IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


නවීන තාක්ෂණය සහිත විශ්ව විද්‍යාල රැසක් පිහිටුවනවා

(සුජිත් හේවාජුලිගේ මාතලේ සිට)

තමා බලයට පත්වීමෙන් පසුව නවීන තාක්ෂණය සහිත නව විශ්ව විද්‍යාල රැසක් රටපුරා පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාතලේදී අද (27) පැවසීය.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

 



අදහස් (57)

නවීන තාක්ෂණය සහිත විශ්ව විද්‍යාල රැසක් පිහිටුවනවා

sachith Sunday, 27 October 2019 04:37 PM

අලුතෙන් හදන්න කලින් තියෙන ටික නවීනකරණය කළා නම් නරකද?

:       246       1074

පුරවැසියා Sunday, 27 October 2019 08:16 PM

මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් 30 ගණනකින් ප්‍රධාන දෙදෙනෙකු සිටියි. එනම් ගෝඨාභය සහ සජිත්ය. මොවුන් දෙදෙනාම වේදිකාවන්වලදී විවිධ අදහස්, යෝජනා ජනතාව වෙත ඉදිරිපත් කරමින් සිටියි. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය සහ නීතියේ අාධිපත්‍යය ඉහළින්ම අගයන රටවල් මුළු රටටම වග කියන නායකයන් තෝරා ගැනීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් එක් එක් පක්ෂවලින් තරගකරනු ලබන අපේක්ෂකයන් එක් වේදිකාවට පැමිණ දේශපාලන විවාදයන් මගින් ඔවුන්ගේ දක්ෂතා හැකියාවන් සහ අනාගත වැඩපිළිවෙල රටට ඉදිරිපත් කර ජනත‍ාව දැනුවත් කරනු ලැබේ. රටේ නායකත්වය බාර ගැනීමට අපේක්ෂාවෙන් සිටින ගෝඨාභය සහ සජිත් දෙදෙනාම එකම වේදිකාවකට පැමිණ ඔවුන්ගේ අදහස් ජනතාවට ඉදිරිපත්කර ලංකාවේ දේශපාලන සංස්කෘතියට සහ ජනතාවට අලුත් අත්දැකීමක් ලබාදෙන්න. රටේ දේශපාලන සංස්කෘතියට වෙනසක් ඇතිකිරීමට මූලිකවන්න. පසුගියදා පැවැත්වූ ආසියානු රටවලට පමණක් සීමා වූ මාධ්‍ය කැඳවා පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කියාසිටියේ 10ක් 15ක් පැමිණ එක පුද්ගලයකුගෙන් ප්‍රශ්න කරන නිසා ඔහු එම අවස්ථවට නොපැමිණෙන බවයි.

:       0       111

ලියනගේ LAMonday, 28 October 2019 01:47 PM

ගෝඨාට බෑ , බැරි නිසානේ පවුල පිටින්ම ඇමෙරිකාවට ගියේ . ලංකාවේ මිනිස්සු මෝඩයන් නොවේ . නෝනා සහ පවුලේ සියලු දෙනාම තවම ඇමෙරිකානු පුරවැසියන් . කකුල් දෙක දෙපත්තේ තියාගෙන ඉන්නේ. පරද වුණු ගමන් පැදුරටත් නොකියා ඇමෙරිකාවට එන බව තේරුම් ගන්න. ඔය පස්සෙන් යන කට්ටියට ඇමෙරිකාවට යන්න බැරිය. නමුත් ඔය කට්ටියට යන එනමන් නොමැති බව තේරුම් ගන්න. ඇමෙරිකාවට බැන බැන ඇමෙරිකානු පුරවැසියකු ජනාධිපතිවරණයට ඉදිරිපත් ව සිටීම ගැන අප කනගාටුවෙමු.

:       16       307

ශ්‍රී Sunday, 27 October 2019 04:38 PM

මෙවැනි පොරොන්දු ප්‍රායෝගිකද? ට්‍රිලියන 11ක් ණයගැතිව තියෙන අප වැනි රටක් මෙවැනි මහා ව්‍යාපෘති සඳහා මුදල් යොදවන්නේ කෙසේද? අපට අවශ්‍ය මෙවැනි බොරු පොරොන්දු නොවේ. දැනට මේ රට පත් වී ඇති ණයගැති භාවයෙන් මුදාගෙන සංවර්ධනය කරන වැඩපිළිවෙළක් මින් පෙරද මෙවැනි පොරොන්දු දී පැමිණි බොහෝ රජයන් මේ රටත් ජනතාවත් තව තවත් අනාථ කළා පමණයි..

:       343       2207

rathnaSunday, 27 October 2019 05:43 PM

ශ්‍රී, 100% ඔබගෙ අදහස නිවැරදි. ලැබීමට නියමිත නියත ජය, මෙවැනි දේ මඟින් එය අහිමි විය හැක.

:       0       82

RasikaSunday, 27 October 2019 08:33 PM

අනිවාර්යෙන්ම කලයුතු දෙයක් සහ ප්‍රායෝගිකයි. ලංකාවේ ආර්ථිකය නවීකරණය කරන්න ඕනේ. නවීන තාක්ෂණයත් එක්ක බද්ධ වී, හෙට ලෝකයට අවශ්‍ය දැනුමෙන් සහ කුසලතා වලින් දියුණු තරුණයන් බිහිකරන්න ඕනේ. එතකොට මැදපෙරදිගට වහල් සේවයට ගැහැනුන් යවන්න ඕනේ නැහැ. මම ඉන්නේ ඇමෙරිකාවේ, මෙහෙ කෙනෙක් මැදපෙරදිගට රැකියාවට යනවනම් යන්නේ උසස් පන්තියේ රැකියාකට, විශාල පඩියක් ගෙවන. ඒවගේම අපිට තොරතුරු තාක්ෂණය, වගේ ව්‍යාපාර වැඩි දියුණු කරන්න පුළුවන්. වියයුතු දෙයක්

:       1       5

ගරසරපMonday, 28 October 2019 01:19 AM

ණය ගෙවන්න සල්ලි ඕන. සල්ලි හොයන්න ආයෝජන ඕන. පිටරට ආයෝජන ලංකාවට දැන් එන්නෙ බුද්ධිමය ශ්‍රමය ලබාගන්න මිසක් කායික ශ්‍රමය ලබාගන්න නොවේ. ඇගලුම් වැනි කර්මාන්ත සදහා කායික ශ්‍රමය බංගලාදේශය වියට්නාම් වැනි රටවල වල ලාබෙට ගන්න පුලුවන්. බුද්ධිමය ශ්‍රමය නිපදවීමට අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි. තේරුනාද මන්ද.

:       0       4

sachithMonday, 28 October 2019 03:13 AM

ඉල්ලුමට සැපයුම, ජනතාවට ඕනි මේ වගේ පොරොන්දු තමයි. ණය ප්‍රමාණය ට්‍රිලියන 11ක් නෙවෙයි, ට්‍රිලියන 100ක් වුණත් කමක් නෑ. ඒවාම තමයි දෙන්නේ. මෙයාලා එ්ක දන්නා නිසා තමයි හැමදාම මේවගේ කැරට් අල ජනතාවට දෙන්නේ. මේ වගේ දේවල් කියලා ජපානේ වගේ රටක ඡන්ද 100ක් වත් ගන්න පුළුවන් වෙයිද?

:       0       2

akaMonday, 28 October 2019 03:54 AM

ලෝකයේ දියුණු වෙච්ච සෑම රටක්ම දියුණු වුනේ අධ්‍යාපනය දියුණු කිරීමෙන් තමයි. නැතුව කර්මාන්ත ඇති කරන්න බෑ. එහෙම නැත්නම් පුලුවන් හවුස්මේඩ්ලා, කම්කරුවෝ පිටරට යවන්නයි ගාමන්ට් වගේ අඩු පුහුණුවක් ඇති සේවකයන් යොදාගෙන කරන කර්මාන්ත ඇති කරන්න තමයි...

:       1       2

sharm warnMonday, 28 October 2019 04:54 AM

අනේ ඉතින් කාටද කියන්නේ..? තියෙන එව්වා වල වැඩ කරන යට පඩි ගෙවන්නේ නැතුව ඒගොල්ලෝ වර්ජන කරනවා. අඩු ගානේ දැනට තියෙන උපාධි පාඨමාලා වලින් රටට වෙන දායකත්වය ගැන කවුරුවත් හරි අධ්‍යයනයක් කරලා තියෙනවද? ඒවා යාවත්කාලීන කරලා වාර්ෂිකව සමාජගත වෙන උපාධිධාරීන්ට රැකියාවන්ට යොමු වෙන කිසිම සැලැස්මක් මේ වෙනතුරු කවුරුවත් තව වෙනතුරු ඉදිරිපත් කළාද? මෙයා කියන්න හදන්නේ අර ඇමෙරිකාවේ, එංගලන්තේ වගේ ඉස්කෝලේ පන්තියෙන් පන්තියට යනකොටත් ග්‍රැඩිවේෂන් කියලනේ කියන්නේ.. එහෙම සෙල්ලමක් මෙහෙත් දාන්න වෙන්න ඇති.. සාමාන්‍ය මිනිසුන්ට රටේ ආර්ථික ගැටළු තේරෙන්නේ නැහැනේ.. එ්කේ වාසිය තමයි මේ ගන්න හදන්නේ මෙයයි අනිත් ගොයියයි දෙන්නම.. මේ දෙන්නගෙන් කොයි එක්කෙනාගෙන් වත් රටට හොඳක් වෙයි කියලා හිතනවද?

:       0       2

CiscoMonday, 28 October 2019 05:01 AM

රට හදන්න උවමනාවක් නැති අයට මෙහෙම කියන එක ගැටළුවක් වෙන්න පුළුවන්. රටේ නිෂ්පාදන වැඩි දියුණු කිරීමෙන් සහ නිසි කළමනාකාරිත්වයකින් රට පාලනය කළොත් මේවා කළ හැකි දේවල්. මේ අපේක්ෂකයන් කොහොම කරාවිද කියන එක එතුමෝ කළකි දේවල්ොවලින් තමයි හිතාගන්න ඕනි.

:       2       2

KAMAL Sunday, 27 October 2019 05:19 PM

ඇමරිකාවේද?

:       2       112

Saamn Sunday, 27 October 2019 05:24 PM

මෙයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බහුතරයක් දේවල් ගෙඩි පිටින්ම 2015 එජාප ප්‍රකාශනයෙ තියෙන ඒවා සහ ඇතැම් ඒවා දැනට ක්‍රියාත්මකයි සහ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය සැලසුම් සකස් කරලත් අහවරයි. සමහර දේවල් මහින්ද චින්තනයේ තිබිලා අවුරුදු 11ක්ම නොකරපුවා... සමහර ඒවා වචන විතරයි ලංකාවට හරියනවද කියලවත් තේරෙන්නේ නෑ..

:       3       152

Perera Sunday, 27 October 2019 07:51 PM

එන්න කලින් පොරොන්දු නම් එමටයි. ආවට පස්සේ ඒ පොරොන්දු ඉෂ්ඨ කරගන්න බැරිවුනේ ඇයි කියලා හේතු සාධක එමටයි. ඕක ඡන්දෙ ඉල්ලන හැමටම පොදුයි. රටයි, ජනතාවයි හැමදාමත් වලපල්ලේ...

:       0       19

කපිල Sunday, 27 October 2019 08:15 PM

එ්වටත් අන්තරේ බුවාලා සෙට් වෙලා පාරෙ කඳුළු ගෑස් නාන්න සෙට්කළොත් මොකද කරන්නේ බොස්..? අර සුදු පාට වාහනේ.. නැහැ මම නිකන් අැහුවේ..

:       3       112

රාජුන් Sunday, 27 October 2019 08:44 PM

බොහෝ රටවල අධ්‍යාපනය නගා සිටුවා ඇත්තේ රජයේ තත්ව පාලනය යටතේ පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවීමෙන්. ඇමරිකාව, යුරෝපයේ බොහෝ රටවල් මෙයට උදාහරණ.

:       0       10

රජින්ද Sunday, 27 October 2019 09:14 PM

ගෝඨා ගැන අවබෝධයක් ඇති ඕනෑම අයෙක්ට වැටහෙනවා මේ කරන්න හදන්නේ රටේ තරුණ පරම්පරාව තාක්‍ෂණයෙන් පෝෂණය කිරීමේ අති දැවැන්ත ව්‍යාපාරයක් බව. අපි වගේ කුඩා දුපත් රාජ්‍යයන්ට ඇතී විශාලම සම්පත මානව සම්පතයි. කන්නන්ගරතුමා හැරෙන්න වසර 71ක් පුරා මේ රටේ දේශපාලනය කල කිසිවෙක් අධ්‍යාපනය ගැන ගෝඨා තරම් උනන්දුවෙන් වැඩපිළිවෙල සකසා නැහැ. ඒ මොකද ඔවුන් තුල පැවති කුහකත්වයයි. පසුගිය මහින්ද පාලන සමයේදීත් ඔවුන් මේ ගැන සොයා බැලුවේත් නැහැ. වත්මන් පාලන කාලයේදී එය කිසිසේත්ම සිදු වුයේ නැහැ. නමුත් අපට පෙනෙන්න තියෙනවා මහින්ද මහත්මයා ගෝඨා සමග එම අධ්‍යාපන ප්‍රතිපත්ති ඉදිරියට රැගෙන යාමේ විශාල උනන්දුවකින් දැන් පසුවන බව. ඒ නිසා ඒ සියලු ධනාත්මක සිතුවිලි සමග ගෝඨාගේ මුලිකත්වයෙන් යුතුව අලුත් විද්වත් දේශපාලන සංයුතියක් මේ රටේ බිහිකරාවී කියා විශ්වාස කරනවා.

:       112       25

Nimal Sunday, 27 October 2019 09:15 PM

බොරු කියනවා, මෙයාට සල්ලි කෝ මේවට

:       5       31

ලුම්බිණි Sunday, 27 October 2019 11:53 PM

හැම ජනාධිපති අපේක්ෂකයෙක්ම නිකම් තමන්ට හිතෙන හිතෙන දේවල් පොරොන්දු වෙන බවකුයි පෙනෙන්නේ. හැමටම පළමුව මේ කියන දේවල් වල මුදල් හොයා ගන්නේ කොහොමද කියන බව එලි කලොත් නරකද?

:       4       10

Jaya Sunday, 27 October 2019 11:53 PM

ලෝකේ ඕන තරම් තාක්ෂණික විශ්ව විද්‍යාල මෙහෙ ආයෝජනය කරන්න බලාගෙන ඉන්නවා. ඒවාට රජයේ මුදල් අවශ්‍ය නැහැ. එත් ප්‍රශ්නය වෙලා තියෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාර මේවට ඉඩ දෙන්නේ නැහැ.

:       0       6

Mahee Monday, 28 October 2019 12:40 AM

අනේ හැමදාම මැතිවරණ තියෙනවා නම් කොච්චර හොඳද? කණට මී පැණි වක්කරනවා වගේ කියල ප්‍රස්ථා පිරුලකුත් තියෙනවනේ. ඒ වුණාට මී පැණි කනට දාලා වැඩක් තියෙනවායැ, කටට මිසක්. හැබැයි, ඒ මී පැණි කවදාවත් කටට වැටෙන්නේ නැති බව අපේ වහල්ලුන්ට මේ ආත්මයේදී නම් තේරෙන්නේ නෑ.

:       0       4

Amila Monday, 28 October 2019 01:12 AM

තියෙන ඒවා වැඩි දියුණු කරනවා මිසක් අලුතෙන් හදනවා කියන්නේ මහජන මුදල් නාස්ති කරන් වැඩක්. කොහොමත් මෙයාලා කැමති ඒවාගේ නාස්තිකාර වැඩ වලට තමා..

:       3       7

Kumar Monday, 28 October 2019 01:26 AM

බොහොම හොඳ අදහසක්නෙ. ඒ වගේම ආණ්ඩුවේ රක්ෂා ඇති කළේ නැත්නම් රැකියා නැති උපාධි කාරයන් උද්ඝෝෂණය කරන්න පටන්ගනී, ඇත්තට කියනවා නම් ඔය කතාව ඥාන වන්තයන් විශ්වාස කරන එකක්නෑ

:       0       3

මහින්ද චින්තනේ Monday, 28 October 2019 01:32 AM

අලුතෙන් හදන්න කවුරුත් උනන්දුයි රුසියෝ. එතකොට තමා ඒ අයගෙ වටේ ඉන්න අයගෙයි හොද්ද බොර. එකෙක්වත් තියෙන දෙය පරිස්සන් කරගන්න, අලුත්වැඩියා කරන්න, නවීකරණය කරන්න හිතන්නෙවත් නැහැ. මේකියන විදිහට පසුගිය රජය නෙමේ ඊට කලින් තිබුණ එකෙනුත් වැඩකට ඇති දෙයක් කරළම නැද්ද කොහෙද. යුද්දේ ඉවර වෙලා දිග ඇරපු මහින්ද චින්තනේ ඉදිරි දැක්මත් එතකොට මෙය කියන්නේ වැඩක් නැති බොරුවක් කියලද? එතකොට මහින්ද අගමැති වෙලා කොරන්නේ මහින්ද චින්තනේ ඉතුරු ටිකද නැත්නම් ඝෝඨාභයාගේ ප්‍රතිප්පත්තියද? මේකත් මහින්ද චින්තනේ දිගුවක්නම් හොදයි නැත්නම් මහින්ද ගොඨාගේ හිර කාරයෙක් වෙනවා.

:       0       1

rocky Monday, 28 October 2019 02:01 AM

වැඩ ඔක්කොම චීනෙන් ණයට කරවා ගන්න . ආත්ම ගාණක් ගෙවන්න රට ණය කරවලා මාර කොමිස් පාරක් ගහන්න පුළුවනි!

:       0       2

chandana Monday, 28 October 2019 03:01 AM

ගිය සතියේ කිව්වා මෙය උසස් පෙළට පස්ස හැමෝටම විශ්ව විද්‍යාලයට යන්න ඉඩ ලබා දෙනවා කියල. මෙහෙම මිනිහකුටද ජනධිපතිකම දෙන්න හදන්නේ. තව මෝඩ කතා ඒමට කියනවා. දෙන්නම එකයි.

:       2       2

Nissanka Monday, 28 October 2019 04:34 AM

ලෝකෙට ණය වෙලා ගුවන් යානා නොඑන ගුවන්තොටුපොළ, ක්‍රිකට නොගහන ක්‍රීඩාංගන හරක් ළගින සම්මන්ත්‍රණශාලා හදපු සල්වලින් විශ්ව විද්‍යාල කීයක් හදන්න තිබුණාද?

:       1       55

mahesh Monday, 28 October 2019 04:50 AM

මුලින්ම තමන්ට තියෙන නඩුවලින් බේරිලා ඉන්න. ඊට පස්සේ ඒවා ගැන කියන්න. අනිත් එක රටේ හැම පුරවැසියෙක්ම ණය කාරයෙක් කරපු අප්පච්චි ගත්තු ණය ටික පියවලා ඉන්න... නැත්නම ඕවා කරන්නත් ඉඩම් නැතිවෙයි. ඕවා චීනෙට අයිතිවෙලා තියේවි..

:       0       16

Nimal Monday, 28 October 2019 05:50 AM

කවුරු පත් උනත් යාපනය ත්‍රිකුණාමලය අම්පාර සිට උදෙන් පැය 2න් වැඩට ඇවිත් හවස ගෙදරට යන කොළඹට ගම ලංවන සුන්දර හීනය අපට තිබේ. මෙය අප මැරෙන තෙක් ජීවත් වන රටයි. එය දියුණු කර ගැනීම අප විසින්ම කර ගත යුතුය.

:       50       188

දකුණේ බුද්දීමතාMonday, 28 October 2019 09:23 AM

ඉතින් දැන් හම්බන්තොටටම අධිවේග තියනවනේ? ගම (පාලකයාගේ) කොළඹට කිට්ටුයි නේද? නිට්ටඹුව ඉඳන් කොළඹට (කිලෝමීටර් 40) පැය 2 යි විනාඩි 30 යි. හම්බන්තොට සිට කොළඹට (කිලෝමීටර් 250) පැය 2 යි විනාඩි 30 යි. තව දුරටත් ලංකාවට අධිවේග අවශ්‍යද?

:       0       5

කියනකොට එහෙමයි Monday, 28 October 2019 06:20 AM

මොනවා කියනවද? හමුදා මුලස්ථානය තිබුන ඉඩම මිලියන 1800 කට විකුණලා, මිලියන 5000 වියදම් කරලත් හදල නැති හමුදා මුලස්ථානේ වගේ තමා. කියනකොට එහෙමයි

:       123       601

දොස්තර මාෆියාව Monday, 28 October 2019 06:31 AM

රටේ සමස්ත දුප්පත් ජනතාව අන්ත අසරණ කරමින් දොස්තර පාදෙණිය මෙහෙයවන දොස්තර සංගමය සිදුකරන ලද අප්‍රමාණ අසාදාරන වැඩවර්ජන වල සබැ මුහුණුවර අල්පවූ හෝ බුද්දියක් තිබෙන මිනිසුන්ට නිදහස්ව සිතන්නේ නම් පසුගිය දා නෙලුම් පොකුණේ තිබුණු උත්සවයෙන් මොනවට පැහැදිලිවන්නේය.

:       4       672

jayantha Monday, 28 October 2019 06:45 AM

මේ කියන්නේ සයිටම් වගේ ප්‍රයිවට් ඒවා.

:       98       535

lalithm Monday, 28 October 2019 06:50 AM

ඔක්කොම හොඳයි. ඒත් දැනට තියෙන පිලුනුවුන පාඨමාලා ටිකවත් හදාගන්න පුළුවන් වුනොත් පිටවෙන උපාධිධාරීන්ට රැකියාවක් පිලිබඳ සිහිනය සැබෑ කරගන්න පුළුවන්. ඉන්න උපාධිධාරීන් හොඳ රජයේ සේවයේ නිකම් ඉන්න තැන්වලට විතරයි. පුද්ගලික අංශයේ බොහෝ තැන් වලදී මොවුන් හැලෙනවා. මේ වේදිකාවේ ඉන්න ජරා ජීර්ණ කල් ඉකුත්වුන නායකයෝ දුටුවම නම් නවීන තාක්ෂනය ඔබට සිහිනයක් වීමට ඉඩ තියෙනවා. තරුණ ජවයක් සහිත බුද්ධිමතුන් එකතුකර ගන්නකම් ඔය කියන කටයුතු හීනයක්.

:       1       283

Ruwan Monday, 28 October 2019 07:06 AM

අලුතෙන් හදන කොටනේ වැඩි කොමිස් එකක් ගන්න පුළුවන්. ඒකනේ රේල් පාරවල් හදලා කෝච්චි දානවා වෙනුවට අධිවේගී පාරවල් හැදුවේ.

:       111       391

රජින්ද Monday, 28 October 2019 07:37 AM

වෙනත් කිසිදු අපේක්ෂකයෙක්ගෙන් දක්නට නොලැබුණ අධ්‍යාපනය වෙනුවෙන්ම විශාල අවබෝධයක් සහ ඒ වෙනුවෙන් කැපවුණු මානසිකත්වයකින් සිටින එකම අපේක්ෂකයා ගෝඨා බව පෙනී යනවා. එය මේ රටේ වෘතීයවේදීන්ගේ වැඩිවීමටත් එමගින් උත්පාදනය වන නව රැකියා සහ ඔවුන්ගේ විනිමය නිසා මෙරට දළ ජාතික ආදායමේ වර්ධනයටත් බලපානවා. අපි මෙතෙක් කාලයක් මේ රටේ දේශපාලන නායකත්වයෙන් බලාපොරොත්තු වූදේ තමයි මේ. සුබ පැතුම්..!!!

:       1128       306

sirisenaMonday, 28 October 2019 08:40 AM

අනේ හරි හිනා. විහිලු කතා...

:       1       30

ගොබ්බසේනMonday, 28 October 2019 04:32 PM

මොකට කියනවද ?

:       0       1

sena Monday, 28 October 2019 07:54 AM

විකාර වැඩක්, ඊට පස්සේ ඒවගෙන් එලියට එන අයට මහජන මුදලින් පඩි රස්සාවල් දෙන්න ඕනේ - කිසිම අවබෝදයක් දැක්මක් නැති වැඩ දැන්වත් ඇති.

:       88       333

Achini Monday, 28 October 2019 07:58 AM

මේ කියන්නේ සයිටම් වගේ ප්‍රයිවට් ඒවා.

:       13       337

WasudewaMonday, 28 October 2019 10:06 AM

සයිටම් හැදුවෙත් මේගොල්ලෝම තමයි, පස්සේ යහපාලනය.

:       0       15

kamal Monday, 28 October 2019 08:10 AM

කොහොමද කරන්නේ? කොහෙද සල්ලි තියෙන්නේ?

:       2       30

BamunuarachchiTuesday, 29 October 2019 04:21 AM

ගෝඨාභය දෙන පොරොන්දු විතරද කියෙව්වේ. සජිත් මේ තිබෙන සියල්ලම දෙන්න පොරොන්දු උනේ කොහේ තිබෙන සල්ල වලින් කරන්නද ? ඔහෙලාගේ කුහකකම ඉහවහා ගිහිල්ලා. සජිත් පොරොන්දු උන සංඝායනාව කරන්න හාමුදුරුවරු එකතු කළොත් තමයි පුදුමේ.

:       0       0

Rata Perata Monday, 28 October 2019 08:12 AM

මාර වැඩ ගොඩක් කරන්න යන්නේ.

:       1       43

BamunuarachchiTuesday, 29 October 2019 04:17 AM

එතකොට ඔය ප්‍රශ්නය ඇයි සජිත්ගෙන් අහන්නේ නැත්තේ? සජිත් මේ ඉරයට තිබෙන සියල්ලම දෙන්න පොරොන්දු වෙනවා මදිවට සංගායනාවකුත් කරන්න පොරොන්දු වුණා. හැබැයි සංගායනාව කියන්නේ මොකක්ද කියාවත් නොදන්නා බව නම් කතාවෙන් පැහැදිලියි. ඔය ඉන්න හොරු රැලෙන්ම නේද සජිත් ඔය පොරොන්දු ඉෂ්ඨ කරන්න හදන්නේ?

:       0       0

පිටිගල මිලානෝ Monday, 28 October 2019 08:47 AM

ඉස්සෙල්ලම කියන්න සිරදඬුවම් විඳින දුමින්ද සිල්වාවයි තංගල්ලේ සභාපතිවයි නිදහස් කරනවද කියලා...

:       0       217

සෙනෙවිරත්න Monday, 28 October 2019 03:25 PM

බයවෙන්න එපා... දුමින්දගේ වැඩේ කරන්නම එපායැ... අයියගේ චැනල් දෙන එකට එහෙම නොකර පුළුවන්ද?

:       0       200

BamunuarachchiTuesday, 29 October 2019 02:36 AM

මෙතන කතා කොරන්නේ කාර්මික විශ්ව විද්‍යාල පිහිටවන එක ගැන ඒ සම්බන්දව යමක් කතා කියලා ඔබේ දැනුම පෙන්වන්න

:       1       0

aruna Monday, 28 October 2019 09:12 AM

දැනට හිගයක් තිබෙන එකම වෘතිය වෛද්‍ය වෘත්තියයි. වසරකට 3000 ක් පමණ අවම වශයෙන් අවශ්‍ය වෙනවා රජයේ හා පුද්ගලික රෝහල් පවත්වාගෙන යාමට. නමුත් වසරකට පිටවෙන ප්‍රමාණය 1500 ක් පමණ. මෙම හිගය නිසා පෞද්ගලික රෝහල් සියල්ලම පහේ කරන්නේ රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන්වම මෙහි සේවයේ යොදවා ගැනීමි. රජයේ රෝහල්වල සේවාවට මෙය ඉතා අහිතකර ලෙස බලපානවා. අනෙක් කිසිම වෘත්තියක (ඉජිනේරු හා අනෙකුත් තාක්ෂණිකයන්ගේ හිඟයක් නැහැ) මන්දයත් වසරකට විශාල ප්‍රමාණයක් විශ්ව විද්‍යාලවලින් හා පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් පිටවෙනවා. රැකියා විරහිත අයිටී හා ඉජිනේරු උපාධිධාරීන් මා දන්නවා. එබැවින් කළ යුත්තේ හිඟයක් ඇති අංශ හදුනාගෙන ඒවා ප්‍රථමයෙන් පිරවීමයි. නමුත් මොහු වෛද්‍ය අධ්‍යාපනය ගැන වචනයක් කතා නොකරයි මොහු දේශපාලන අරමුණු වෙනුවෙන් මිස රටේ පොදු අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින බවක් නොපෙනේ. තක්ෂණික අධ්‍යාපනයේ පළමුව කළ යුත්තේ පවතින විශ්ව විද්‍යාල ජාත්‍යන්තර ප්‍රමිතියට ගෙන ඒමයි. විශ්ව විද්‍යාල වැඩි කිරීම නොවේ. .

:       0       137

lanka Monday, 28 October 2019 09:27 AM

කියන්නා කෙසේකීවත් අසන්නා සිහිබුද්ධියෙන් අහන්න.

:       0       32

rohana kumara mendis Monday, 28 October 2019 10:25 AM

සේරටම කලින් විශ්ව විද්‍යාලවලින් පත්වුණු උපාධි ධාරීන්ට රැකියා දෙන්න. රැකියා ඉල්ලන් එනකොට වෙඩි තියපුවා මතකයි අපිට හොඳේ...

:       0       216

කපුරුහාමි Monday, 28 October 2019 10:41 AM

කලිනුත් ලංකාව ආසියාවේ ආශ්චර්ය කරනවා කියලා කියපු කෙනෙකුත් උන්නා. බල තණ්හාවට නොකරපු දෙයක් නැහැ. බලලෝභී, දුෂිත දේශපාලකයෝ කියන බොරු බේගල් වට්ටෝරු අහලා අපිට දැන් ඇතිවෙලා...

:       0       232

ajith Monday, 28 October 2019 01:36 PM

මෙතුමයි, අයියයි දෙන්නා අනුමැතිය දුන්න හිස්බුල්ලගේ ෂරියා විශ්ව විද්‍යාලයේ වගේ ඒවාද දන්නේ නැහැ.

:       0       217

chandi Monday, 28 October 2019 03:47 PM

මම ඔබ වෙනුවෙන් ජීවිතය පුදනවා. ආරක්ෂා කරනවා. සිරිසඟබෝ වගේ හිස දන්දෙමි. ඔය වගේ කතා වලට වැඩිය නම් මේවා ගොඩක් හොඳයි..!!

:       69       5

athuraTuesday, 29 October 2019 05:43 AM

චණ්ඩින්ට ඔය කතා හොඳ වුණාට යම්තරමක හෝ දැනුමක් තියන අයට ඕව නිකන් විහිලු කතා...

:       0       0

Bamunuarahchi Tuesday, 29 October 2019 03:05 AM

ඝෝඨාභය මහත්මයානනී 1960 වල තිබුනා මෙන් කාර්මික විද්‍යාල පිහිටුවන්න. අද මොරටුව විශ්වවිද්‍යාලයත් ඒ කාලේ හැඳින්වුවේ කටුබැද්ද කාර්මික විද්‍යාලය කියා. සති අග පන්ති ගණනාවක් තිබුනා. පාසල්වලට යන ළමයි සති අග පන්තිවලට ගියා JTO කියලා ඉංජිනේරු විෂය ගැන පන්තියක් තිබුනා. සති අග ගෘහ නිර්මාණ, විදුලි හා කාර්මික ඉංජිනේරු පන්තිවලින් විභාග සමත් වූ අයට ඩිප්ලෝමා සහතික ලැබුනා. එක ශිෂයෙක් සහතික ගණනාවක් ලබාගෙන සිටියා. මට මතකයි ප්‍රින්සිපල් ඔහුට කීවා ඔබ " ටොෆී පේපර්ස්" එකතු කරනවා වගේ සහතික එකතු කරනවා නේද කියා. සති අග පන්තිවල ගුරුවරු ලෙස ආවේ රජයේ ආයතනවල ඉංජිනේරුවන්. 1959 අපිට යාන්ත්‍රික ඇඳීම කියා දුන්නේ ඒ කාලේ වරාය කොමිෂන් සභාවේ සේවය කළ ඉංජිනේරුවන්. ඒ දැනීමෙන් මම SSC විභාගයේ යාන්ත්‍රික ඇඳීමේ විෂය සම්මාන ඇතුව සමත් වුනා. අපි පාසල් යන ගමන් තමයි සති අග පන්තිවලට ගියේ. නැවත කාර්මික විද්‍යාල පිහිටෙව්වොත් ත්‍රීවීලර් වලට ගොදුරුවෙන ළමයි අඩුවේවි.

:       1       0

Bamunuarachchi Tuesday, 29 October 2019 04:26 AM

සයිටම් විතරද පෞද්ගලික විශ්ව විද්‍යාල විදිහට දැක්කේ? සයිටම් ගැන විතරනේ කියවන්න ලැබුනේ. අනේද කියන්නේ මෙයාලගේ දැනුම. පෞද්ගලික විශ්ව විද්‍යාල වලින් උපාධිගත් බොහොමයක් අය රට හැර යනවා. ඔබලා වගේ කුහකයින් ඉන්න රටේ ඉන්න අකමැති නිසා......

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා
2024 අප්‍රේල් මස 16 72 0

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්


‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 1060 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


කුඩුත් එක්ක ඇල්ලූ ධීවරයින්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
2024 අප්‍රේල් මස 16 393 0

රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 263 ක් සමග අත්අඩංගුවට පත් දෙවුන්දර ධීවරයින් 10 දෙනා ලබන 22 දින දක්වා පොලිස් මත්ද්‍රව්‍ය කා


විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 1433 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 877 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 800 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 143 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1350 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site