IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාතාල සාමාජිකයකුට ජීව උණ්ඩ දුන්නැයි මේජර්වරයෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

(උපාලි ආනන්ද)


ස්වයංක‍්‍රීය ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ තුන් දහසක්  පාතාල ක්‍රියාකාරිකයකුට ලබා දුන්නැයි  සැක පිට  පදවිය වෙහෙරතැන්න ප‍්‍රදේශයේ යුද හමුදා කඳවුරක අණ දෙන නිලධාරිවරයෙකු ලෙස රාජකාරි කරන යුද හමුදා මේජර්වරයකු සහ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි සියඹලාණ්ඩුව පොලීසිය පවසයි.


මේජර්වරයාගේ  රියදුරා ලෙස රාජකාරි කරන කෝප‍්‍රල්වරයෙකු සහ සහයකයා ලෙස රාජකාරි  කරන යුද  හමුදා සෙබලෙකු මෙසේ අත්අඩංගුවට ගත් සෙසු සකකරුවෝය.


පසුගිය දිනකදී සියඔලාණ්ඩුව ප‍්‍රදේශයෙන්  ස්වයංක‍්‍රීය ගිනි අවි සඳහා යොදන උණ්ඩ තුන් දහසක් සොයාගත් අතර එහිදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයකුගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.


අත් අඩංගුවට ගැනුණු මේජර්වරයා සතුව තිබී සිම් කාඩ් පත් 13 ක් සහ ජංගම දුරකතන 5 ක් පොලිස් බාරයට ගෙන තිබේ.


මේ අතර මෙම මේජර්වරයා පරිහරණය කළ කැබ් රථයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.


මේ අතර මෙම යුද හමුදා මේජර්වරයාගේ බැංකු ගිණුම්වල රුපියල් ලක්ෂ අනූවකට අධික මුදලක් තැන්පත් කර ඇති බවටද පොලිසිය කරුණු අනාවරණය කර ගෙන  තිබේ.


 මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරන තවත් යුධ හමුදා කපිතාන්වරයෙකුද අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන අරඹා තිබේ.

 



අදහස් (2)

පාතාල සාමාජිකයකුට ජීව උණ්ඩ දුන්නැයි මේජර්වරයෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

Hafeel Thursday, 25 October 2018 10:12 AM

මේකටත් ජනාධිපති විශේෂ කැබිනට් හමුවක් කැඳවාවිද?

:       0       13

mike Thursday, 25 October 2018 01:15 PM

මුකුත් ලියන්න හිතුවා ඒත් ඕන නෑ කියලත් හිතුනා. රණවිරු ප්‍රශ්නය

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 317 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 36 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 10 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1733 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 344 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1595 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site