(ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් තමන් කැඳවූයේ නීත්‍යනුකූලව නොවන බව එම රැස්වීම අතරතුර කිහිපවරක්ම කතානායකවරයා පැවසූ බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පැවසීය.
තමන් එය කැඳවූයේ නිල නොවන රැස්වීමක් ලෙස බව කතානායකවරයා පැවසූ බව ද මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.
කතානායකවරයා විසින් කළ කැඳවීමක් අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (30) පැවති එම පක්ෂ නායක රැස්වීමට ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ වෙනුවෙන් තමන්, නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවාන්දා, සරත් අමුණුගම යන අමාත්‍යවරුන් සහ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ද සහභාගී වූ බව ඇමතිවරයා කීවේය.
පාර්ලිමේන්තුව ඉතා ඉක්මනින් කැඳවන ලෙස මන්ත්‍රීවරුන් 126කගේ අත්සනින් තමා වෙත ඉදිරිපත් කර ඇති ලිපිය ජනාධිපතිවරයා වෙත යවා ඇති බව මෙහිදී කතානායකවරයා පක්ෂ නායකයින්ට දැනුම් දුන් බව ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය.
රජයේ සම මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
පාර්ලිමේන්තුව කල්දැමීමේ ව්‍යවස්ථානුකූල බලය ජනාධිපතිවරයාට ඇති බව පිළිගැනීම සම්බන්ධයෙන් මෙහිදී තම කණ්ඩායම කතානායකවරයාට ස්තුතිය පළ කළ බවත්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කල්දැමීමට කිසිවෙකුගෙන් හෝ විමසිය යුතු නැති බව කතානායකවරයාට දැනුම් දුන් බවත් ඇමතිවරයා කීවේය.
අයවැයක් පිළියෙළ කිරීම ආදී කටයුතුවලට පාර්ලිමේන්තුව 16 වැනිදා දක්වා කල්තබා ඇති බව ද කතානායකවරයාට දැනුම් දුන් බව ඔහු සඳහන් කළේය.
හිටපු අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම, නව අගමැතිවරයෙකු පත්කිරීම ඇතුළුව ජනාධිපතිවරයා විසින් මේ වන තුරු ගත් සියලූ තීන්දු තීරණ ගෙන ඇත්තේ ව්‍යවස්ථානුකූලව හා රටේ නීතිය අනුව බව කතානායකවරයාට පෙන්වා දුන් බව ද හෙතෙම කීවේය.
කතානායකවරයා කැඳවා තිබූ මෙම රැස්වීම විනාඩි 15කට පමණ සීමා වූ බව ද සමරසිංහ මහතා සඳහන් කළේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘පක්ෂනායක රැස්වීම කැඳවුයේ නීත්‍යනුකූලව නොවන බව කතානායක පැවසුවා‘
Shan Tuesday, 30 October 2018 11:57 AM
මම හිතුවා මේ මනුස්සයා ටිකක් හරි රට ගැන හිතනවා කියලා. බලාගෙන ගියාම මෙයත් මහින්දගේ රූකඩයක් විතරයි. දැන් මහින්ද දාලා තියෙන්නේ නීතියට අනුවද? රට කන්න එපා...
sirimal Tuesday, 30 October 2018 11:57 AM
කතා බතා ඕන නැහැනේ. පාර්ලිමේන්තුව කැඳවලා කාටද වැඩි බලය තියෙන්නේ කියලා පෙන්නුවා නම් අහවරයිනේ... කල් මරන්නේ අවශ්‍ය කට්ටිය බිලි බාගන්නතුරු කියන එක මුළුරටම දන්නා නිසා මේකෙන් වෙන්නේ ඔය කියන දේවල් වැදිබණ හැටියට කාටත් හිතෙන එකයි. මාධ්‍ය සියල්ලම තමන්ගේ හොරණෑ කරගත්තට දැන් කාලේ ප්රවෘත්ති දැනගන්න වෙන විදි සහ ක්‍රම තියෙනවා මහත්තයෝ... ඔබතුමා වැනි උගතෙක් ඒක දන්නේ නැතුවා වෙන්න බැරි නැහැනේ... රට අරාජික තත්වයකට ඇදවැටිලා නැවත වතාවක් රාජ්‍ය භීෂණය පැතිරෙයි කියන එකයි අපට තියෙන බය. එහෙම වුනොත් සේරම කට්ටිය පරණ කෝන්තර පිරිමහ ගනීවි නියමෙට...