IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොදු පෙරමුණේ හොරණ ආසන බලමණ්ඩලය රත්වෙයි

(මොරගහහේන - කේ බුද්ධික කුමාරසිරි)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ හොරණ ආසන බල මණ්ඩලය අද (03) පැවැති අවස්ථාවේදී කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විදුර වික්‍රමනායක මහතා විසින් එම බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා යෝජනා කිරීමත් සමග දැඩි උණුසුම් තත්වයක් ඇති විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යවස්ථාවට අනුව ආසන බල මණ්ඩලයේ සභාපතිවරයා නිල බලයෙන් ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා බවට පත් වෙන බැවින් විදුර වික්‍රමනායක මහතාගේ එම යෝජනාව සම්බන්ධයෙන් පළාත් පාලන මන්ත්‍රීවරුන් ඇතුළු ක්‍රියාකාරීන් සිය විරෝධතාවය පල කරන ලදී.
හොරණ මහරගම පාරේ උත්සව ශාලාවකදී මෙම ආසන බල මණ්ඩලය පැවැත්විණි.

අදාල බල මන්ඩල රැස්වීම ආරම්භ වූ අවස්ථාවේ සිටම ජනතාව අතර සිටි මන්ත්‍රිවරයා ප්‍රථමයෙන්ම ආසන බල මණ්ඩලය අමතා එහි නිලධාරී මණ්ඩලය පත් කර ගන්නා ලෙස දැනුම් දෙන ලදී. එහිදී නව ආසන බල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක රණතුංග මහතා යෝජනා කරන බව විදුර වික්‍රමනායක මහතා පැවසූ අතර එම යෝජනාව සභ සම්මත විය.  

පසුව නැවතත් ක්‍රියාකාරීන් ඇමතූ මන්ත්‍රිවරයා විසින් ආසන බල මණ්ඩල සභාපතිවරයා නිල බලයෙන් ආසනයේ සංවිධායකවරයා ද වන බැවින් ඔහුට සුබ පතන බව පවසමින් වේදිකාවෙන් බැස යාමත් සමග එම ස්ථානයට සහභාගී වී සිටි පලාත් පාලන මන්ත්‍රීවරුන් සහ ක්‍රියාකාරීන් ප්‍රධාන සංවිධායකවරයා ලෙස විදුර වික්‍රමනායක මහතා පත් විය යුතු බව පවසමින් ඝෝෂා කරන්නට විය.

ඒ අනුව නැවතත් සභාව ඇමතූ විදුර වික්‍රමනායක මහතා පැවසූවේ අශ්වයා නාවන්නට ගඟ ළඟට ඇදගෙන ගිය හැකි මුත් ජලය පොවන්නට ඔබලාට නොහැකි බැවින් මේ අවස්ථාවේ තමන්ට එම ධූරය භාර ගත නොහැකි බැවින් අදාල තීරණයට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව පිරිස විසිර යාමට කටයුතු සිදු විය.



අදහස් (20)

පොදු පෙරමුණේ හොරණ ආසන බලමණ්ඩලය රත්වෙයි

කසුන් Saturday, 03 August 2019 11:24 AM

යූ.ඇන්.පී එකේ විස්තර ඔයාලා කිව්වේ නෑනේ... පොහොට්ටුවට නම් අල්ලනවා නේ...

:       81       155

dilal Saturday, 03 August 2019 11:44 AM

කොට්ඨාශ මට්ටමින් ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ නිසා ජනප්‍රිය පුද්ගලයා සභාපතිකමට තෝරාගත්තාද කියා දැනගන්න බැහැ නේද?

:       0       9

jayantha Saturday, 03 August 2019 11:49 AM

අනේ අම්මේ මෙහෙමත් හරක් ඉන්න රටක්....

:       45       83

Demuni de silva Saturday, 03 August 2019 01:14 PM

ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි වගේ කෙනෙක් හොරණට ඕනෑ.

:       3       12

jinasiri Saturday, 03 August 2019 01:53 PM

පොදු පෙරමුණ මේ රත්වෙන්න පටන් ගත්තා විතරයි. හොඳ හොඳ සෙල්ලම් තව පස්සේ බලමු...

:       15       327

Bishan Saturday, 03 August 2019 02:07 PM

රත් වෙනවා කියන්නෙ ඕකටද?

:       5       48

Rahul Saturday, 03 August 2019 02:15 PM

මේ පාක්ෂිකයින්ගේ තීරණයක් නෙවෙයි. විදුරගේ තනි තීරණයක් වගේ. ඔහු වැට උඩ ඉඳලා පොහොට්ටුවට ආවේ. ඒ නිසා පාක්ෂිකයෝ හොඳට හිතන්න. හොරණින් පොහොට්ටුව හලන ගේමක් වෙන්න පුළුවනි...

:       128       116

sirimal Saturday, 03 August 2019 04:09 PM

මලත් අපි මහින්දට, මහින්ද කියන ඕනෑ දේකට අපි ඔට්ටුයි... අවසාන තීරණය තියෙන්නේ මහින්දගේ අතේ කියන පුදුමාකාර අන්ධ මතයක් දරන පිරිසක් වෙනස් කරන්න බැහැ මහත්තයා... ඔයාට තියෙන්නේ ගෙදරට වෙලා මොනවාහරි වෙන දෙයක් බලාගන්න.

:       215       450

WarnakulasuriyaSaturday, 03 August 2019 06:36 PM

සිරිමල් මහතාත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් නම් අන්ධ භක්තිකයෙක් වෙන්නට පුළුවනි. නිතරම හොරු රජ කරන්නේ බහුතරයක් වන මේ භක්තිවන්තයන් නිසා බවට නිතරම පෙනෙන්නට ඇත...

:       11       0

RamaniSunday, 04 August 2019 02:54 AM

අපේ ගොනා අපිට හොඳයි කියකියා කරත්තවල නැගලා තලතා දේවිලා කෑගහගහා ගියෙත් රනිල් මහත්තයාට තිබෙන අන්ධ භක්තිය නිසයි. ගොඩක් දේශපාලන පක්ෂ දුවන්නේ නායකයා කෙරෙහි පොදු සාමාජිකයන්ගේ ඇති ආකර්ෂණය නිසා... එය දේශපාලන සහ සමාජ විද්‍යාව යන විෂයයන්ගේ පොදු න්‍යායක්. ඒ ආකර්ෂණය අඩුකම නිසා තමයි අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිරවෙලා ඉන්නේ...

:       0       1

යාපා Saturday, 03 August 2019 05:57 PM

මේ රට හදාගෙන ආවා. එ්ක කෑවා.. මේ කාලකන්නි ආණ්ඩුව ගෙදර යවා ඉක්මණටම මේ රට දියුණු කළ මහින්ද රාජපක්ෂ අගමැති විය යුතුමයි.

:       60       121

නොකවුට් Saturday, 03 August 2019 06:23 PM

දැන් ආසන සංවිධායක ධුරය ගත්තොත් මන්ත්‍රී ධුරය ඉබේම නැතිවෙනවා.

:       0       1

Lal Saturday, 03 August 2019 07:02 PM

රනිල් වගේ එක්කෙනෙක් තමයි හොරණට හරියන්නේ.

:       1       0

janith Saturday, 03 August 2019 10:56 PM

තැටිය රත්වෙලා නම් රොටිය ඉක්මණින් පුච්චගන්න. නැත්තම් යූ.එන්.පී. යෙන් ඇවිත් රොටිය පුච්චා ගනීවි...

:       0       1

සෑම් Sunday, 04 August 2019 12:18 AM

විදුර, ඔබ කළුතර දිස්ත්‍රික්කයෙන් නාගානන්ද දිනවන්න සහාය වෙන්න. කවදා හෝ ලංකාව දිනවන්න තියන එකම වැඩපිළිවෙල නාගානන්ද මහතා සහ ඔහු සමග සිටින පිරිස කරන විප්ලවයයි. ජයවේවා...!!!

:       35       29

Kawi Sunday, 04 August 2019 03:26 AM

මේ රණ්ඩු වෙන්නේ අහිංසක ජනතාව වෙනුවෙන්නේ කියලා හිතනකොට වාවන්නේ නැහැ.

:       0       40

senevi Sunday, 04 August 2019 05:00 AM

මෙතුමා මගහරිනවා වගේ පොහොට්ටුවට කරගහන එක. මෙතුමා හොඳ කෙනෙක්. අදහස් හිතට එකඟව කියනවා. මෙතුමා පොහොට්ටු පක්ෂයයට ගැලපෙන්නේ නැහැ. මෙතුමාට පුළුවන්ද රෝහිත අබේගුණවර්ධන එක්ක්‍..., ගෝඨා එක්ක එකට හිටගන්න..

:       0       19

senevi Sunday, 04 August 2019 05:00 AM

මෙතුමා මගහරිනවා වගේ පොහොට්ටුවට කරගහන එක. මෙතුමා හොඳ කෙනෙක්... අදහස් හිතට එකඟව කියනවා. මෙතුමා පොහොට්ටු පක්ෂයට ගැලපෙන්නේ නැහැ. මෙතුමට පුළුවන්ද රෝහිත අබේගුණවර්ධන එක්ක.., ගෝඨා එක්ක එකට හිටගන්න.

:       0       11

Lion Sunday, 04 August 2019 07:32 AM

අප්පිරියයි.. අවුරුදු 70ක් මේ විගඩම් දැකලා. අපි නට්ටන් වුණා 225ක් හැදුණා. දැන් ඇති අපි කස්ටිය හොඳට අඳුනනවා.

:       0       2

Savant Monday, 05 August 2019 03:38 AM

විදුරගේ පියා චන්ද්‍රිකා මැඩම්ගේ බලකණුවක්. මේගොල්ලන් පොහොට්ටුවට හිත වෙන්න බැහැ. පවුලේ සටන් පාඨය සංහිඳියාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 0 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 154 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 34 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 15 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 56 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 488 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site