IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පටු අරමුණු තියෙන විවේචකයන්ට උත්තර දෙන්න මම ලෑස්ති නෑ

(එෆ්.අස්ලම්)

පටු දේශපාලන අරමුණු සපුරාගැනීමේ අරමුණින් විවිධ පාර්ශව විවේචන හා අවලාද සිදුකරන බවත් එවන් පාර්ශවයන් හට   පිළිතුරු දීමේ කිසිදු අවශ්‍යතාවක් දෙමළ ජාතික සන්ධානයට නැති බවත් එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා පැවසීය.
 
දෙමළ ජනතාවගේ ගැටළු විසදීම වෙනුවෙන් ලැබෙන සෑම අවස්ථාවක්ම  ප්‍රයෝජනයට ගනිමින්  ඕනෑම පාර්ශවයක් සමගින් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය සූදානම් බවද  හෙතෙම සදහන් කලේය
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා කැදවූ පාර්ලිමේන්තු මන්ත්‍රී හමුව සහ ඉන් පසුව අගමැතිවරයා සමගින් සිදුකරන ලද සාකච්ඡාව  සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයට  එල්ල වන වේවේචන පිළිබදව දෙමළ මාධ්‍ය වෙත අදහස් පලකරමින් සම්බන්ධන් මහතා මේ බව අවධාරණය කර සිටියේය.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්.සම්බන්ධන් මහතා මෙසේද කීය.
 
දෙමළ ජාතික සන්ධානය ප්‍රතිවාදී  අනෙක් සියළුම දෙමළ  දේශපාලන පක්ෂ දෙමළ ජාතික සන්ධානය විවේචනය කිරීම ඔවුන්ගේ  ප්‍රධාන රාජකාරියක් කරගෙනයි කටයුතු කරන්නේ.එනිසා ඔවුන්ගේ  විවේචනවලට  අපි පිළිතුරු දෙන්න ඕන නැහැ. අප දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදන්න ලැබෙන හැම අවස්ථාවක්ම සුදුසු අවස්ථාවේදී ප්‍රයෝජනයට ගන්නවා.ඉදිරියටත් එහෙම කරනවා.ඒ ස්ථාවරයේ කිසිදු වෙනසක් නැහැ.
 
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමෙන් හටගෙන තිබෙන තත්වය ගැන සාකච්ඡා කරන්න අගමැති මහින්ද රාජපක්ෂ මහතා සියළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  සාකච්ඡාවකට අරලියගහ මන්දිරයට  කැදවනු ලැබුවා.ඒ සාකච්ඡාවට අපි  සහබාගී වුනා.එහිදී දෙමළ ජනතාව මුහුණ දෙමින් සිටින අර්බුද, දෙමළ ජනතාගේ දේශපාලන ස්ථාවරය, ජාතික ගැටළුවට  දේශපාලන විසදුම් ගෙන ඒම සහ ඒ සදහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව පැහැදිලි කරමින් අප විසින්  අගමැතිවරයා වෙත වාර්තාවක් බාරදුන්නා.
 
ඒ සාකච්ඡාව අවසන් වීමෙන්  පසු දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා  අතර විශේෂ  සාකච්ඡාවක් පැවැත්වූවා.රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජනතාව පිළිගන්නෙ නැහැ.දෙමළ  ජනතාව පස් වතාවක්ම එම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරල තියෙනවා.
 
දෙමළ ජනතාවගේ සාධාරණ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අවශ්‍යතාවක් ගෙන ආ යුතුයි කියල   අප අගමැතිවරයා වෙත පෙන්වා දුන්නා.
 
එමෙන්ම උතුරේ ජාතික ප්‍රශ්නයට දෙශපාලන  විසදුම් ගෙන ඒම  විවිධ හේතු කාරණා පෙන්වමින් අතපසු නොකරන ලෙස අපි  ඉල්ලා සිටියා.එමෙන්ම කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සදහා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී නීතිගරුක  

පාලනයක් ක්‍රියාත්මක විය යුතු බවටද අගමැතිවරයා හමුවී  අවධාරණය කළා.
 
මේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්න අප ඉදිරිපත් වීම වැරදිද.අප කතා කරන්න ඕන කාරණාවන් කතා කළ යුතු පාර්ශව එක්ක සුදුසු අවස්ථාවේදී කතා කරනවා. දෙමළ ජාතික සන්ධානය ගැන විවේචන අවලාද ඉදිරිපත් කරන උදවියගේ කල්ක්‍රියාව ගැන මනා අවබෝධයකින් දෙමළ ජනතාව පසුවෙනවා යැයිද සම්බන්ධන් මහතා කීය.

 

 



අදහස් (15)

පටු අරමුණු තියෙන විවේචකයන්ට උත්තර දෙන්න මම ලෑස්ති නෑ

anura Sunday, 10 May 2020 11:42 AM

යන්නේ කොහෙද මල්ලේ පොල් කිව්වා වගේ කථාවක්..!!! කොරෝනා හා දේශපාලන විසඳුම අතර සම්බන්ධය මොකක්ද?.

:       0       0

ෙනවිල් Sunday, 10 May 2020 12:27 PM

කාෙහොමත් නිල වාහනයයි, නිල නිවාසයයි. අනිත් වරප්‍රසාදයි රැකගන්න එපායෑ..

:       0       0

Gunasinghe Sunday, 10 May 2020 12:32 PM

ඔව්, දැන් එපා... තව වසර කීපයකින් පසු උත්තර දෙන්න..

:       0       0

ඉන්දික Sunday, 10 May 2020 02:36 PM

අසරණ වූ දෙමළ ජනයා ජීවත් වෙන්න ආහාර, කරන්න රස්සාවක්, ලෙඩ වුණාම ඉස්පිරිතාලෙන් බෙහෙත් ටිකක් මිසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නම් ඉල්ලනවා දැකලා නෑ...

:       3       223

BamunuarachchiMonday, 11 May 2020 02:23 AM

කොයි කාලේද ඉපදුනේ? පත්තර කියවන්නේ නැද්ද? දෙමල සන්ධානය වෙනම ව්‍යවස්ථාවක් ඉල්ලලා එය දෙන්න පොරෝරෝන්දු වෙලා තමයි 2015 ආණ්ඩුව බලයට පත් උනේ. ජෙප්පොත් වෙනම ව්‍යවස්ථාවක් දෙන්න ඕනේ කියන ස්ථාවරයේ සිටියා. රාජපක්ෂලාගේ පක්ෂය විරුද්ධ උන නිසයි එජාප ආණ්ඩුවට එය කරගන්න බැරි උනේ.

:       23       0

Raveendra Sunday, 10 May 2020 02:51 PM

අඩුපාඩු දුටු තැන විවේචනය කිරීම කලයුතුයි... එහි කිසිදු වැරද්දක් නැහැ. දැන් මෙහෙමනේ ලොකු උන්නැහේ ... අවංකවම කියනවා නම් ඉතිහාසය හොදින් දන්නා කිසිවෙකු ඉතාමත් කල්පනාකාරීව තමයි සාකච්චා කල යුත්තේ.. මහජාතිය පාවාදී අනෙකුත් ශ්‍රී ලාංකීය කොටස්වල චන්ද ගොඩ බලාගෙන කිනම් හෝ දේශපාලුවෙක් තීන්දු තීරණ ගන්නේ නම් එය නිවැරදිද වැරදිද කියල වයසින් මුහුකුරා ගිය ඔහෙම කියනවකො බලන්න... සරල උදාහරණයක් සදහන් කරන්නම් මෙදෙස ලුකු උන්නැහේ මධ්‍යස්ථව බලයි කියා අප විස්වාස කරනවා.

:       2       87

ass charyaMonday, 11 May 2020 04:20 AM

රවින්ද්‍ර ඔහේ එහෙම කිව්වට මහා ජාතියේ චන්ද බලාගෙන දේශපාලනේ කරන කොටසකුත් මේ රටේ ඉන්නවනේ.

:       0       0

suresh Sunday, 10 May 2020 05:21 PM

මට පෙනෙන්නේ මහින්ද සුමනදාසගේ ඉනා තෙල් මේ මනුස්සයාගේ ඇඟේ ගාලා.

:       0       55

BamunuarachchiMonday, 11 May 2020 02:16 AM

වැඩිකල් යන්න කලින් ඔහෙලගේ ඇඟේත් ගානවා. නාලා පිරිසිදුවෙලා ඉන්නකෝ.

:       13       1

Bandara Sunday, 10 May 2020 06:18 PM

උතුරෙන් හමුදාව ඉවත් කරගන්න... ?

:       0       22

udaya Sunday, 10 May 2020 07:49 PM

මෙයාලට තෙල් ඕනේ නෑ. දෙමල ජනතාවගේ ප්‍රශ්න විසදන්නත් ඕනේ නෑ. කොළඹින් හොද ගෙදරක් එක්ක බෙන්ස් කාර් එකක් දුන්න නම් ඕව අමතක වෙනවා. මතකද විපක්ෂ නායක වෙලා හිටපු කාලේ ආණ්ඩුවේ හැම යෝජනාවකටම අත ඉස්සුවා. දෙමල ජනතාව දැන්වත් තේරුම් ගන්න ඕනේ ඔයාලගේ මන්ත්‍රීලා ඔක්කොටම ඕනේ බඩ ගෝස්තරේ විතරය්. හැබැයි ඉතින් අපේ මන්ත‍්‍රීලා, ඇමතිලා ගත්තත් ඔය මොඩල් එකම තමයි.

:       1       145

chandima Sunday, 10 May 2020 09:51 PM

අන්න මහජන නියෝජිතයෝ... මොනවා නොදුන්නත් තමන්ගේ ඡන්ද දායකයින් වෙනුවෙන් පෙනී සිටිනවා. එ්කට අපේ කට්ටිය, දවල්ට බුරියානි කන්න පුළුවන් වෙනකල්, ලක්ෂ තුන හතරක ඉන්ධන දීමනාව ලැබෙනකල්, ජනතාවට කරන අතිමහත් සේවය වෙනුවෙන් මැරෙනකල් පැන්ෂන් එක හදලා දෙනකල්, නිල නිවාස, අරක්ෂකයෝ ඇතුළු පහසුකම් ලැබෙනකල්, තීරු බදු නැතුව වාහන පර්මිට් එක දෙනකල්, සිංගප්පූරු ගිහින් බෙහෙත් ගන්න ආණ්ඩුවෙන් සල්ලි දෙනකල්, තමන්ගේ පාක්ෂිකයන් වෙනුවෙන් තියා රටට හෙන ගැහැව්වත් වුණත් සාකච්ඡා නැහැ... ඔහොම යමුකෝ අර එළුවාගේ මොකක්ද වැටෙනකල් පස්සෙන් ගියා වගේ...

:       0       0

de silva berlin Monday, 11 May 2020 02:10 AM

මේ රටේ සිංහල අපට නැති දෙමළ ජනතාවට පමණක් තිබෙන ප්‍රශ්නය කුමක්ද? කියලා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න. එතකොට රටේ සාමාන්‍ය ජනතාව වන අපටත් මේ ගැන යම් වැටහීමක් ඇතිවෙනවා. මට පෙනෙන්නේ උතුරේ දෙමළ ජනතාවට තිබෙන ලොකුම ප්‍රශ්නය යුද්ධය අවසන්වෙලා අවරුදු 11 ක් ගතවෙලා තිබෙන මේ කාලයේ ඔබලා වැනි ජාතිවාදය කරපින්නාගත් දේශපාලකයන් අතළොස්සක් ඔබලාගේ දේශපාලන පැවැත්ම සදහා උතුරේ ජිවත් වන නුගත් දෙමළ ජනතාවගේ ඔලු තුලට ජාතිවාදය වපුරමින් ඔවුන් සෙසු ජනකොටස් වලින් ඈත් කිරීමය. ඔබලා දැන් කළ යුත්තේ ප්‍රභාකරන් විසින් ඉස්කෝල , රෝහල් , සහ වෙනත් යටිතල පහසුකම් විනාශ කිරීම නිසා , අධ්‍යාපනික ආර්ථික සමාජීය වශයෙන් විශාල පසුබෑමකට ලක්වුන උතුරේ ජිවත් වන දෙමළ ජනතාවට අවශ්‍ය ඉස්කෝල , රෝහල් වැනි පොදු පහසුකම් දියුණුකර , අනෙකුත් රටේ අනෙකුත් ජාතීන්ට අයත් ආයෝජකයෝ සංචාරකයෝ උතුරට ගෙන්වාගෙන උතුරේ ආර්ථික දියුණුවක් අත්කර දීමට කටයුතු කිරීමය. නමුත් ඔබලා කරන්නේ මෙයට හාත්පසින්ම වෙනස් දෙයකි .

:       0       12

Saman Monday, 11 May 2020 04:24 AM

ඔය බළලා මල්ලෙන් එළියට එන්නේ. මේ අයට පොරොන්දු වෙන්න ඇති උතුරු නැගෙනහිර එකතු කරලා දෙනවා කියලා. ඒකයි පැනගෙන ආවේ. දැන් එල්ලෙන්න වැලේ වැල් ඉන්නේ. කොහොම හරි තමන්ගේ බලය රැකගන්න හදන්නේ.

:       0       292

de silva berlin Tuesday, 12 May 2020 04:42 AM

මගේ මතය නම් රටේම තිබෙන පළාත් සභා සියල්ල අහෝසිකර, පළාත් සභාවල දේශපාලකයින් නිලධාරීන්, ගොඩනැගිලි වැනි සම්පත් නඩත්තු කිරීමට නිස්කාරණයේ වියදම් කරන මුදල් පළවෙනි අවුරුදු 3 තුළ යුද්ධය නිසා බැටකනු ලැබූ උතුරු සහ නැගෙනහර පාසල්, රෝහල් වැනි පොදු පහසුකම් වැඩි දියුණු කිරීමට ඍජුවම යොදවා, ඉන්පසුව රටේම අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශවලට බෙදීයන ලෙස කටයුතු කළ යුතුයි. ප්‍රභාකරන් විසින් විනාශ කරන ලද උතුරු, නැගෙනහිර පළාත්වල ජනතාවගේ අධ්‍යාපන පහසුකම් දියුණු කිරීම තුළින්, ජතිවාදී දේශපාලකයින්ට බොරු කියා ඔවුන් මුලා කිරීමට නොහැකිවනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 210 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ඉරාන ජනපති එයි
2024 අප්‍රේල් මස 24 171 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සඳහා මත්තල ගුවන් තොටින් ශ්‍රී ලංකාවට පැමිණියේය.


වීරසේන දිවුරුම් දෙයි
2024 අප්‍රේල් මස 24 141 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ වියෝවෙන් පුරප්පාඩුවූ එම මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු


යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 101 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 444 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1393 1

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 290 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1649 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site