IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වෙන්න ඕනෑ’

(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

දෙමළ ඩයස්පෝරාවේ උවමනාවන් ඉටුකරන බවට අගමැති වී කළ මුල් කතාවෙන් පොරොන්දු දුන් එංගලන්ත නව අගමැති බොරිස් ජොන්සන් මහතාගේ ප‍්‍රකාශයට විරෝධය පා පොදුරාජ්‍ය මණ්ඩලයෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලංකාව වහා ඉවත්විය යුතුයැයි ආචාර්ය  ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.

ඇඹිලිපිටියේ අද (17) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ. එහිදී සෝභිත හිමියෝ මෙසේ ද කීය.

පසුගියදා එංගලන්තයේ පැවති මහ මැතිවරණයෙන් ජයගත්තේ බොරිස් ජොන්සන් මහතාය. ඔහු ජයග‍්‍රහණය ලබා අගමැතිවරයා ලෙස දිවුරුම් දීලා කළ පළමු කතාව අහපු අපට බොරිස් ජොන්සන් මහතාගේ මෝහ මූලික ප‍්‍රතිපත්තිය පිළිබඳව නම් කතා කරන්න වෙනවා.

‘වනක්කම්’ කියලා සිය කතාව අරඹමින් ඔහු එංගන්තයේ වෙසෙන දෙමළ ජනතාවට සිය කෘතවේදීත්වය පිරිනමනවා. ඒ එක්කම ඔහු කියනවා,ශ‍්‍රී ලංකාවේ සාමය සංහිඳියාව ඇතිකරන්න කැප වෙනවා, දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නය විසඳනවා කියලත්.

යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා මේ දිනවල එංගලන්තයේ කතා බහක් තියනවා. ඒකට කියන්නේ බ්‍රෙක්සිට් කියලා. ඔහු කියනවා බ්‍රෙක්සිට් ක‍්‍රියාත්මක වුණාට පස්සේ ලංකාවේ ප‍්‍රශ්න වලට අතගහන්න තවත් පහසුකම් ඇතිවෙනවා කියලා. ඔහු කතාව අවසන් කරන්නේත් නන්රි කියලා දෙමළ බසින් ස්තුතියි කියලා. ඔහු එංගන්තයේ අගමැතිකමට ද පත්වුණේ ලංකාවේ අගමැතිකමට ද කියලා ඔහුගේ කතාව ඇහුවාම අපට හිතෙන්නේ.

 

ලංකාවේ ප‍්‍රශ්නය ගැන බොරිස් ජොන්සන් මහත්තයාට මේ තරම් තියන කැක්කුම මොකක්ද කියලා අපිට ප‍්‍රශ්නයක් තියනවා.  තවමත් ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍යයේ කොලනියක්, යටත් විජිතයක් කියලා එක අතකින් ඔහු හිතාගෙන ඉන්නවාද දන්නේ නෑ. අනෙක් කාරණය තමයි ද්‍රවිඩ පිරිසත් එක්ක ඇතිවෙලා තියන සම්බන්ධතාව.

විකීපීඩියා මාධ්‍ය තොරතුරු අනුව එංගලන්තයේ දෙමළ කතාකරන ජනතාව 1% ක් වත් නෑ. 0.02% ක් වගේ ප‍්‍රමාණයක් තමයි වාර්තා වෙන්නේ. සිංහල කතා කරන, සිංහල සම්බවයක් ඇති ඇත්තෝ ඔයිට වඩා විශාල පිරිසක් එංගලන්තයේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ශ‍්‍රී ලාංකික සම්භවයක් ඇති මුස්ලිම් ජනතාවත් විශාල පිරිසක් ඉන්නවා. මේ විශාල පිරිස අතර දෙමළ ජනතාවට ප‍්‍රමුඛස්ථානයක් දුන්නේ ඇයි.

ශ‍්‍රී ලංකාව දෙකඩ කරන්න පෝර සපයන දෙමළ ඩයස්පෝරාව මේ පිටුපස ඉන්නවා කියලා අපට සැකයක් මතුවෙනවා. එහෙම නම් බොරිස් ජොන්සන් මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරයට දෙමළ ඩයස්පෝරාවෙන් උදව් ලැබුණ ද? දෙමළ ඩයස් පෝරාව කෝටි ගණනින් සල්ලි වියදම් කළා ද? කියලා අපට සාධාරණ සැකයක් ඇති වෙනවා. ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජය කරන්න කටයුතු කළාට එහි අලගිය,මුලගිය තැන් විනාශ කරන්න පාලකයෝ ක‍්‍රියා කළේ නෑ. ඒක තමයි අපේ පාලකයෝ කරගත්ත මෝඩකම.

විශේෂයෙන් මේ ත‍්‍රස්තවාදය යළිත් අවුලවන්න විග්නේශ්වරන් වැනි මෝහ මූලික දේශපාලනඥයින් දේශීය වශයෙන් කැස කවද්දී විශාල වශයෙන් දෙමළ ඩයස්පෝරාව ක‍්‍රියාත්මක් වෙනවා. එදා කොල්ලකා ගත්තු සල්ලි රත්ත‍්‍රං නැව් ගණනින් කෝටි ගණනින් තියනවා කියලයි අපිට ලැබෙන තොරතුරු. හැබැයි ඉතිං අපේ දේශපාලනඥයෝ තමයි අපිට කිව්වේ මේවගේ විශාල ව්‍යාපර තිබුණා කියලා. කෙසේ වෙතත් අති මහත් ධනස්කන්ධයක් දෙමළ ඩයස් පෝරාව සතුව තියනවා කියන එක පැහැදිලියි.

දෙමළ ඩයස් පෝරාව ජොන්සන් මහත්තයාගේ මැතිවරණ ව්‍යාපාරයට වියදම් කළා නම් ඔහුට දෙමළ ඩයස්පෝරාවේ ත‍්‍රස්තවාදී ඉල්ලීම් ඉටු කරන්න වෙනවා. මේක බරපතල කරුණක්. ඒ නිසා අපි ජනාධිපතිතුමාට මතක් කරනවා ජොන්සන් මහත්තයාගේ මේ ක‍්‍රියාවට එරෙහිව ක‍්‍රියාත්මක විය යුතුයි.

එංගලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය,ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය මේවාට ගත්ත පියවර මොකක්ද?.මේ සඳහා කඩිනමින් ප‍්‍රතිචාර අවශ්‍යයි. ඒ නිසා ශ‍්‍රීලංකාව වහාම පොදුරාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් විය යුතුයි. පොදු රාජ්‍ය මණ්ඩලය කියන්නේ කැඩී බිඳීයන්නට යන එංගලන්තය එසේ නොවන්නට ඉඩනොදී පවත්වාගෙන යන්නට හදන සංවිධානයක් මිස වෙන මොකවත් නෙවෙයි.

පැවති යටත් විජිතවාදය පවත්වාගෙන යන්න ගන්න අසාර්ථක උත්සාහයකට තමයි පොදුරාජ්‍ය මණ්ඩලය කියන්නේ. දැන්වත් අපි මේ උත්සාහය ව්‍යවර්ථ කළ යුතුයි. ලංකාව එංගන්තයේ යටත් විජිතයක් කියල ජොන්සන් මහත්තයා හිතනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. ශ‍්‍රීලංකාව යනු ස්වෛරී රාජ්‍යයක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එංගන්තයට තියන අයිතියමයි ශ‍්‍රී ලංකාවටත් තියෙන්නේ.

ඒ නිසා ජොන්සන් මහත්තයාගේ මේ ප‍්‍රකාශය තරයේ හෙළා දැකිය යුතුයි. පොදු රාජ්‍ය මණ්ඩල සාමාජිකත්වයෙන් වහා ඉල්ලා අස්විය යුතුයි. ජොන්සන් මහත්තයාගේ ක‍්‍රියා කලාපය ජාත්‍යන්තරයට කියා පෑ යුතුයි. එහෙම කියාපාලා මොහුගේ මේ මෝහ මුලික දුර්ධාන්ත, අදූරදර්ශී වැඩපිළිවෙළ වෙනස් වෙන්න  ඕනෑ. දෙමළ ඩයස්පෝරාවට උවමනා විදියට බොරිස් ජොන්සන් මහතා ක‍්‍රියා නොකළ යුතුයි. ඔබේ දේශපාලනය එංගලන්තයේ කරන්න. ඔබේ දේශපාන ව්‍යාප්තිය ශ‍්‍රී ලංකාවට යොමු කරන්න එපා.

 

බොරිස් ජොන්සන් මහතා මේ කරගෙන යන්නේ දේශපාලන උප්පරවැට්ටියක්ද, උපක‍්‍රමශීලී වැඩපිළිවෙළක්ද, ශ‍්‍රීලංකාවේ ත‍්‍රස්තවාදය යළි ව්‍යාප්ත කරන්න කටයුතු කරන දෙමළ ඩයස්පෝරාවේ කලූ සල්ලිවලට යට වෙලාද? මොකක්ද මේ දෙගොල්ල අතර තියන සම්බන්ධය කියලා පරීක්‍ෂණයක් කරන්න කියල එංගලන්ත මහාරාජිණියගෙන් සහ එංගන්ත රජයෙන් අපි ඉල්ලා සිටිනවා. අලූත් අගමැතිතුමාගේ මේ මැදිහත්වීම දෙමළ ඩයස්පෝරාවේ උවමනාව මත නෙමෙයිද කියලා අපිට සැකයක් ඇති වෙලා තියනවා.

තීනියාවල පාලිත හිමියන් පසුගියදා කියලා තිබුණා සජිත් පේ‍්‍රමදාස මහත්තයා මේ දිනවල ඉන්නේ ඔහුට ජනාධිපතිවරණයට වියදම් වූ කෝටි 27 ගෙවාගන්න බැරුව ඉන්නේ කියලා. ජනාධිපති අපේක්‍ෂකයෙක් මැතිවරණයට වියදම් කරන තමන්ගේ මුදල්, යාළුවන්ගේ මුදල් වෙනත් ආකාරයකින් ලබාගන්නා මුදල් ජනාධිපතිවුණාම ගෙවනවා කියන ඒක ප‍්‍රශ්නයක් නෙවෙයි කියන වැදගත් පණිවිඩය තමයි මේයින් අදහස් වෙන්නේ.

එතුමාගේ අවාසනවාට තනතුර ලැබුණේ නෑ. ඒ හින්දා මේ ණය ගෙවන්නේ කොහොමද කියලා දුකින් එතුමා ඉන්නවා. ජයග‍්‍රහණය කරපු පැත්තත් මේ හා සමානව හෝ මීටත් වඩා සල්ලි වියදම් කරන්න ඇති කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. කොහෙන් කවුරු වියදම් කළත් නැවත මේ සල්ලි නැවත උපයා ගන්නේ කොහොම ද කියන එක තමයි තියන ප‍්‍රශ්නය.

පවතින නිතිමය රාමුව තුළ පෞද්ගලිකව එවන් ධනස්කන්ධයක් උපයා ගැනීමට හැකියාවක් නෑ. එහෙමනම් නීතිවිරෝධී ලෙස මේ ධනය උපයන්න  ඕනෑ. මහා භාණ්ඩාගාරය හරහා පොදු මහජනතාවගේ බදු මුදලින් අවිචාරවත් ආකාරයෙන් මේ මුදල උපයාගන්න  ඕනෑ. සමහර විට මේ මුදල් උපයාගන්න කුඩු ව්‍යාපාර කරන්න පුළුවන්. ඇතැම් වෙලාවට කුඩු ව්‍යාපාරිකයන්ට සහයෝගය දෙන්න පුළුවන්. සල්ලි හොරට අච්චු ගැසීම, භාණ්ඩ හොරට ආනයනය, අපනයනය කන්න දෙන්න පුළුවන්. මේ කෝටි විසිහත තුළ නීතිවිරෝධි කලූ සල්ලි අනන්තවත් ඇති. ජනාධිපතිවරයා වීමෙන් පසු මේ කලූ සල්ලි සුදුකරන්න ක‍්‍රමයක් ඇතිකරන නිසා වෙන්න  ඕනෑ මෙවන් මුදල් දෙන්නේ.

ඒ එක්කම සැකයක් මතුවෙනවා මේ තරම් මුදලක් වැය කරන ඇත්තෝ බලය ලැබුනම නීති විරෝධී ක‍්‍රියාවලට පෙළඹෙනවා කියලා. දැන් ගල්,වැලි,පස් ප‍්‍රවාහනයට බලපත් අවශ්‍ය නෑ. ඒවා හොරෙන් කපන අය අහුවුණේ ප‍්‍රවාහනයේ දී ඒකට බලපත්‍ර නැති කළේ ඒ අය මැතිවරණයට උදව් කළ නිසා කියලා කතාවක් දැන් පැතිර යනවා. සජිත් පේ‍්‍රමදාස මහත්තයත් මේ අත දිග හැරලා වියදම් කරවා ගත්තේ දිනුවොත් එවැනි අයට සහන දෙනවා කියලා පොරොන්දුව ද කියලත් දැන් සැකයක් තියනවා.

මේ කාරණාව උදාහරණයට අරගෙන අපි මැතිවරණ කොමිසමේ සභාපතිට කියනවා ජනාධිපතිවරණයක දී  ඕනෑම අපේක්‍ෂකයකුට වියදම් කළ හැකි මුදලට සීමා පනවන්න කියලා. එය පුද්ගලයාට,සමාජයට ඔරොත්තු දෙන සීමාවක් විය යුතුයි. එහෙම නොවුණොත් මේ මැතිවරණයට ඉදිරිපත් වෙන සෑම කෙනෙක්ම හොරකමට පෙළඹෙනවා.



අදහස් (17)

‘පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වෙන්න ඕනෑ’

නිමල් Canada Tuesday, 17 December 2019 02:28 PM

ඔබ වහන්සේ පටලවාගෙන. ඒක පදවි ප්‍රාප්තිය වෙනුවෙන් කළ කතාවක් නොවේ. අනික එතුමා අපේ නායකයා වගේ ඡන්දදායකයන් වෙන් කරලා කතා කරලා නෑ.

:       0       0

sudath Tuesday, 17 December 2019 05:10 PM

කලබල වෙන්න එපා හාමුදුරුවනේ. එයාල සුද්දව මෙහෙදිත් ඇන්දුවා එහෙදිත් ඇඳගෙන යනවා. ළඟදීම එංගලන්තේ ප්‍රන්තයකුත් ඉල්ලයි.

:       0       0

සාගර Tuesday, 17 December 2019 05:41 PM

මොකවත් නෙමෙයි එහි ඉන්න සිංහල අයගේ එකමුතුවක් නෑ...

:       0       0

ලුම්බිණි Tuesday, 17 December 2019 11:35 PM

අගමැති බොරිස් ජොන්සන් මහතාගේ ප‍්‍රකාශයට විරෝධය පල කිරීමට පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් වීම සුදුසු දෙයක් නොවෙයි.

:       0       0

Nishan Wednesday, 18 December 2019 02:15 AM

ලංකාව තවත් හුදකලා කරන්නයි හදන්නේ. ලෝකේ තියෙන්නේ ලංකාව ඇතුලේ කියලා හිතන අයත් එක්ක 21ක් වෙනි සියවසේ ඉදිරියට යාමක් නැහැ.

:       188       163

AmaraWednesday, 18 December 2019 10:45 AM

බ්‍රිතාන්‍ය හුදකලා වීම අවුලක් නැද්ද ?

:       0       0

රජින්ද Wednesday, 18 December 2019 02:24 AM

ඉතාමත් වැදගත් කතාවක්. ඒ.ජා. සංගමයෙන් ඉවත්වීමට පළමුව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට මුල් පියවර ගතයුතුයි.

:       80       119

judeWednesday, 18 December 2019 09:53 AM

එජා සංගමයෙන් ඉවත්වුනොත් ..වැඩිම වුනොත් මස 3 ක් අල්ලාගෙන් ඉඳීවි. ඊට පස්සේ කන්න නැතිව, බෙහෙත් නැතිව, ආයුධ නැතිව. සන්නිවේදනය නැතිව. අන්තිමට බලවත් රටක් අපිව ආක්‍රමණය කරලා අල්ලා ගනීවි. කිසිම රටක් අපිව බේරා ගන්න එන්නේ නැහැ.

:       0       0

lalithm Wednesday, 18 December 2019 02:29 AM

රට පාලනය ජනපති ප්‍රමුඛ රජයට ඉඩ දීල දැන් පැත්තකට වෙමු නේද අවසර!!!. ලෝකයෙන් වෙන්වෙලා ජීවත් වෙන්න සඟරුවනට හැකිවුනාට ගිහි අපිට(පොදු ජනයට) තාම හයියක් නැහැ. අපේ රටේ බැරිනම් වැලිකතරේ හරි ගිහින් බැල මෙහෙවර කරලා හරි යැපෙන්නන් පෝෂණය කරන්න ඕනේ.අපි කව්රුත් තාම රැකෙන්නේ මැද පෙරදිග සහ තව රටවල බැල මෙහෙ කරන අපේ සහෝදර සහෝදරියන් උපයන ඩොලරයෙන්.

:       296       211

silva Wednesday, 18 December 2019 04:17 AM

මෙයාලගේ මොලෙන් වැඩක් ගත්තනම් මේරට දැන් සුරපුරයක් ... එල එල අපේ හාමුදුරුවනේ ..

:       46       76

Asanka Wednesday, 18 December 2019 05:15 AM

මේ කියල තියෙන්නේ සහතික ඇත්ත හාමුදුරුවනේ , ඔබ වහන්සේට කොපමණ බැනල අදහස් දැම්මත් ඩිස්ලයික් දැම්මත් මේ කතාවේ සත්‍යතාවය යටපත් වෙන්නේ නැහැ

:       149       283

vidya Wednesday, 18 December 2019 07:09 AM

ඔබ වහන්සේ කියන කතාවේ යම්කිසි සත්‍යයක් තියනවා. අපේ හමුදුරුවනේ යුද්ධය දිනුවට පස්සේ පිට රටවල තානාපති තනතුරුවලට පත්කළේ යාලුවන් සහ නෑදෑයින්. බොහොමයක් අයට විදේශ සම්බන්ධතා පිළිබඳ තිබුණු දැනුම මදි. සමහරුන්ට වංචා පිළිබඳව නඩු... එමනිසා ත්‍රස්තවාදී අධාරකරුවන් පෝෂණය වෙලා එම රටවල නිදහස පාවිච්චි කරමින් ඔවුන්ගේ වැඩ සටහන් ඔවුන්ට ඕනෑ විදිහට කළා. දැන්වත් ගෝඨාභය මහතා විද්වතුන් පිටරටවලට සේවයට යවා එම රටවල ජීවත්වන ලාංකිකයන් සමග කිට්ටු සම්බන්ධකම් ඇති කරගෙන කටයුතු කරාවි කියල මා සිතනවා. ස්වාමීන් වහන්ස අපි තවම ජාත්‍යන්තරයේ හිඟන්නන්... එක එක රටවල අාධාර එනකම් බලාගෙන ඉන්නකම් මේ උගුලෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නැහැ...

:       0       0

kumara Wednesday, 18 December 2019 08:43 AM

හුරේ අපි එක්සත් ජාතීන්ගේ සංගමයෙන් ඉවත් වෙමු. ඊට පස්සේ අපි අලුතෙන් එකක් පටන් ගමු. එකේ ලේකම් තනතුරට කවද දාන්නේ කියලා ෆේස්බුක් එකේ රණ්ඩු වෙමු.

:       0       0

Rasika Wednesday, 18 December 2019 08:52 AM

අයියෝ මේ පරණ කතාවක්.... දැන් අදින්නේ මොකක්ද?

:       0       0

Rasika Wednesday, 18 December 2019 09:04 AM

දෙමළ ප්‍රජාව කියලා මිසක් ලාංකික දෙමළ කියලා නැහැනේ. ලාංකික දෙමළ අය වගේ කිහිප ගුණයක් ඉන්දියන් දෙමළ අය ඒ රටේ ඉන්නවා. අහක යන තොප්පි දාගන්නේ මොකටද?

:       0       0

Ravindra Hallinnage Wednesday, 18 December 2019 12:04 PM

හොයන්ඩ ඕනේ අපේ රටේ වගේ අත යටින් සල්ලි අරන්ද දිනන්නේ කියලා, රවින්ද්‍ර.

:       0       0

Mahee Wednesday, 18 December 2019 12:14 PM

ඉස්ස විජේවීර කිව්ව වචනයක් බොහොම ප්‍රසිද්ධ වුනා. "මනෝ මුල නිගමනය". ඔබ වහන්සේගේ අදහස් වටිනවා වුනත් ඔය යෝජනා කරන මනෝමුල නිගමනවලට බහින්න අමාරුයි අද කාලේ. පොදු රාජ්‍ය මණ්ඩලයෙන් නම් අයින් වුනාට කමක් නැහැ. එක්සත් ජාතීන්ගේනුත් අයින වෙන්න තිබුන අපිත් ඇමෙරිකාව වගේ බලසම්පන්න වුනා නම්. ලෝකෙටම ණයවෙලා ඉන්න අපි එක සුමානෙකට ආධාර නැවතුනොත් එදා වෙලා කන්නේ කොහොමද කියලා හිතන ජාතියක්. ඉතින් කොහොමද ලෝකෙම තරහ කරගන්නෙ?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 702 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 131 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 912 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 945 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1280 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1154 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site