පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතාට එරට දූෂණ විරෝධී අධිකරණයක් මගින් අද (24) වසර හතක සිර දඬුවමක් නියම කළේය.
මෙම සිරදඬුවම දේශපාලන වුවමනාවක් මත සිදු වූවක් යැයි චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිටපු අගමැතිවරයා පවසා ඇත.
සෞදි අරාබියේ තිබෙන හිටපු අගමැතිවරයාට අයත් වානේ කම්හල ආරම්භ කිරීම සඳහා මුදල් ලැබුණේ කෙසේ දැයි අධිකරණයට දැන්වීමට අසමත් වීම හේතුවෙන් ඔහුට එලෙස සිර දඬුවම් නියම වී ඇතැයි පාකිස්තානයේ ‘ජියෝ නිව්ස්’ පුවත් සේවය වාර්තා කළේය.
තෙවරක් පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ නවාස් ෂරීෆ් මහතාට දූෂණ චෝදනා එල්ල වී තිබෙන අතර පසුගිය ජූලි මාසයේදී ඔහුට වසර 10ක සිර දඬුවමක් නියම කළේය. ලන්ඩන් නුවර පිහිටි නිවාස සංකීර්ණයක් මිලදී ගත්තේ කෙසේ ද සහ ඊට මුදල ලැබුණේ කෙසේද යන්න අනාවරණය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහු එම සිර දඬුවමට ලක්විය.
අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් පසුව හිටපු අග්‍රාමාත්‍යවරයා ඇප මත නිදහස් කිරීමට එරට අධිකරණයක් පසුගිය සැප්තැම්බර් මාසයේදී තීන්දු කළේය.
සෞදි අරාබියේ තිබෙන හිටපු අගමැතිවරයාට අයත් වානේ කම්හල පිළිබඳ චෝදනා විභාගයට ගැනුණේ ඉන් අනතුරුවය.
ධුර කාලය අවසන් වීමටත් මත්තෙන් හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා දූෂණ චෝදනා හේතුවෙන් ධුරයෙන් ඉවත් කර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට නුසුදුස්සකු ලෙස නම් කිරීමට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීන්දු කර තිබිණි.
(අල් ජසීරා ඇසුරිනි)
(055)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට වසර 7ක සිර දඬුවමක්
Prof. Dr. Edward Perera Tuesday, 25 December 2018 03:29 AM
"කරන කළට පව් මිහිරිය මී සේ - විඳින කළට දුක් දැඩිවෙයි ගිනිසේ " කියල කියමනක් තිබුනත් එවැනි තත්වයකින් මිදීමට අපේ රටේ මිනිසුන් උනන්දුවෙනවා මදි යයි කියා අපට සිතෙනවා. පාකිස්තානය අපේ අසල් වැසි රටක් වුනාට අපේ රටට වඩා දේශපාලන චර්යාවේ වෙනස්කම් රාශියක් පෙන්වන රටක්. දේශපාලන පෙරළි පිළිබඳ අපේ කලාපයේ හොඳම අත්දැකීම් තිබෙන්නේ පකිස්තානයටයි. කුමන හැලහැප්පිලි මැද හෝ පාකිස්තානුවා දකින්නේත් දුෂණයෙන් තොර පාලන තන්ත්රයක්. එය ප්රජාතන්ත්රවාදී විය යුතුමැයි.. ඔවුන් සිතන බවක් පෙනෙන්නේ නැහැ. ශ්‍රී ලංකා වැසියනුත් යහපාලනයක් පිළිබඳ සදාකාලික සිහිනයක නිමග්නව සිටියත් ඒ සිහිනෙන් ඔවුන්ව අවදි නොකර නිද්‍රාවේම තබන්න ප්‍රධාන දේශපාලන ධාරාවේ පක්ෂ දෙකම ක්‍රියා කර ඇති බවක් පෙන්නුම් කරනවා. දූෂණය දෙස රටවැසියා දකින දෘෂ්ඨියට වෙනස් ආකාරයකින් බලන්න පුරුදුවී ඇති දේශපාලකයා වෙනත් වචන වලින් පවසන්නේ "නුඹලාට එය ප්‍රශ්නයක් වුනාට අපට ප්‍රශ්නයක් නොවේ" යන්නයි. එය ඔවුන් ක්‍රියාවට නංවන්නේ දූෂිතයින්ට දඬුවම් කිරීම සඳහා ජනතාව නව රජයට පවරා දෙන පරමාධිපත්වය නමැති සැත නැවත කොපුවේ රුවා ගැනීමෙනි. පාකිස්තානුවා හා ශ්‍රී ලාංකිකයා අතර වෙනස එයයි.