IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම

පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් මහතාට  ලාහෝර් නුවර, විශේෂ මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇතැයි  වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා හදිසි නීතිය පැනවීම වෙනුවෙන් රාජද්‍රෝහීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට මරණ දණ්ඩනය නියම වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

හිටපු  අගමැති නවාස් ෂරීෆ් විසින් මුෂාරෆ් මහතාට එරෙහිව 2013 වසරේදී මෙම නඩුව පවරන ලදී.

1999 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත්වූ හිටපු ජනාධිපතිවරයා පාකිස්තානයේ 10 වන ජනපතිවරයා ද විය.

දැනට 76 වන වියේ පසුවන මුෂාරෆ් මහතා, 2016 මාර්තු මාසයේ සිට පාකිස්ථානයෙන් බැහැරව ඩුබායිහි වාසය කරන අතර, වෛද්‍ය ප්‍රතිකාර සඳහා එහි රැඳී සිටි බව පැවසේ.

පාකිස්තානයේ 9 වන අගමැතිවරයා වූ සුල්ෆිකාර් අලි භූතෝ මහතාවද  1979 අප්‍රේල් 4 වන දින එල්ලා මරන ලදී.

(හින්දුස්ථාන් ටයිම්ස් සහ එන්ඩීටීවී ඇසුරිනි)

16844



අදහස් (21)

පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම

de silva Tuesday, 17 December 2019 07:46 AM

පාකිස්තානයේ එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ , මෙහෙ ජනපති ආණ්ඩු ක්‍රම වියවස්තව කඩකිරීම ඇතුළු මොන පිස්සු කෙලියත්, මැරෙනකම්ම නිල නිවාස, ආරක්ෂකයෝ, වෙඩි නොවදින වාහන වැනි සියලු දේ ලැබේ. බෙල්ලේ වැල දමාගන්න වෙලා තිබෙන්නේ පුරවැසි අපට.

:       0       0

Nimal ... Tuesday, 17 December 2019 07:51 AM

එහෙ එහෙමයි. මෙහෙ නම් තාක්‍ෂණික දෝෂයකින් නඩුව ඉවතට.

:       0       0

Ruhunu Tuesday, 17 December 2019 07:52 AM

දැන් අපේ හිටපු ජනාධිපතිතුමාත් බයවෙලා ඇත්තේ.

:       0       0

palitha Tuesday, 17 December 2019 08:20 AM

ඔන්න රටවල්.......... හිටපු ජනපති කියල නෑ වැරදි නං දුන්න ෂොට් එක. ඒකට ලංකාවේ මිනිස්සු මරලා, කුඩු විකුණලා, මහ බැංකුවම කඩලා අහුවුනත් බේරිලා ඉන්න පුළුවන්.

:       36       426

Kumar (Gulf) Tuesday, 17 December 2019 09:10 AM

සුල්ෆිකාර් අලි භූතෝ මහතාවත් එල්ලා මැරුවේ පකිස්තාන් මාෆියාව මිසක පිරිසුදු නීති ක්‍රියාවක් තුලින් නොවේ, මේ අර අන්දින්නේද එවැනිම මාෆියාවක් තුලින් පර්වේස් මුෂාරෆ් මහතාව අවසාන කිරීමටයි.

:       0       0

RuwanTuesday, 17 December 2019 09:48 AM

බුධුදහම සත්‍යනම් සියලු දෙනාටම නිසි දඩුවම් ලැබෙනු ඇත. රජකම් කෙරුවත් කලකම් පලදේ.

:       0       0

ජයන්ත මිලානෝ Tuesday, 17 December 2019 08:51 AM

වෙන්න බෑ ? අපේ රටේ හිටපු ජනාධිපතිවරු ඔයවැනි දේ කලෙ නිකං සෙල්ලමට වගේ අපරාදෙ එතුමා මෙහෙනෙ ඉන්න තිබ්බෙ. පැන්සන් ගිහිල්ලත් සියලු පහසුකම් විදිමින් රජෙක් වගෙ ඉන්න තිබුණා.

:       0       0

hemantha Tuesday, 17 December 2019 08:57 AM

පාකිස්තානේ එහෙම වුනාට මෙහෙ එහෙම නැහැ. මෙහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පසුගිය අවුරුද්දේ ඔක්තෝබර මාසේ උල්ලංඝනය වුනා.ඒක උසාවියෙනුත් ස්ථීර වුනා. දැන් ඒකට සම්බන්ධ එක්කෙනෙක් රටේ අගමැති. අනිත් කෙනා නැවත පාර්ලිමේන්තු එන්න ආසාවෙන් බලන් ඉන්නවා.

:       3041       1113

senaTuesday, 17 December 2019 10:01 AM

එහෙ නඩු දාන්න කෙනෙක් හිටියාට අපේ රටේ එහෙම කොන්දක් ඇති කෙනෙක් නැහැ

:       0       0

ThiwTuesday, 17 December 2019 11:37 AM

රට රටවල නීති වෙනස් , සමහර රටවල විවාහයට කලින් එකට හිටියත් මරණ දඩුවම දෙනවා,

:       0       0

hemanthaWednesday, 18 December 2019 07:34 AM

මගේ කොමෙන්ට් එකට ලැබිල තියෙන ඩිස්ලයික් ප්‍රමාණයෙන් හිතා ගන්න පුළුවන් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප සහ අධික පක්ෂග්‍රාහී බව.

:       0       0

rocky Tuesday, 17 December 2019 09:09 AM

අපේ රටේ හිටපු ජනාධිපති උන්නැහෙත් ව්‍යවස්ථාව උල්ලංඝනය කෙරුවා. ආණ්ඩුවට වගේ වගක් තිබුනේ නැහැ. අන්තිමේදී කොළඹින් මාලිගාවකුත් තෑගි කරලා දැන් ආයෙත් පාර්ලිමේන්තුවට ගේන්න හදනවා. මේ වගේ බූරු පාලනයක්...........මේ ඔක්කොම එකතු වෙලා මෝඩ ජනතාව හූරාගෙන බඩ වඩා ගන්නවා.

:       0       1

kumara Dubai Tuesday, 17 December 2019 09:16 AM

අපේ ව්‍යවස්ථාව උල්ලංගනය කරපු හිටපු අයට මොකුත් නෑ, කෝටි 80ක ගෙයක් දුන්නා.

:       0       0

ranjith Tuesday, 17 December 2019 11:25 AM

රටේ නීතිය මෙලෙස එක විදියට ක්‍රියාත්මක කරන රටක ඉපදීමත් වාසනාවක්

:       0       0

Mahee Tuesday, 17 December 2019 11:37 AM

"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට මරණ දණ්ඩනය නියම වූ බව"... අම්මෝ මගේ ඇඟ හීතල වෙලා ගියා. පස්සෙයි දැක්කේ ඒ වෙනරටක කියලා. මෙහෙ එහෙම වුනා නම්, අප්පේ, කී දෙනෙක් නම් ඉන්නවද, ආණ්ඩුක්‍රමය කැඩීමම විනෝදාංශය කරගත්තු?

:       0       0

Thiw Tuesday, 17 December 2019 11:37 AM

පර්වේස් මුෂාරෆ්ගේ කාලේ පාකිස්තානයේ ආරක්ෂාව උපරිමයට තිබුනා

:       0       0

saliya Tuesday, 17 December 2019 12:20 PM

මෙතුමා අපගේ මිතුරෙක්. ඉන්දියාව හා අන් රටවල් අහක බලද්දී එල් ටී.ටී.ඊයට එරෙහි සටනේ දී අප හා සිටි අපට අවශ්‍යම වූ මොහොතේදී ආධාර දුන් නායකයෙක් බව අමතක නොකළ යුතුය. අප මේ තීන්දුව ගැන සතුටු විය යුතු නැත. මෙතුමා හට කරදරයක් නොවේවා යයි පතමු.

:       0       0

ධම්ම Tuesday, 17 December 2019 01:30 PM

රාජද්‍රෝහීන්ට මරණ දඬුවම..! රාජද්‍රෝහීන් කියන්නේ කවුරුන්දැයි දන්නා කෙනෙක් කියා දෙන්නකෝ...

:       0       0

කපුටා Tuesday, 17 December 2019 02:01 PM

ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී අප රටට එතුමා කළ උපකාර අමතක නොකළ යුතුයි.

:       0       0

eresh S kumara Wednesday, 18 December 2019 07:02 AM

වැරදි දෙය වැරදියට දකින්න ඕනි

:       0       1

Kumari Wednesday, 18 December 2019 08:56 AM

එහෙම බලද්දී අපේ රටේ ටොප් ලෙවල් එකේ වැජඹෙන දේශපාලකයින්ගෙන් වැඩි පිරිසක් කරන්නේ සමාව දිය නොහැකි වැරැදි... ඒත් කවද්ද අපේ රටේ වැරැදි කරන අයට දඬුවම් දුන්නේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 33 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 29 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 183 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 181 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 714 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 217 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1623 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site