(ඩයනා උදයංගනී)
කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් විදේශයන්හි සිට ගුවනින් එවිය නොහැකි වූ පාර්සල් 42,000ක පමණ තොගයක් නැව් මගින් මෙරටට ලැබී ඇතත් ඒවායේ ලිපින මැකී යාම හේතුවෙන් හිමිකරුවන් වෙත යැවීමට නොහැකි වී ඇතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ගුවන් මගින් එවීමට භාරදී තිබූ මෙම පාර්සල් තොගය පසුගිය කාලයේ ගුවන් තොටුපල වසා තිබීම නිසා කන්ටේනරයක බහා නෞකාවකින් මැලේසියාවේ සිට මෙරටට එවා ඇති බවත්, මුහුදෙන් රැගෙන එනවිට ඒවායේ ලිපින මැකී ගොස් ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
චීනය ඇතුළු රටවලින් එවූ පාර්සල් මෙම තොගයේ ඇතුළත්ව තිබෙන බවත්, හැකිනම් ඒවායේ රහස්‍ය අංක බලා යැවිය යුතු ලිපින තෝරාදෙන ලෙස එම රටවලට දැනුම් දී ඇති බවත් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
එසේ නොලැබුණහොත් ඒවා නැවත එවූ රටවලටම යවා ගැටලුව විසඳාගැනීමට සිදුවන බව ද ඇමතිවරයා පැවසීය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (18) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
මෙම තත්ත්වය නිසා විදේශවලින් ලැබුණු භාණ්ඩ නැති කර ඇති බවට තැපැල් දෙපාර්තමේන්තුවට චෝදනාවක් ද එල්ල වන බව කී අමාත්‍යවරයා එසේ චෝදනා කිරීම අසාධාරණ බව ද ප්‍රකාශ කළේය.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නැව් මගින් මෙරටට ගෙනා පාර්සල් 42,000 ක යැවිය යුතු ලිපින මැකිලා
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 18 June 2020 01:51 PM
විදේශ රටවල සිට ලැබෙන පාර්සල් ගුවන් තොටුපළේදී හා වරායේදී සේවකයන් විසින් කුණු මාළු සේ අල්ලා විසිකිරීම නිසා එම පාර්සල් කරුවන්ට විඳීමට ලැබෙනා කරදර බොහෝය. මෙවන් නිලධාරීන් සොයා ඔවුන්ට දඬුවම් කළ යුතුයි. මෙය තැපැල් අංශ වලදීද සිදුවෙන දෙයකි. මුලින්ම මේ මිනිසුන්ට තමන්ගේ වෘත්තියට ගරුකිරීමට පුහුණුකළ යුතුයි.
Prabha Thursday, 18 June 2020 02:15 PM
ඔබම භාණ්ඩ යවන සමාගමක් ලිපිනය, දුකථන අංකය ඇතුළු විස්තර පත්‍රිකාව ජලය කාන්දු නොවන ප්ලාස්ටික් ඇසුරුමක බහා නැවත අලවන්න. ඊට අමතරව සෑම භාණ්ඩයකටම බාර් කෝඩ් එකක් යොදනවා. මෙයා හිතන් ඉන්නේ මිනිස්සු තමයි එන්නේ ගල් යුගයේ කියලා...
DilanThursday, 18 June 2020 11:12 PM
අපිත් එකෙන් ඕන තරම් බඩු ගෙන්න ගන්නවා, අපිනම් දැකලා නැහැ ඔයා ඔය කියන ජාතියේ "වතුර නොයන ප්ලාස්ටික් ඇසුරුමක" ඒ පාර්සල් දාලා එවනවා. ස්ටිකර් එකක ලබන්නාගේ නම ප්‍රින්ට් කරලා තියනවා, එච්චරයි.
SankaFriday, 19 June 2020 02:41 AM
අපි දැක්කා මෙයා ටීවී එකේ කියනවා, නැවේ පාර්සල් එනකොට මුහුදු වතුර විසිවෙලා ලිපිනයන් මැකිලා කියලා.
GalaparaFriday, 19 June 2020 04:25 AM
මෝඩ තකතීරු බොරු කියන දූෂිත ඇමැතිවරුන්ට ඡන්දෙ දෙන බයියන්ට විකාරද මන්දා? මේ පාර නම් පාර්ලිමේන්තු යවන්න එපා...
සිරිබිරිස්Friday, 19 June 2020 12:50 PM
පොඩිකාලේ අපි කෙසෙල්කොට යොදාගෙන කුඹුරුවල හා ඇලමාර්ගවල ඔරුපදිනවා. මෙයා හිතනවා ඇති මුහුදේ යන නැවුත් කෙසෙල්කොට ඔරුව වගේ කියලා. ඒකනේ මෙහෙමකථා කියන්නේ... (ලංකාදීප පත්තරේ දෙයියෝ සාක්කි තීරුවේ තිබුනා එක් අපේක්ෂකයෙක් ඔහුගේ පෝස්ටර් හා මනාප පත්‍රිකා ඡන්ද දායකයින්ට බලාගන්නට ගඟේ පාකලා කියලා. මේ කථාවත් එයට දෙවැනි නැහැ.)
Saman NYC Thursday, 18 June 2020 02:38 PM
සියලුම ශ්‍රී ලාංකික ජනතාව, මම නැව් කර්මාන්තයේ අවුරුදු 20 කට වැඩි කාලයක් සේවය කළෙමි. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන අතර තවමත් එකම කර්මාන්තයේ වැඩ කරයි. සියලුම බහාලුම් 100% ජලයට ඔරොත්තු දෙන අතර එය මුහුදට වැටෙන තුරු එය හානිවිය හැකි නමුත් එය ඉතා රළු තත්වයකි. විශේෂයෙන් සියලුම තැපැල් සහ පැකේජ බහාලුම් අනෙක් ඒවාට වඩා ආරක්ෂිතයි. මෙය සැබවින්ම විකාර සහ ව්‍යාජ ය. මේ ආකාරයේ මෝඩ කතා විශ්වාස කරන අයට මට ඇත්තෙන්ම දුකක් දැනේ. තවමත් මම ශ්‍රී ලංකාවට ආදරෙයි.
සමන්ත Friday, 19 June 2020 03:39 AM
ලංකාවට ඔච්චරම ආදරේනම් අපේ බදු සල්ලිවලින් පිනට ඉගෙනගෙන, ඒ දැනුමෙන් අනුන්ට කඹුරන ගමන් කිඹුල් කඳුළු හෙලන්නේ නැතුව ලංකාවට එන්න..
yakaFriday, 19 June 2020 06:27 AM
සමන්ත මෝඩ කතා කියන්නේ නැතුව ඔහු කියා තිබෙන කරුණු ගැන අවධානය යොමු කරන්න.
ප්‍රසන්නFriday, 19 June 2020 06:37 AM
පැහැදිලි ඉරිසියාව... දැන් එතකොට ඒ මනුස්සයත් ලංකාවට ඇවිත් මේ වගේ දේශපාලුවන්ගේ මෝඩ වැඩ නිසා දුක් විඳගෙන ජීවත් වෙන්න ඕනෑද..?
Wca Thursday, 18 June 2020 02:42 PM
කොහොමත් ඕකේ ඉන්නේ පට්ට හොරු... මගෙ කීයක් හොරකම් කරලා තියෙනවද? ට්‍රැකින් වල තියෙනවා ලංකාවට ආවා කියලා.. ඒත් ආවේ නෑ මම හිතන්නේ මට වැරදිලා ලිපිනය දාලා තියෙන්නේ තැපැලේ ලිපිනය... එකයි එන්නෙ නැත්තේ...
Imax Thursday, 18 June 2020 06:29 PM
කිව්වොත් කියන්නේ මෝඩ කතාවක් නේද අනේ? ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක මෙහෙම නම් ආණ්ඩුව ගැන අපිට හිතාගන්න පුළුවන්...
de silva Thursday, 18 June 2020 06:55 PM
නැවේ ආවා කියලා පාර්සල් 42000 එකවර ලිපින මැකෙන්නේ කොහොමද? මේ කතාව විශ්වාස කරන්න පුළුවන්ද?
Mahesh Friday, 19 June 2020 12:55 AM
පිට්ටනි බන්දු කිව්වොත් කියන්නේ විහිලු කතා තමා..
vidya Friday, 19 June 2020 02:20 AM
ජනපතිතුමනි, මෙයාව දාන බැංකුව හදලා ගන්න. ආර්ථික දැනුම තියෙන කෙනා පාර්සල්වල අකුරු මැකී ඇති බව කියලා මෙයා ආයෙමත් අනාගනී...
saminda Friday, 19 June 2020 03:53 AM
මේ කතාව කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කිව්වා නම් හරි...
gamaathi Friday, 19 June 2020 06:56 AM
මෙතුමා නොදන්නවා වුණාට මුහුදු තැපෑලෙන් පාර්සල් එවීම නිරන්තරයෙන් සිදු වනවා. කිසිදිනක ඒවායේ නම් ලිපිනයන් මුහුදු වතුරෙන් මැකෙන්නේ නෑ. කැබිනට් තීරණ දැනුම් දීමේදී අඩු ගණනේ සාමාන්‍ය දැනීමවත් තියෙන ඇමතිවරයෙක් සිටිනවා නම් හොඳයි.
විජිත් Friday, 19 June 2020 08:31 AM
මුලින්ම බන්දුල ගුණවර්ධනට දැනගැනීමට යමක් කිව යුතුයි." ඔබ යමක් මහජනතාවට ප්‍රකාශ කිරීමේදී දෙවරක් නොව තුන් වරක්වත් හිතන්න. මොකද වෙනදා වගේම මේ ප්රකාශයෙනුත් ඔබ රටේ බුද්ධිමත් ජනතාවට නොමිලේම " විහිළු " සපයා ඇති බැවිනි. මේ බහාලුම් හෙවත් කන්ටේනර් කිසිවක් " දිය කාන්දුනොවන " හෙවත් වෝටර් පෘෘෆ් වර්ගයේ ඒවා නොවෙයි. නමුත් ඒවා සියල්ලම ජලයට ඔරොත්තුදෙන වෝටර් රෙසිස්ටන්ට් වර්ගයේ ඒවායි. මුහුදු ගමනේදී තෙත මුහුදු සුළඟ, දැඩි රශ්මිය, දැඩි ශීතල වැනි දේවල්වලින් භාණ්ඩ ආරක්ෂා කිරීමට "ජලයට ඔරොත්තු දෙන" වර්ගයේ බහාලුම් ඕනෑවටත් වඩා යෝග්‍යයි. මුහුදු තැපැල් භාණ්ඩ මේ කන්ටේනර් වලට දැමීමේදී තවත් ආරක්ෂක ක්‍රමවේදයන් වන වෙනත් ප්ලාස්ටික් බෑගයන් වල අසුරලායි බහාලුමේ තැන්පත් කරන්නේ. ඒ නිසා ඔය කියන හානියක් වෙන්න තිබෙන ඉඩකඩ හරිම අවමයි. නමුත් කවුරුහරි ඔය කියන කන්ටේනර් එක" මුහුදේ ගිල්වා " මිනිත්තු කිහිපයක් තිබුනොත් මුහුදු ජලය ක්‍රමයෙන් ඇතුලට කාන්දු වෙනවා. එ්ත් හරිම හෙමින් මොකද කන්ටේනර් එකේ දොර ඉතාම ශක්තිමත් රබර් " සිල් " එකක් ඇතිවයි වැහෙන්නේ. එහෙමනම් .. කන්ටේනර් එක මුහුදට වැටුනේ කොහොමද.. කොහේදිද?
Dr. Sirilal Friday, 19 June 2020 08:42 AM
මේ ඇමැතිතුමා වාණිජ, ගිණුම් අංශයේ උගන්වනවා. කරුණාකර ප්‍රතිපත්ති ප්‍රකාශයත් සමග ඒවා පරීක්ෂා කරලා බලන්න. ඇමැතිතුමා බොහෝවිට ඔප්පු කර තිබෙන්නේ වෘත්තීය නොවන දේවල්මයි.
Bamunuarachchi Friday, 19 June 2020 11:55 AM
සවිස්තර කතාවක් ඔය සම්බන්ධව ඇසුවා. ඕවා විශාල පාර්සල් නොවෙයි ග්‍රෑම් 200-300 කුඩා පාර්සල් එකනේ ගුවන් මගින් එව්වේ. ඕවායේ ලිපිනයන් පෑනෙන් ලියපුවා නොවෙයි "තර්මල් පේපර්" වල ලියපුවා මාස ගණනක් නැව්වල මුහුදේ එනවිට වෙන දේශගුණ විපර්යාසවලට ඒවා මැකී යන්න බොහෝවිට ඉඩ තිබෙනවා, ලිපිනයන් තිබුණු පාර්සල් 400 ගණනක් දැනටමත් බෙදා හැර ඇතිබව කීවා. මේවා සමග එන "බාර් කෝඩ්" කියවීමෙන් අදාළ ලිපිනයන් සොයා පාර්සල් බාරදෙන්න උත්සාහ කළබව ප්‍රකාශ කළා. එමනිසා ඔබ මේ ගොබ්බයින්ගේ ගොබ්බ ප්‍රශ්නවලට පිළිතුරු නොදී ඉන්නවා නම් හොඳයි.
chandana de silva Friday, 19 June 2020 01:38 PM
බමුණු ආරච්චි, ඔබගේ කනේ ප්‍රශ්නයක් තිබෙන බව හොඳටම පෙනෙනවා...ඔය ඇමති කිවේ " ඒවාට වතුර වැදිලා අකුරු මැකිලා "කියලා... මම මේ දැනුත් වීඩියෝ එක බැලුවා. මෙතන කොමෙන්ට්ස් දමන්නේ ඔබගේ බහුබූත වලට නොව ඒ ඇමති කිව්ව මෝඩ කතාවට බව දැනගන්න. ඔබ ගොබ්බයින් කියාගත්තේ ඔබටමයි. දකින දකින දේට කට දාන්න ලජ්ජා නැතිද?