(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
තම පුතු විසින් එල්ල කළ පහරදීමකින් 54 වන වියේ පසුවන පියෙකු ඔවුන් පදිංචි නිවස තුළදීම ඊයේ (30) රාත්‍රි මිය ගොස් ඇති බව පල්ලම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ආඩිගම පෙරියමඩුව ප්‍රදේශයේ විසු මිරියාගම කංකානමලාගේ ධර්මසිරි (54) නමැති දෙදරු පියෙකි.
මෙම මරණ සම්බන්ධයෙන් ඔහුගේ 31 වන වියේ පසුවන පුතෙකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
සැකකාර පුතා මෙයට මාසයකට පමණ පෙර විවාහ ජිවිතයකට ඇතුළත්ව ඇති බවත් ඔවුන් සියළු දෙනාම එකම නිවසකට වාසය කර ඇති අතර ඊයේ (30) රාත්‍රි පිය පුතු අතර ඇති වු බහින්බස් වීමකින් අනතුරුව කෝපයට පත් පුතා තම ඉන බදින පටියකින් තම පියාට අමානුෂික ලෙසින් පහර දුන් අතර එම පහරවැදි බිම වැටුණ පියා එම ස්ථානයේදීම මිය ගොස් ඇතිබව පොලිස් පරික්ෂණවලදී හෙළි වු බවත් කියයි.
ආනමඩුව අධිකරණය මගින් සිදු කරණු ලබන මහේස්ත්‍රාත් පරික්ෂණයකින් පසු සිරුර පශ්චාත් වෛද්‍ය පරික්ෂණයක් සදහා අද (31) ගෙන යාමට පියවර ගෙන ඇති බවත් කියයි. ආනමඩුව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පුතුගේ පහරින් පියා මරුට
SOME AYIYA Saturday, 31 August 2019 05:30 AM
පුතේ නුඹේ පියා නේද ඒ?! ඔහු ඔබට වෙර නොකරනු ඇත. නමුත් ඔබට පින් මදි ඇති එවන් පියෙකු යලි ලබන්න .
lankasri Saturday, 31 August 2019 02:47 PM
ආනන්තරිය පාප කර්මයෙකි මේ පුතා මරණින් පසු අවීචි මහා නරකාදියේ කල්ප කාලාන්තරයක් දුක් විඳීම අනිවාර්ය වේ.
නීලා Saturday, 31 August 2019 10:42 PM
බණ දේශනා කරන්න ඉස්සෙල්ලා හොලය බලන්න ඇත්තටම මොකද වුනෙ කියල. පුතා ලගදි විවාහ වෙලා තියෙන්නෙ. තරුණ කාන්තාවක්. තුන්දෙනාම ඉන්නෙ එකම ගෙදර. අද සමහර තාතතල ඉන්නව තමන්ගෙ දුවත් දූෂණය කරන, මැරුවට නෙවෙයි හිටුවා පස් ගැහුවත් පවු නැති. ඉතින් මෙතන කොච්චර දේවල් වෙන්න පුළුවන්ද? ඒක නිසා ඔය අභිධර්ම පොත පෙරලගෙන ධර්ම දේශනාව පටන්ගන්න ඉස්සෙල්ලා ටිකක් හිතල බලන්න.
lankasriSunday, 01 September 2019 09:45 AM
නීලා මහත්මිය අපිට හොයාලා බලන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. සියලු දේ වෙන්නේ හේතු ඵල දහමට අනුව කියලා බුදුන් දේශනා කරලා තියෙනවා. ඒ නිසා තමයි අප සියලු දෙනා සද්ධර්මයේ හිත පිහිටුවා ගත යුත්තේ. කර්මය කර්ම ඵලය විශ්වාස කල යුත්තේ. මේ දරුවා මේ ටික දන්නවා නම් මංගල මුද්ද නොව ඒ පියා තමන්ගේ ගෙල සිදුවත් එය ඉවසා දරා සිටිනු ඇත. අපි එතැනටයි අපේ සිත හික්මවා ගත යුත්තේ.
nuwan Sunday, 01 September 2019 04:24 AM
මෙවැනි අපරාධ වලට මුල, නුගත් කමින් තමන්ගේ හිත පාලනය කර ගත නොහැකි වීමයි.
lankasriSunday, 01 September 2019 09:48 AM
සියලු දේ අනිත්‍යයයි දුකයි අනාත්මයි යන අවබෝධය ඇත්නම් මෙවැනි අපරාධ සිදු නොවෙනු ඇත. මෙයට උගත්කමට වඩා ඉහළ වූ ප්‍රඥාව අවශ්‍ය වේ.
lankasri Monday, 02 September 2019 12:41 AM
මා මෙහි සදහන් කලේ අනිච්චයි දුක්කයි අනත්තයි කියයි එයයි නිවැරදි බුද්ධ දේශනාව නමුත් අනිත්‍යයි දුකයි අනාත්මයි යනුවෙන් වැරදි ලෙස අර්තදක්වා ඇත.