IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පුතා-මව ඝාතනය කළ අයෙකුට 17 වසරකට පසු මරණ දඬුවම

(ටෝනි කරුණානායක)

නිට්ටබුව අත්තනගල්ල පාරේ පදිංචිව සිටි 30 හැවිරිදි  මවක් සහ ඇයගේ සිව් හැවිරිදි පුතුව ගෙල සිර කර ඝාතනය කිරිමේ චෝදනාවට වරදකරු වු විත්තිකරුට වසර 17 කට පසු මරණීය දණ්ඩනය ගම්පහ පුර්වගාමි මහාධිකරණ විනිසුරු ප්‍රශාන්ත ද සිල්වා මහතා අද (16) නියම කළේය .

උල්පතගම ඉන්ද්‍රසාර නමින් 1990 සිට 1994 දක්වා චිවරධාරියකු ලෙස නිට්ටබුව ප්‍රදේශයේ ඇති පිරිවෙනක වාසය  කර ඇති විත්තිකරු පැවිදි දිවිය අවසන් කර 1994 දී පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී පොලිස් කොස්තාපල් (35130) අංක යටතේ 1997 වර්සය දක්වා පොලිස් 
දෙපාර්තමේන්තුවේ සේවය කර ඉන් ඉවත්ව සංචාරක වෙළෙන්දෙකු ලෙස කටයුතු කල පි.එම්.මැදගෙදර නවරත්න බංඩා (45) නැමැති විත්තිකරුට මෙසේ මරණ දඩුවම නියම කෙරුණි .

විත්තිකරු හසලක උල්පතගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

ඉන්ද්‍රනි වේලාරත්න නැමැති එවකට 30 හැවිරිදි එක් දරු මවව සහ ඇයගේ එවකට සිව් හැවිරිදි පිරිමි දරුවා වු චරිත සපුමල් වේලාරත්න නැමැති දරුවා ව ව්ත්තිකරු විසින් ඝාතනය කර ඇත්තේ නිවසේ තිබූ රන් ආභරණ සහ දේපොළ මංකොල්ලකෑම සදහා බවට මහාධිකරණ යෙදී අනාවරණය විය .

2003   වර්ෂයේ මැයි මස 05 වෙනිදා හෝ ඊට ආසන්න දිනයක දී එම ඝාතන දෙක සිදු කර තිබූ බවට මහාධිකරණයේදී අනාවරණය වු අතර විත්තිකරු ඝාතන සහ මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ අයෙකු බව ටද මහාධිකරණ යේදී වැඩිදුරටත් සදහන් විය.
 



අදහස් (6)

පුතා-මව ඝාතනය කළ අයෙකුට 17 වසරකට පසු මරණ දඬුවම

Dammi Tuesday, 16 June 2020 02:37 PM

ලෝකයේ කාර්යක්ෂමම අධිකරණය....

:       0       299

Siva Tuesday, 16 June 2020 02:52 PM

"එක රටක් එක නීතියක්" තුනෙන් දෙක ගන්නකන් ඕක කරගන්න බැරි වෙයිද අපිට? ඩිෆෙන්ඩර් වලින් පොලිසියේ අය හප්පලා මරණ දේශපාලන සුරතලුන්ටත් එක ලෙසටම නීතිය ක්‍රියාත්මක වෙන විදියට...

:       186       351

Nihal Tuesday, 16 June 2020 04:54 PM

බලාගෙන මේ වගේ පුවත් ප්‍රචාරය වුණාම පිට රටවලින් ඇවිත් සම්මාන දෙයි.

:       0       1

saman Tuesday, 16 June 2020 11:04 PM

17 වසරකට පසු මරණ දඬුවම දිලා මොකටද? මේ දක්වා පැවති සෑම රජයක්ම මෙයට වගකිවයුතුයි. අබ ඇටයක් විතර රටේ අධිකරණය කාර්යක්ෂම කරන්න ක්‍රමවේදයක් හදන්නේ නැතැව කතා කරකර තර්ක කර කර ඉන්නවා හැම රජයම. මේවා පහසුවෙන් හදන්න පුළුවන් තැන්. ඇයි කරන්නේ නැත්තේ? තමන්ට එච්චර වාසියක් නැති නිසා.

:       1       1

sharm warn Wednesday, 17 June 2020 03:09 AM

මේක හරිම සාමාන්‍ය තත්වයක් වෙලා.ස්ත්‍රී දූෂණ වල තත්වය මීට වඩා අන්තයි.

:       0       2

අබරන් ආතා Wednesday, 17 June 2020 04:26 AM

අතිගරු ජනාධිපතිතුමනි, ලංකාවෙන්ම අකාර්යක්ෂම, අපේ අර රන්ජන් කොලුවාගේ බහටත් නැටවෙන, රටේ අපි වගේ පොඩි අයගේ කිසිම විශ්වාසයකට ගන්න බැරි අධිකරණය ඔපදමලා ගන්නට යොමු වුනොත් ලොකු පිනක්. ඇයි බොලව් 2003 මරපු කෙනෙකුගේ තීන්දුව දැන් දෙන්න අපේ අධිකරණයට අවුරුදු 17ක් කොරෝනා හැදිලා තිබුණද? ඒ මැරුම් කාපු නෝනා අද හිටියා නම් අවුරුදු 47ක මහ කාන්තාවක් නොවැ..., ඒ දරුවා අද හිටියා නම් අවුරුදු 21ක යස අපූරු කොලුගැටයෙක් නොවැ..., කොටින්ම ඒ මිනීමරපු එකා අද අවුරුදු 45 ක නාකියෙක් නොවැ...

:       0       41

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 169 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 457 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1153 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1423 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 459 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 213 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site