංචිකරුවෙකි. සැකකරු මංකොල්ල නඩු රැසකට සම්බන්ධ බව ප්‍රකාශකයෙක් කීය.

නඩුවට පෙනී සිටිමෙන් පසු මොහුට දඬුවම් නියම කිරීම ඉදිරි දිනයකට කල් ගොස් ඇති අතර මොහු මුහුදට පැන ඇත්තේ ඒ සමඟම බවද එම ප්‍රකාශකයා පැවසීය.



අදහස් (26)

පැනගිය සැකකරු අහසට වෙඩි තබා අල්ලාගනී

janis Friday, 29 March 2019 02:13 PM

අහසට නොව කකුල කැඩිලා යන්න වෙඩිතියන්න දන්නේ නැද්ද? තුවක්කු අරගෙන ඉන්න ජේලර්වරු ඉඳිද්දී මෙහෙම හිරකාරයෝ පැනලා යන එකට හිනායනවා.

:       301       277

kule Friday, 29 March 2019 02:32 PM

ඩුබායි වලට යන්න වෙන්න ඇති මුහුදට පැනලා පීනන්න ඇත්තේ... මොකද හොරු, අපරාධකාරයෝ, කුඩුකාරයෝ සේරම ඉන්නේ එහෙ නිසා....

:       0       108

nimal Friday, 29 March 2019 05:56 PM

ඒක තමයි කියන්නේ, ඒ අවස්ථාවේදී ආරක්ෂක අංශ ගත යුතු ක්‍රියාමාර්ග පහදා දිය යුතු නැහැ.

:       0       68

Sunil gikiyanage Saturday, 30 March 2019 03:49 AM

කුරුල්ලෙක්ද කොහෙද?

:       0       49

upali Saturday, 30 March 2019 05:50 AM

ඔලුගෙඩියටම තියන්නයි තිබුණේ...

:       100       30

Saman Saturday, 30 March 2019 07:20 AM

මුහුදේ පීනන මිනිහට කකුලට වෙඩි තියන්න පුළුවන් තරම් දක්ෂයෝ බන්ධනාගාරයේ ඉන්නවා නම් මම ලක්ෂ 10ක් දෙනවා.

:       0       104

BamunuarachchiSunday, 31 March 2019 06:20 AM

ෂුවර්ද? ඔබෙන් ලක්ෂ 10 බැරි වුනොත් මගෙන් 20. ඔබ පීනන්න මම වෙඩි තියන්නම්. අනංමනං බැහැ.

:       3       28

raheem Saturday, 30 March 2019 08:11 AM

හොඳ පිහිනුම් ශුරයෙක් වෙන්න ඇති..

:       15       24

සනා ද බෝයි Saturday, 30 March 2019 09:30 AM

දිගටම පීනන්න දුන්නා නම් ඌ මාලදිවයිනට ගියාම හිරේ දානවා...

:       0       98

Chanak Los angeles Saturday, 30 March 2019 03:15 PM

දරුණු සිරකරුවෙකුට නොවෙයි, සාමාන්‍ය සිරකරුවෙකුට වුනත් පිටතට රැගෙන යන විට අත් මාංචු දමනවා. මේ වෙලා තියන විදියට මාංචු දමාගෙන ගිහින් ඇත්තේ ජේලර්ලා වෙන්න ඕනේ... මෙන්න මෙහෙම තමයි රාජපක්ෂලාත් මිනිසුන්ට බොරු කියලා අන්දවන්නේ...

:       115       235

ruwanSaturday, 30 March 2019 06:16 PM

චානක ලොස් ඇන්ජලීස් පැත්තකට වෙලා ඉන්න. ඕන දේකට රාජපක්ෂලා මතක් වෙන්නේ, ඔයා සමනලයෙක්ද කොහෙද?

:       60       9

BamunuarachchiSunday, 31 March 2019 06:02 AM

මෙයා ලොස්අන්ජල්ස් වලට ගිහිල්ල තිබෙන්නේ "ෆොබියා" වලට‍ බෙහෙත ගන්න. බයටම දැන් ලෙඩේ ඉහට ගහලා. රෑට බයවෙලා නැගිටිවාලු . එහෙ දොස්තරලා කියලා තිබෙනවා ඔය ලෙඩේට තිබෙන එකම බෙහෙත හොඳ පොල් ටොක්කක් ඇන ගැනීම කියලා.

:       107       10

BamunuarachchiSunday, 31 March 2019 09:01 AM

මෙයාට තිබෙන්නේ රාජපක්ෂ ෆෝබියාව නොහොත් රාජපක්ෂ භීතිකාව...

:       14       4

Chanak Los angelesSunday, 31 March 2019 04:03 PM

නැතුව ඉතින් ලසන්තට, තාජුදීන්ට කරපු අපරාධයම ඇතිනේ මිනිසුන්ට ෆෝබියාව හැදෙන්න...

:       0       5

BamunuarachchiMonday, 01 April 2019 04:59 PM

ලසන්තා තාජුදීන් ගොඩට රිචට් ඩි සොයිසා, විජේවීර සහ ඒ කාලේ මැරුන 65000 විතර කොල්ලන්ගේ නම් ටිකත් දාගන්නකො. ඇයි ඒවා අමතකද?

:       0       0

AmithSaturday, 30 March 2019 07:43 PM

NGO කාරයෙක්... රාජපක්ෂ...

:       78       2

BamunuarachchiSunday, 31 March 2019 06:15 AM

එතකොට රනිල්? බැංකු කොල්ලකාපු, ජිනීවා වලදී සිංහලයාගේ රට පාවාදීපු, ප්‍රභාකරන්ට උතුරේ පාලනය දෙන්න යෝජනා කළ රනිල් ගොයියා කව්ද? රටට නිදහස ලබාදුන් සිංහල හමුදා නායකයින් පාවාදීපු මේ හාදයා සිංහලයාගේ බැලුම් කෝණයන් මොකෙක්ද කියා කියන්න බලන්න හුදී ජනයාගේ දැනගැනීම පිණිස. ඕවා අමිත් සිංහලයින්ගේ ප්‍රශ්න ඕවා මැලේ අයට තේරෙන්නේ නැහැ. මොකද ඔබලාට මේ රටගැන කැක්කුමක් නැත.

:       9       10

Chanak Los angelesSunday, 31 March 2019 03:53 PM

රට රකින්න ගිය වීරෝදාර සිංහල පොලිස් නිලධාරීන් 800 උප්පරවැට්ටියක් කර ඝාතනය කළ අයට තනතුරු පුදපු සිංහල නායකයා කව්ද? මේවාට උත්තර දෙන්න උන්ට කඩේ යන එවුන්ට හැකියාවක් නැහැ. මෙන්න මේවයි මිනිසුන්ට තේරෙන්නේ නැත්තේ..

:       2       0

BamunuarachchiSunday, 31 March 2019 04:35 PM

යටත් වෙන්න කීවේ ඒකාලේ හිටපු ජනාධිපති...

:       0       11

BamunuarachchiMonday, 01 April 2019 01:14 AM

ඒ නිසා මෑන් ලංකාවෙන් ලොස්. මට හිතෙන්නේ කරලා තිබෙන වැඩවල හැටියට මාර බයකින් ඉන්නේ.

:       0       0

Kumar Sunday, 31 March 2019 02:04 AM

අහසට යන වෙඩි උණ්ඩ පිටත් වෙන වේගයකට සමාන වේගයකින් පොළවට පතිත වෙනවා. එම උණ්ඩය වැදීමෙන් කෙනෙකු මියයාම සිදුවිය හැක. ඒ හේතුව නිසා එම ක්‍රියාවේ වැළකෙන එක තමා හොඳ. ඇමරිකාවේ සමහර ප්‍රදේශවල ජනවාරි පළමුවෙනි දිනයේ අහසට වෙඩි තබන නිසා නිවසින් පිටත යාම අවදානම් බවකියන්න ඕනෙ.

:       0       2

BamunuarachchiSunday, 31 March 2019 09:04 AM

ඕක තියරිය ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නැත. වාතය ඇතිකරන ප්‍රතිරෝදය ගැන සිතුවාද?

:       0       2

Chanak Los angelesSunday, 31 March 2019 03:58 PM

වාතය ඇතිකරන ප්‍රතිරෝධය බලාගන්න ලැබෙයි, ඉදිරියේදී... එදා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කරන්න අනුබල දුන් රටේ නායකකමට ඉල්ලන්න දත කන පුද්ගලයාට මාංචු වැටෙනකොට...

:       7       0

BamunuarachchiSunday, 31 March 2019 04:40 PM

ලොස් ඇන්ජලිස්වල ඉන්නකොට මොළෙත් ලොස් වෙලාද කොහෙද? අපි කතා කරන්නේ ඔහේ අහලවත් නැති ගණිත ගැටළු, මේවට පැටලෙන්නේ නැතිව ඩ්‍රයිවර් වැඩේ කරගෙන ඉන්න.

:       0       0

BamunuarachchiSunday, 31 March 2019 04:43 PM

එයාගේ අතට මාංචු කොහොම වෙතත් ඔහේගේ නාහෙට ලනුවක් නම් ළඟදීම දාන්න වෙනවා.

:       0       0

Chanak Los angelesMonday, 01 April 2019 09:30 PM

ලනුවක් දාන්න වෙනවා කියන එක සම්භාවිතයක් . නමුත් කියන කෙනානම් නහයට ලනුවක් දාගෙනමයි ඉන්නේ. ඒක මෙතන නොදන්නා කෙනෙක් නොමැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 543 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 558 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 724 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 362 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 3618 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1105 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1465 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site