IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නිවෙස් ඇත්තෝ සහ නිවෙස් නැත්තෝ

මුළු ලොවම එක මිටට ගෙන පරසක්වල ගැසූ කොරෝනා වයිරසයේ බලපෑමෙන් මිදීම සඳහා සමස්ත ලෝකයටම ඇත්තේ එකම විකල්පයක් පමණි. ඒ තම තමන්ගේ නිවෙස් වලට වී, සෙසු ලෝකයාගෙන් වෙන්වී, තමන්ව අගුළු ලා ගෙන සිටීමයි. එහෙත් තමන්ටම කියා නිවෙසක් නැති කී දෙනෙක් අප අවට ලෝකයේ සිටිත්ද ?

දිගින් දිගටම පැවැති ඇඳිරි නීතිය නිසා එදිනෙදා කුලියක් මලියක් කරගෙන, නැත්නම් කව්රුන් හෝ දෙන දෙයක් කමින් බොමින් ජීවිතය ගැටගසාගත් මහ පාරේ ජීවත්වන පිරිස කුමක් කරත්ද ? කොතැන ලැගුම් ගනිත්ද ? තමන් එදිනෙදා හම්බ‍කරගන්නා අත්කරත්තය මත දිගෑදී නොහොත් රෝද පුටුව මත ජීවිතය ගෙන යා යුතුමය....

නිවෙස් ඇත්තෝ එක දුරකතන ඇමතුමකින් ගෑස් සිලින්ඩරයේ සිට අනෙක් සියලු දේ සපයා ගනිද්දී තවත් පිරිසක් කරකියාගත හැකි දෙයක් නොමැතිව, කෑමට යමක් ඉල්ලාගැනීමට විවෘත කළ ආපාන ශාලාවක් හෝ නොමැතිව විපිළිසරව සිටිති. රත්මලාන , ගල්කිස්ස, පිටකොටුව, දෙහිවල, බම්බලපිටිය ආදී ප්‍රදේශවල සිටින අසරණවු පිරිස අතර නගරය  පිරිසිදු කිරීමේ රාජකාරියේ නියැලී සිටින අයද නැතුවා නොවේ. ඔවුන් වෙනුවෙන් ඇතැම් පිරිස් ආහාර පාන ගෙනැවිත් දෙන ආකාරයත් දැකගත හැකිවිය.

(ඡායාරූප - ඉෂාන් සංජීව සහ ශාන්ත රත්නායක)

 

 



අදහස් (7)

නිවෙස් ඇත්තෝ සහ නිවෙස් නැත්තෝ

විජිත් Sunday, 29 March 2020 11:59 AM

අපි දන්නා ඉතිහාසයේදී ..ලෝකයේ සිටින දුප්පත්, බලයෙන්, ශක්තියෙන් හීන යයි සම්මත කරගත් රටවල් පමණක් නොව ධනවත්, බලවත්, ශක්තිමත් යයි කියාගත් රටවලුත් .. එකම විට අන්ත අසරණ තත්වයට ඇද දැමුවේ ..මේ ප්‍රශ්නකාරී කෝවිඩ් 19 වයිරසයයි. මිනිස් වර්ගයාගේ වාසනාවකටදෝ මේ වයිරසය සුළඟින් නොහොත් වාතයෙන් ( airborn ) ප්‍රචාරණය වෙන්නේ නැහැ. (නමුත් අප අසාදිතයෙකුට ඉතාම ආසන්නව සිටියොත් ඔහුගෙන් මුවෙන් පිටවන කුඩා බිඳිති... සුළඟින් අපගේ සිරුරේ ගැටිය හැක. ඒ නිසා තමයි මීටරයක පමණ දුරස්ථතාවයක් තියාගන්නයයි උපදෙස් දෙන්නේ) යම් ලෙසකින් මේ වයිරසය සුළඟින් ප්‍රචාරණය වුනානම්... අපේ රටේ පමණක් නොව පොහොසත් රටවල පවා ඕනතරම් සිටින නිවාස නොමැති අසරණ ජනතාව අන්ත අසරණ තත්වයකට පත්වෙනවා.නිවාස ඇති, ඇති හැකි අය " සතුරාට" දොර වසාගනිද්දී ..නැති බැරි නිවාස නොමැති අයව සතුරාවිසින් බිලිගනිවී. යයි සිතීම සාධාරණයි.. නමුත් එය එසේම සිදුවන්නේ නැහැ. ඉපදුන දා සිටම මහා මග ජිවත්වන අයගේ සිරුරු වයිරස් රෝගවලට ඒ අය කුඩා කලම ගොදුරුවී,ඒ අය තුල ප්‍රති ශක්තිය ගොඩනැගෙනවා.දවසක ඒ වර්ගයේම විකරනයවූ වෙනත් වයිරසයකට ඔහු ගොදුරුවීමේ අවදානම බොහෝ අඩුය.

:       260       352

ChampaSunday, 29 March 2020 04:42 PM

කොරෝනා වෛරසය බෝවීම ඔය කියන තරම් සරල නැහැ. කොරෝනා රෝගියෙක් කැස්සෙන් හෝ කිඹුහුමකින් වාතයට නිකුත් කරන වායු අංශු වල විතරක් නෙමෙයි තව නොයෙක් විදි තියෙනව රෝගය බෝවෙන. උදා: විදිහට වෛරස රෝගී ලක්ෂණ නොපෙන්වන නමුත් වෛරසය ශරීර ගත වුනු බොහෝ දෙනෙක් සමාජයේ ඉන්න පුළුවන්. ඔවුන්ගෙන් වෛරසය අනුන්ට ශරීර ගත වෙන අවස්ථා බොහොමයක් තියෙනව. එනම්; 1). කොරෝනා වෛරසය තද සහ දිලිසෙන ද්‍රව්‍ය, ඒ කියන්නේ වීදුරු, ප්ලාස්ටික්, කවුන්ටර්, දිලිසෙන හැඳි ගෑරුප්පු වගේ දේවල පැය 72ක් රැඳී තියෙනව. 2). කාඩ්බෝඩ්, පත්තර, රෙදි වගේ දේවල පැය 24ක් වෛරසයට සක්‍රියව ඉන්න පුළුවන්. 3). කෙලින්ම කෑමට ගන්න එළවලු පලතුරු වලත් වෛරසය රැඳිලා තියෙන්න පුළුවන්. ඒ හින්ද ගන්න කොට ගන්න ඕනේ උයන්න පුළුවන්, ලෙලි අරින්න පුළුවන් සහ හොඳට සේදිය යුතුම එළවලු පලතුරු. බෑග් එකක් ඇතුලේ වගේ තියෙන වර්ග අනික්වට වඩා සුරක්ෂිතයි. හැබැයි වෛරසය මේ සියලු අවස්ථා වල තියෙන්න පුළුවන් වැඩිම කාලය පැය 24 සිට 72 දක්වා. ඒ හින්ද අවදානමක් ගන්නේ නැතුව මේ 1, 2, 3 ගැන අවබෝධයක් ඇතුව වැඩ කරන්න. සරලව කියනව නම් අතපත ගාන හැම තැනම වෛරසය තියෙන්න පුළුවන්. මුඛවාඩමක් දැම්ම පමණින් ඔබ ආරක්ෂා වෙන්නේ නෑ.

:       109       2

ChampaSunday, 29 March 2020 08:26 PM

මේ වෙලාවේ ආරක්ෂිතම ආහාර තියෙන්නේ ගමේ මිසක් සුපර්මාර්කට් එකේ නෙමෙයි. ඒ මොකද කිව්වා නම් ආහාර එළවලු, පලතුරු සුපර්මාකට් එකට එනකොට බොහෝ පිරිසක් අතපත ගානවා. නමුත් ගමේ එහෙම නෙමෙයි. එක මිනිහයි අත ගාන්නේ. වැඩිම වුනොත් දෙන්නෙක්. ඒ හින්දා සුපර් මාකට් එකේ සතොසේ පෝලිම් වල ඉන්නේ නැතුව කෙලින්ම ගමට යන්න. ගමේ කඩෙන් බඩු ගන්න. නගරේ වගේ තදබදයකුත් නැහැ. පරිසර දූෂණයත් නැහැ. ගමේ කොරටුවට හේන්වලට ගිහින් කෙලින්ම ගොවියාගෙන් එළවලු පලතුරු ගන්න. ඒක තමයි ආරක්ෂිතම විදිහ. මේ දවස්වල හුඟක් එළවලු, පලතුරු ගමේ කොරටු වල වතු වල තියෙනවා. අස්වැන්න නෙලන්න මිනිස්සු නැති හින්දා ඒවා නගරෙට යවන්න ගොවීන්ට විදිහක් නැහැ. ඒ හින්දා කරන්න ඕනේ ගම් වල හේන්වලට, ගොවිපොළවල් වලට ගිහින් සිංහල හාල්, පොල්, ළූණු ඉඟුරු, සුදුළූණු, තැඹිලි, පොලොස්, කොස්, දෙල්, නිවිති, කොහිල, අලකොළ දෙකම අනිත් එළවලු, පලතුරු, මීකිරි, එළකිරි මේ ඔක්කොම කෙලින්ම ගොවියන්ගෙන් ගන්න එක. එක පැත්තකින් වෛරසය බෝවීමෙන් ආරක්ෂිතයි. අනිත් පැත්තෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණයත් වර්ධනය වෙනවා.

:       0       0

කිත්සිරි - කෝට්ටේ Sunday, 29 March 2020 03:58 PM

විජිත්,අද දවල් මට කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වරයෙක් හමුවුන අවස්ථාවේත් එතුමා කිවේ ඔබ කියන දෙයමයි. ඇත්තටම දුප්පත් අයට ස්වභාවධර්මයෙන් යම් ආශිර්වාදයකුත් ලැබිලා තියෙනවා.

:       0       58

ජයනාත් දිවිතොටවෙල - මහනුවරSunday, 29 March 2020 06:00 PM

කිත්සිරි මහත්තයෝ, ඔබගේ අදහස වැදගත්. ඒ දවස්වල විජිත් මහත්මයා භා භෞතික විද්‍යාව සම්බන්ධව බොහෝදේ අපව දැනුවත් කළා.ඒ දවස්වල අපේ ප්‍රධාන වැඩක්වුනේ විජිත් මහත්මයාගේ අදහස් දැනගැනීමයි. විශේෂයෙන් පරමාණු සහ ජලකර බෝම්බ පිළිබඳව අපි ජිවිතයකටවත් නොඇසූ තාක්ෂණික විස්තර එතුමා පැහැදිලි කලා. එතුමා දැනට කැනඩාවේත් ප්‍රන්ශයේත් එංගලන්තයේත් වරින් වර ජිවත්වන ව්‍යවහාරික භෞතික විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයෙක් බව මම දැනගත්තෙත් කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකුගෙන්... ඒ වගේම තමයි අවුරුදු 30 කටත් වඩා පිට රට ජිවත්වුනත් විජිත් මහත්මයාට සිංහල භාෂාව අමතකවෙලා නැහැ. මේ පිටුවට ඉඳලා හිටලා ලස්සන නිසඳැස් පවා විජිත් ලිව්වා මට මතකයි. ඉතින් මම එතුමාට තවත් කාලයක් ලංකාදීප ඔන් ලයින් පිටුව සරසන්න ශක්තිය ලැබේවා කියලා පතනවා.

:       0       30

sunilMonday, 30 March 2020 10:42 AM

විජිත් මහත්මයා ගැන මමත් ටිකක් දන්නවා.. දැනට අවුරුදු 10 කට විතර ඉස්සර ලංකාවේ ලොකු විදුලිබල අර්බුදයක් ඇතිවුන වෙලාවේ, විජිත් ඉතාමත් වැදගත් අදහස් රාශියක් විස්තර කරලා තිබුනා. ස්වයංක්‍රීය සින්ක්රෝනයිසර්ස් ශ්‍රී ලංකාවේදී භාවිතාකිරීම ගැන ඉතාම වැදගත් අදහස් රාශියක් ඒ දවස්වල විදුලි බල මණ්ඩලයේ සේවයකළ අප ඉගෙන ගත්තා.

:       0       20

225 Sunday, 29 March 2020 09:30 PM

නිතර හැදෙන ලෙඩවලට ප්‍රතිශක්තිකරණ හැකියාවක් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හැකියාවක් මොවුන්ට තියෙන්න පුළුවන්. එහෙත් අළුත් වයිරස් එකකට එම ප්‍රතිශක්තිකරණ බලපාන්නේ නැහැ. තර්ක කරනවාට වඩා ඇඳිරි නීති අවසර පත්‍රයක් ගන්න පුළුවන් නම් කෑම පාර්සල් ටිකක් වත් ගෙනිහින් දෙන්න පුළුවන් නම් විශාල පිනක්. කෑම කඩවල් වහලා තියෙන එකත් කීයක් හරි උපයාගන්න තියෙන නොහැකියාවක් තියෙන එකත් දෙකම එකට. තව එකක් මේ අවස්ථාවේ ඔබ ඔබේ පවුලට කෑම හොයාගත්ත විදිහ ටික කාලයක් මතක තියෙයි. දවසේ පඩිය නැතුව කෑම හොයාගන්න බැරි පවුලක් දෙකක් එක්ක ඔබට තියෙන සුළු ආහාර ප්‍රමාණය හරි බෙදාගත්තොත් ජීවිත කාලෙම මතක තියෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 259 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 745 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1926 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2160 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 647 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 279 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site