IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


’පක්ෂ නායක සමුළුවට ජවිපෙ නෑ’

(මුදිතා දයානන්ද )


ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද සවස 5ට කැඳවා තිබෙන පක්ෂ නායක රැස්වීමට තම පක්ෂය සහභාගී නොවන බව දන්වා ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ. 


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින්  එම ලිපිය යවා ඇත.‍

පසුගිය 26 වැනි දා සිට රටේ ඇති වී තිබෙන අස්ථාවරබවේ වගකීම ගත යුත්තේ ජනාධිපතිවරයා බව ද ජනතා විමුක්ති පෙරමුණ සිය ලිපියෙන් අවධාරණය කර තිබේ.

ව්‍යවස්ථා විරෝධිව පත්කළ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී හරිආකාරව සම්මත වී තිබෙන බව ද එම ලිපියේ සඳහන් වේ.

එම ලිපියේ මෙසේද සඳහන් වේ.

‘‘ජනාධිපතිතුමනි,

පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාව සඳහා පැමිණෙන ලෙසට කරන ලද ආරාධනය පිළිබඳවයි.

ඔබගේ ලේකම් විසින් එවන ලද 2018.11.17දා තම සහිත ලිපියෙන් ඔබ සමග සාකච්ඡාවකට පැමිණෙන ලෙස අප පක්ෂයට ආරාධනා කරනු ලැබ තිබේ. කෙසේ වුවද එම ආරාධනය පිළිගනු ලැබීමට පෙරාතුව පහත කරුණු ඔබගේ අවධානයට ලක්විය යුතු යැයි අපි සිතමු.

ඔබගේ සාකච්ඡාවේ අපේක්ෂාව වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය පිළිබඳවයි. එහෙත් අපගේ නිගමනය වන්නේ පාර්ලිමේන්තුවේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය ඔබගේ කුමන්ත‍්‍රණකාරී දේශපාලන උවමනාව වෙනුවෙන් ඇතිකරන ලද ක‍්‍රියාදාමය හේතුකොටගෙන රට තුළ මතුව තිබෙන අස්ථාවරත්වයේ පිළිබිඹුවක් බවයි. මේ වන විට රට තුළ බරපතළ අරාජිකත්වයක් සහ අස්ථාවරත්වයක් ගොඩනැගී ඇත. දශක හතකට වැඩි ලාංකේය දේශපාලනය තුළ මෙවැනි අස්ථාවරත්වයක් මෙතරම් කාලයක් දිග්ගැස්සෙමින් ඇත්තේ පළමු වතාවටය. මෙය හුදු ඕපපාතිකව පැන නැගුණක් නොව ප‍්‍රධාන සිදුවීම් පහක් පදනම් කරගනිමින් නිර්මාණය වූවකි.

01. පසුගිය ඔක්තෝබර් 26 වැනි දින ඔබ විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මන්ත‍්‍රීවරයෙකු කුමන්ත‍්‍රණකාරී ලෙස අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරනු ලැබීම හා අවස්ථා ගණනවකදී විගඩම්කාරී ලෙස කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත්කිරීම.

02. පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම.

03. ජනතා පරමාධිපත්‍යය ඔළුවෙන් සිටුවීමේ නින්දිත ක‍්‍රියාවලියක් වන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් මිලදී ගැනීමේ ක‍්‍රියාවලියකට මැදිහත්වීම.

04. එම වෙන්දේසි ක‍්‍රියාවලිය අසාර්ථක වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම.

05. කුමන්ත‍්‍රණකාරී ලෙස පිහිටුවන ලද අග‍්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේදී අවස්ථා දෙකකදී විධිමත් ලෙස විශ්වාසභංග යෝජනා සම්මත වී තිබියදී ඊට අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඔබගේ කුමන්ත‍්‍රණකාරී දේශපාලන වුවමනාව වෙනුවෙන් කල්මැරීම.

මේ පස්වැදෑරුම් ක‍්‍රියාවලියේ ඔබගේ ප‍්‍රමුඛ දායකත්වය කිසිසේත් සැඟවිය නොහැකි ලෙස ජනතාව හමුවේ නිරාවරණය වී අවසන්ය.

මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔබ විසින් නිකුත් කරන ලද ගැසට් පත‍්‍රය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම්වලට අතුරු තහනම් නියෝගයක් ලබාදී එම ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට ලක්කොට තිබේ. ඒ අනුව සැසිවාර අවසානයෙන් පසු පාර්ලිමේන්තුව මේ වන විට දින තුනක් කැඳවනු ලැබ ඇත. ආරම්භක දිනය වූ 2018නොවැම්බර් 14වැනි දිනම ඔබ විසින් අනීතිකව පිහිටුවන ලද ආණ්ඩුවට එරෙහිව අප විසින් ගෙනන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 122කගේ බහුතරයකින් සම්මත විය. ඒ බව එම මන්ත‍්‍රීවරුන්ගේ අත්සන් සහිතව කථානායකතුමා වෙත බාර දෙන ලද පෙත්සම මගින් ලිඛිතවද සනාත කරනු ලැබිණි.

කෙසේ වුවද බහුතර මන්ත‍්‍රී ඉල්ලීම මත ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් අනුව (ස්ථාවර නියෝග 135* ඉදිරිපත් කරන ලද එම විශ්වාසභංග යෝජනාව, හ`ඩ අනුව තීරණයක් ලබාදීමේ 48(1* වගන්තියේ කථානායකතුමාගේ බලතල අනුව විධිමත්ව සම්මත වූවකි. එය මන්ත‍්‍රීවරුන්ගේ නමින් ඡුන්දය විමසීමට කථානායකතුමා ගන්නා ලද උත්සාහය මගින් පරාජය නියත බව දැන සිටි ආණ්ඩු පක්ෂය යැයි කියාගන්නා මන්ත‍්‍රී කණ්ඩායමේ බාධා කිරීම් නිසා ගැනීමට සිදුවූ තීරණයක් බව ඔබද හොඳින් දන්නවා ඇත. මෙම තත්වය නොවැම්බර් 16දිනයේදීත් එලෙසම සිදුවිය. ඔබගේ මන්ත‍්‍රී කණ්ඩායම පරාජය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරමින් සහ නමින් ඡුන්දය ලබා ගැනීම වළක්වාලමින් පාර්ලිමේන්තුව තුළ වියරුවෙන් හැසිරුණ බව ඔබ හොඳින්ම දනියි.

කෙසේ නමුත් දෙවරක්ම විධිමත්ව සිදුවූ විශ්වාසභංග සම්මතය පිළිගැනීමත් නාමික අග‍්‍රාමාත්‍ය ධුරය අත්හැරීමත් ප‍්‍රතික්ෂේප කරමින් එය විධිමත්ව සිදු නොවූ බවට විවිධ බාල ගණයේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයෙකුට තරම් නොවන බව අපගේ විශ්වාසයයි. එසේම ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරනු ලබන්නේයැයි කියනු ලබන පාර්ලිමේන්තුවේ තෙදිනක ක‍්‍රියාවලිය තුළ ඇතිවූ ගැටුම්කාරී පිළිකුල් සහගත තත්වයට සහ ඉන් ඇතිවූ අස්ථාවර තත්වයට මුළුමනින්ම වගකිව යුතු වන්නේ ඔබය; ඔබගේ හිතුවක්කාරී හැසිරීමය.

මේ අනුව රට අද වන විට පත්ව ඇති සමස්ත අරාජිකත්වයේ සහ අස්ථාවරභාවයේ නිර්මාතෘවරයා ඔබය. එබැවින් එය නිවැරදි කළ හැක්කේද ඔබටමය. එයින් මෙපිට මෙම නිශ්චිත කරුණ පිළිබඳව ඔබ හා සාකච්ඡුා කිරීමෙන් ලබා ගත හැකි විසඳුමක් ඇතැයි අපි විශ්වාස නොකරමු. පාර්ලිමේන්තු නියෝජනය කරන වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස අප, අපට මේ සම්බන්ධයෙන් කළ හැකි උපරිම මැදිහත්වීම මේ වන විට සිදුකර අවසන්ය. දැන් ඇත්තේ ඔබගේ පාර්ශ්වයෙන් ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මකවීමය. රට වෙනුවෙන් එම පියවර ගැනීමට ඔබට ආත්ම ශක්තියක් ඉතිරි වී ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.‘‘


 



අදහස් (29)

’පක්ෂ නායක සමුළුවට ජවිපෙ නෑ’

sandy123 Sunday, 18 November 2018 08:30 AM

ඔබ හරි !!!

:       174       672

isurandi Sunday, 18 November 2018 08:37 AM

මේක ඔබතුමාලාට හොඳ අවස්ථාවක් කරගෙන මේ උමතුවෙන් වියරු වැටිලා ඉන්න ලොක්කන්ට රට ගොඩ ගතයුතු පියවර ගැන වටහලා දෙන්න.

:       48       312

dilSunday, 18 November 2018 11:14 AM

ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයට අමුඅමුවේ කඩේ යනවා.

:       1       0

VajiraSunday, 18 November 2018 06:14 PM

ජවිපෙ තීරණය නිවැරදි බව තහවුරු උනා.

:       0       4

banda Sunday, 18 November 2018 08:46 AM

හරියටම හරි.. මොන සමුළුව තිබුණත් ගමරාලට ඕනෑ දේ තමයි ගමරාලත් කරන්නේ...

:       63       306

Prase Sunday, 18 November 2018 08:48 AM

ගොඩක් හොඳයි... ජවිපෙට ස්තුතියි.

:       46       367

Ashan Sunday, 18 November 2018 09:11 AM

නිවැරදිම තීරණයක්. ජනපති හදන්නේ එයාගෙ පව් අනිත් අයගේ පිටින් යවන්න..

:       8       308

aragalayaSunday, 18 November 2018 10:07 AM

ඔබ හරි අශේන්... රටට සිදුවූ හානියට, අස්ථාවර භාවයට ජාත්‍යන්තර වශයෙන් සිදුවූ විශාල අපකීර්තියට, තුවාලයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ජනපති... එයාගේ වැරදි තීරණේ නිසයි මේ සියලුම දේවල් සිදු වුනේ...

:       43       298

Nisan Sunday, 18 November 2018 09:13 AM

අනෙකුත් පක්ෂත් මෙය වර්ජනය කළ යුතුයි. ජනාධිපතිගේ ආරක්ෂාව හා උපදෙස් මත සියලු දේ සිදුවනවිට වෙනත් පක්ෂ සමග ව්‍යාජ රැස්වීම් පවත්වා ඔවුන්ට ඕනදේ කරනවා නම් එවැනි රැස්වීම්වලින් ලැබෙන ප්‍රතිඵලයක් නෑ.

:       18       256

Lanka Sunday, 18 November 2018 09:58 AM

ජනාධිපති මේ වෙනකම් වැරදි පියවර ගත්තේ අනික් අයට කියලද?

:       2       107

Kumara Sunday, 18 November 2018 09:59 AM

ඔබ හරි... හොරාගේ අම්මගෙන් පේන අහන්නද?

:       32       120

Vindika Sunday, 18 November 2018 10:02 AM

බොරුසමුළු වලට ජවිපයට ඔබයාම අනවශ්‍යයි. අපි සැමදා රටට හිතැති ඔබ සමගයි...

:       92       283

samadhi Sunday, 18 November 2018 11:05 AM

89ත් රටගිනිතියලා මාරු වුණා. මේ සැරෙත් එහෙමයි. රටම ගිනි තිබ්බා.

:       1360       1391

සේනක Sunday, 18 November 2018 11:23 AM

රතු අලි පැටව් ටික මඟුල් කන්න හදන්නේ.. කොළඅලිත් එක්ක එකතුවෙලා...

:       1       0

jaya Sunday, 18 November 2018 11:16 AM

කොන්ද පන තියෙන්නේ ජවිපෙ ට විතරයි.

:       17       72

janaka Sunday, 18 November 2018 11:19 AM

ඔයාලා රටට කරපු දේවල් මට මතකයි.

:       35       8

Bandara Sunday, 18 November 2018 12:01 PM

ජවිපෙ ප්‍රශ්න මගහැරිය නොවිය යුතුයි. මේ පළවැනි මග හැරීම නොවේ... පින් පඩි නොගෙන ප්‍රශ්නවලට මුහුණ දෙන්න ශක්තිය ඇති කරන්න. බය නැතිව ලොක්කන් ඉදිරියේ කතා කරන්න ඉගෙන ගතයුතුය. නැතිනම් පාර්ලිමේන්තුවට නොයන්න.

:       135       6

රවින් Sunday, 18 November 2018 12:08 PM

මොන පක්ෂේ වුණත් කමක් නැහැ. හත්පොලේ ගාගත්ත එක්කෙනාටම අසුචි ටික හොදාගන්න කියලා පැත්තකට වෙලා ඉන්න එක තමා හරි. හදන්නේ එයා පහරලා අනුන් ගඳ ගහනවා කියන්න.

:       49       182

ananda Sunday, 18 November 2018 12:19 PM

මම දන්න විදියට අතුරු තහනම් නියෝගයකින් දෙපැත්තේම කටයුතු අත්හිටවෙනවා. එහෙව් එකේ මේකෙන් පාර්ලිමේන්තුව සක්‍රීය වුනේ කොහොමද? දන්න කෙනෙක් කියනවද මම දන්නේ නැති නිසයි ඇහුවේ..?

:       172       33

Ajith NissankaSunday, 18 November 2018 06:50 PM

ඔය වහල් මානසිකත්වය තියන අය දන්නා තරම තමා! රාජපක්ෂ පවුල කියන්නේ මොකක්ද නීතිය ඒක තමා!

:       0       0

NASRUDIN Sunday, 18 November 2018 01:27 PM

දැනට පාර්ලිමේන්තුවේ අඥානයින් අතරේ සිටින විශිෂ්ඨ තම බුද්ධිමතා වූද, සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාවිතයේදී අසන්නන් මවිතයෙන් මවිතයට පත්කරවන චතුරයෙක් මෙන්ම පාර්ලිමේන්තු සම්ප්‍රදාය පිළිබඳ කෙළ පැමිණියාවුද, රාජ්‍ය පරිපාලනය, මූල්‍ය පාලනයෙහිද, ප්‍රමාණික මතු නොව දැනුම් සම්භාරයක් ස්පර්ශ කර ඇත්තාවූද, දූෂණයෙන්, වංචාවෙන්, ලෝහිතයෙන්, බොරුවෙන්, හා චෞර බවින් වියුක්ත, ශ්වේත වර්ණයෙන් සමලංකෘතවූ හස්තයෙන් හා මනසකින් යුක්ත වූ යුගයේ සමාජවාදී, ප්‍රජාතන්ත්‍රවාදී මහා දේශපාලන විදග්ධයාණෙනි, විභුධයාණෙනි, මීළඟ මහා මැතිවරණයෙන් කිසිවෙකුත් නොලද අති විශිෂ්ඨ විජයග්‍රහණයක් ලබා මේ මාතෘ භූමියේ සුජාත වූ ලාබාලම අග්‍රාමාත්‍යතුමා වීමට හේතු වාසනා වේවා!!!

:       322       223

sandy123 Sunday, 18 November 2018 01:33 PM

නියම ආමන්ත්‍රණය. ගරු නැති ජනාධිපති...?

:       65       116

indra Sunday, 18 November 2018 02:09 PM

ඔබලාගේ අවශ්‍යතාවය කිසිම කෙනෙකුට නෑ.. ඇඟිලි තුඩු එක්කරමින් කියන සුන්දර වචන අජූතයි. සිංහලයාට නැති ඔබලා කාගේ ඡන්දයද බලාපොරොත්තු? ඔබලා තරම් අසික්කිත වාසියට දිව නැමෙන පිරිසක් මම නම් දැක නැහැ.

:       350       152

ධනුෂ්කSunday, 18 November 2018 04:14 PM

ඔන්න තවත් ජාතිවාදී ගල් යුගයේ ගෝත්‍රිකයෙක්. ඔබේ ඡන්දේ නැති වුණාට දෙන මිනිස්සු ඡන්දේ දෙන්නේ... ජ.වි.පෙ එ් මිනිස්සු කැමති විදියට වැඩ කරන නිසා. සියල්ල සෝදාපාළුවට ලක් කරමින් මඩ ගොහොරු පල්ලම් බහිනකොට උඩුගම් බලා පීනන එක අමාරුයි. බලන අයට පෙනෙන්නෙත් විකාරයක් විදියට... හැබැයි ජ.වි.පෙ දැනට උඩුගම් බලා නොගියට එක තැන රැඳිලා ඉන්නවා. මඩ ගොහොරුවේ එරෙන් නැතුව. හැබැයි දිනෙක උඩුගම් බලා පීනනවා.

:       0       7

Rane Monday, 19 November 2018 02:46 AM

කොහොම උනත් මේ කරණයේදී JVP එක ටිකක් ගානට වැඩි බව පේනවා. ඒක මද්‍යස්ත අපි නිරීක්ෂණය කල බව ඔවුනට දැනගන්න ලැබුනොත් වටිනවා.

:       0       1

Deepal Nirosh Monday, 19 November 2018 03:23 AM

පක්ෂනායක සමුළුවට විතරක් නොවෙයි, පුළුවන්න නම් මේ ගැටළුව විසඳෙන තෙක් පාර්ලිමේන්තුවටත් නෑවිත් ඉන්න බලන්න. බොහො ස්තුතියි!

:       0       1

Bandula.Monday, 19 November 2018 06:40 AM

ඒකනම් ඇත්ත, මේ මෙයාලගෙත් අවසානය... නිසා ඔහේ ගියාවේ. ලබන ඡන්දෙන් පස්සේ ගෙදර.

:       0       1

Siriweera Monday, 19 November 2018 05:13 AM

දෙපැත්තටම රට උලා කන්න දුන්නා ඇති ! 2020 ජ. වී. පෙ. ට ආණ්ඩු බලය ලබාදෙමු !

:       27       7

Bandula. Monday, 19 November 2018 05:36 AM

අනේ ලොකුදෙයක්, මොකටද තවත් කාටවත් කඩේ යන්නේ නේද.?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 579 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1398 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 707 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 139 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 545 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 334 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site