ඉන්දියාව සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත හෙළීමටත් ඉන්දියාව සමඟ තිබෙන ද්විපාර්ශවීය වෙළෙඳ කටයුතු තාවකාලිකවක නවතා දැමීමටත් පාකිස්තානය තීරණය කර ඇත.
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් අද (7) පස්වරුවේ පැවැති එරට ජාතික ආරක්ෂක කමිටු රැස්වීමේදී එම තීරණ ගෙන තිබේ.
කාශ්මීරය සම්බන්ධයෙන් ඉන්දියාව ඒකපාර්ශවීය ලෙසත් නීති විරෝධී ලෙසත් තීන්දු තීරණ ගන්නා බවට ද පාකිස්තානය චෝදනා කරයි.
ඉන්දියාව එරට පාලනය යටතේ කාශ්මීරයට ලබා දී තිබූ විශේෂ බලතල අහෝසි කිරීමට පියවර ගැනීමත් සමඟ පාකිස්තානය ඉහත තීරණ ගෙන තිබේ. ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තියෙන් ඔවුන්ගේ පාලනය යටතේ තිබෙන කාශ්මීරයට අදාළ විශේෂ බලතල ලබා දී තිබූ අතර එම වගන්තිය අහෝසි කිරීමට භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ආණ්ඩුව පියවර ගත්තේය. ඉන්දියාව එම තීරණය ගනු ලැබුවේ එරට ජනාධිපති රාම් නාත් කෝවින්ද්ගේ නියෝග පරිදිය.
ඉහත තීරණ දෙකට අනුව ඉන්දු පාකිස්තාන ද්විපාර්ශවීය සබඳතා, ගිවිසුම්, වෙළෙඳාම් යනාදිය නැවත සලකා බැලීමටත්, මෙම ප්රශ්නය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ අවධානය යොමු කිරීමටත් පාකිස්තානය තීරණය කර තිබේ.
පාකිස්තාන නිදහස් දිනය යෙදී තිබෙන අගෝස්තු 14 වැනිදා කාශ්මීරයට ස්වයං නිර්ණය අයිතිය දිනාගැනීමට සටන් වැදුණු හා දිවි පිදු කාශ්මීර වැසියන් සිහිපත් කිරීමටත් එදින කාශ්මීර ජනතාව වෙනුවෙන් සහයෝගීතා දිනයක් ලෙස නම් කිරීමටත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආරක්ෂක කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ. අගෝස්තු 15 වැනිදා ඉන්දියාවට විරෝධය පළ කරමින් ‘අඳුරු දිනයක්’ ලෙස නම් කිරීමට ද එහිදි තවදුරටත් තීරණය කර තිබේ. ඉන්දීය නිදහස් දිනය අගෝස්තු 15 වැනිදාට යෙදී තිබේ.
055
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පාකිස්තානය ඉන්දියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පහත දමයි
ධම්ම Thursday, 08 August 2019 03:10 AM
සුද්දා ඉන්දීය - පාකිස්තාන දේශසීමා සලකුණු කිරීමේදී බෝඩරයේ තුන්කාලක් පැහැදිලිව සටහන් කර ඉතිරි කාල නොවිසඳා ඉතිරිකලේ අනාගත ප්‍රයෝජනය සඳහාය. මේ ඔවුන් එහි ඵල ප්‍රයෝජන ගන්නා කාලයයි.