(*** රංජන් කස්තුරි)
පාර්ලිමේන්තු මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්‍ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම් විභාග නිමවන තෙක් මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීන්දු කළේය. මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ඊයේ පෙරවරුවේ පැවැති අතර එහිදී මැතිවරණ කොමිෂන් සභාව එම තීන්දුවට එළැඹී ඇතැයි වාර්තාවේ.
මහ මැතිවරණයේ ඡන්ද විමසීම ජුනි මස 20 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිසම මීට පෙර තීන්දු කළ නමුත් ඊට අදාළ මනාප අංක හා අපේක්ෂකයන්ගේ නම් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම කල් දැමීය.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ රැස්වී මනාප අංක ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට අදාළ තීන්දුව ගැනීමට නියමිතව තිබුණද කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ සාමාජිකයන් අතර පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසුව එම ගැසට්ටුව ප්‍රකාශයට පත් කිරීම යළිත් වරක් කල් දමා තිබේ.
මහ මැතිවරණය ජුනි මස 20 වැනි දින පැවැත්වීමට නම් මේ මස 15 වැනි දිනට පෙර මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම අත්‍යවශ්‍යයෙන්ම සිදුවිය යුතු අතර එය නිකුත් නොකිරීම නිසා ජුනි මස 20 වැනි දින ඡන්ද විමසීම පැවැත්වීමේ නීතිමය අවකාශය ඇහිරී ඇතැයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් කීය. ඒ අනුව මහ මැතිවරණයේ ඡන්ද විමසීම තව දුරටත් දින නියමයක් නොමැතිව කල්ගොස් තිබේ.
මැතිවරණ කොමිසමේ ඊයේ පැවැති රැස්වීමට මනාප අංක සහිත ගැසට් නිවේදනය නිකුත් කළ යුතු බවට පත්‍රිකාවක්ද ඉදිරිපත් කර ඇතැයිද එම පත්‍රිකාවට කොමිසමේ සාමාජිකයන් එකඟවූයේ නම් ඊයේ මධ්‍යම රාත්‍රියේදී මනාප අංක සහිත අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සැලසුම් කර තිබූ බවද පැවසේ.
මේ අතර දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ගේ රැස්වීමක්ද ඊයේ පස්වරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී පැවැති අතර එහිදී ආණ්‍ඩු පක්ෂය හැර අනෙකුත් දේශපාලන පක්ෂවල නියෝජිතයන් අධිකරණ තීන්දුවෙන් පසුව මනාප අංක ගැසට් නිවේදනය නිකුත් කිරීමට එකඟතාවය පළ කර තිබේ.
ආණ්‍ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ නියෝජිතයන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ මනාප අංක සහිත අති විශේෂ ගැසට් නිවේදනය ඉක්මනින් නිකුත් කළ යුතු බවය.
එහෙත් කොමිෂන් සභාව ආණ්ඩු පක්ෂයේ යෝජනාවට ප්‍රතිචාරයක් දක්වා නැතැයිද වාර්තාවේ.
චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස
2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.
පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය
අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.
අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු
සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පෙත්සම් විභාග නිමවනතුරු මනාප අංක ගැසට්ටුව නෑ
Don Wednesday, 13 May 2020 11:55 AM
අප්‍රේල් 20දා මැතිවරණයට දිනය ප්‍රකාශයට පත්කරනවිට රටේ COVID-19 රෝගීන් ගණන 268, දැන් 891 යි. සති 3යි දවස් 2 යි, 623 කින් වැඩිවීම පාලනය සාර්ථකද? පරීක්ෂා කිරීමත් අධි වේගයෙන් සිදුවෙනවාද? මැතිවරණයක් පැවැත්වුවහොත් රට ඉතිරිවේද?