IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


නවක වධය දුන් රුහුණු සරසවියේ 19 දෙනා තවදුරටත් රිමාන්ඩ්

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ජයන්ත ජයවර්ධන)

රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දුන් බව කියන එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු සිසුන් 19 දෙනා ලබන 09  වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන  මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (26) නියෝග කළේය.

රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.

ඔවුන් ගම්පහ පදිංචි එම විශ්ව විද්‍යාලයේ පලමු වසරේ ඉගෙනුම ලබමින් සිටි දර්ශ උදයංග නැමැති සිසුවාට මැද්දවත්ත ශිෂ්‍ය නේවාසිකාගාරය තුලදී ලිංගික අඩත්තේට්ටම් සිදු කර පහර දී අමානුෂික ලෙස නවක වධය දී හිරහැර සිදු කර තිබෙන බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකාර සිසුන් පිරිස රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේය.

1998 අංක 20 දරණ නවක වධ පනත යටතේ සැකකාර සිසුන් මාතර මූලස්ථාන පොලිසිය ඉකුත් 06 වැනිදා සැක පිට අත්අඩංගුවට ගෙන තිබුණි.ඒ ඔවුන් මාතර මූලස්ථාන  පොලිසිය වෙත පැමිණ බාර වීමෙන් අනතුරුවය.

නවක වධයට ලක් වූ බව කියන සිසුවා පළමුව තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර තිබූ අතර පසුව ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව අනාවරණය කළේය.

ඒ අනුව පොලිසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.



අදහස් (21)

නවක වධය දුන් රුහුණු සරසවියේ 19 දෙනා තවදුරටත් රිමාන්ඩ්

ගල්කටස් Monday, 26 August 2019 12:54 PM

ශිෂ්‍යභාවය අහෝසි කළයුතුයි. ඉහලම දඩයක් හා වන්දි මුදලක්ද ගෙවීමට නියම කළයුතුයි. නැතිනම් මේ අයගෙන් විශ්වවිද්‍යාල බේරාගත නොහැක.

:       7       1440

ChandanaMonday, 26 August 2019 01:56 PM

අනිවාර්යයෙන්ම...

:       0       408

කුරුටුගාමියාTuesday, 27 August 2019 12:30 AM

රිමාන්ඩ් කරකර සිටීමෙන් සිදුවන්නේ ජනතා මුදල් නිකරුනේ වැයවීමක් කියා සිතෙනවා .සිරගත කලත් වන්නේ එවැනිදේම තමා. එනිසා නවක වදය වෙනුවෙන් ඇති පණත නැවත සංශෝධනය කරමින් මෙවැනි වුන්ගේ නම් අසාධුලේඛණ ගත කිරීමත් ශිෂ්‍ය භාවය අහෝසි කිරීමට පියවර ගැනීමටත් සැලසුම් කල යුතුය. ඒ වාගේම මැතිවරණවලට ඉදිරිපත්වීවේ නුසුදුසු කම්වලට නවක වදය වරදක්සේ ඇතුලත් කිරීමටත් නම් ගම් ජනමාධ්‍යය මගින් ප්‍රචාරය කිරීමත් කල යුතුය .

:       0       57

RaveendraTuesday, 27 August 2019 07:37 AM

කුරුටුගාමියා මයා වෙත, ඔබවිසින් යෝජනා කර ඇත්තේ ඉතාමත්ම වටිනා ප්‍රායෝගික මෙන්ම හැමට පිළිගත හැකි අදහස් බැවින් අප විස්වාස කරනවා දියවන්නඔයේ ඉන්න " 225 ටම " මෙම ඔබගේ අදහස් ඇස ගැටේවා යන්න. මෙම යෝජනා හැකි ඉක්මනින් ක්‍රීයාත්මක වේවා !!!!

:       0       22

davidTuesday, 27 August 2019 01:59 AM

ශිෂ්‍ය භාවය නැතිකර ගෙදර යවන්න.

:       0       145

Raveendra Monday, 26 August 2019 12:57 PM

අප ගරු අධිකරණයෙන් ඉතා යටහත් පහත්ව ඉල්ලා සිටින්නේ මෙම ම්ලේච්ඡයින් 19 දෙනාම සෑහෙන කාලයකටම ඇතුළට දමා සමස්ත සරසවි පද්ධතියටම යහපතක් සලසා අහිංසක දරුවන්ට නිදහසේ තම ඉගෙනීමේ කටයුතු කරදීමට ඉඩකඩ ලබා දෙනමෙන්... අන්තරේ ඉන්න අයට අප සඳහන් කරන්නේ දැන්වත් ඔබලාගේ දෙමාපියන් විසින් බලාපොරොත්තු වන රටට වැඩදායි පුරවැසියන් වීමට තම තමන්ගේ යුතුකම් ඉටුකරන ලෙසය. අපේ බදුමුදල් විනාශ කරමින් අනිකුත් දරුවන්ට බාධා කරමින් කරන සාපරාධී වැඩ නවත්තන්න. කොන්ද කෙලින් තබාගෙන වැඩ කරන්න. දියන්වන්නා ඔයේ ඉන්න රතු හැට්ටකාරයින්ගේ ගැත්තන් නොවී, ගොට්ටන් නොවී...

:       0       809

Sumith Monday, 26 August 2019 01:18 PM

උපරිම දඬුවම් ලබාදෙන්න.

:       0       310

Rajah Monday, 26 August 2019 01:56 PM

ශිෂ්‍ය භාවය අහෝසි කිරීමෙන් හා දඩනියම කිරීමෙන් මෙම ප්‍රශ්ණය විසඳිය නොහැක. ඉතාමත් තද නීති ක්‍රියාත්මක කළයුතුය. අඩුම තරමේ වසර 10කට වත් මහ උළු ගෙදර යැවිය යුතුයි.

:       0       414

සේනක Monday, 26 August 2019 02:28 PM

ලංකාවේ විශ්වවිද්‍යාලවල තියෙන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කියන ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අය සියලුම විශ්ව විද්‍යාලයන්ගෙන් අයින් කල යුතුයි. මේ මානසික ආතතියෙන් පෙලෙන කාලකන්නින් ඉන්නකම් අපේ රටේ උසස් අධ්‍යාපනය ලබන අහිංසක දෙමාපියන්ගේ දරුවන්ට විශ්වවිද්‍යාලයට ඇතුල්වීම හීනයක් විතරයි. මොනවා වුණත් මේ වගේ දේවල් ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන්නකොට වුණානම් අයියලා ටිකට අඹ සරණයි.

:       1       342

RaveendraMonday, 26 August 2019 03:09 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත් නිවැරදිය. අප නම් පවසන්නේ අන්තරේ මෙන්ම අර ශිෂ්‍ය නායකලා මේ ශිෂ්‍ය නායකලා හඹා ගොස් සමාජයෙන් අයින් කල යුතු බවටය. මේ සියල්ලෝම විනාශ කරන්නේ අහිංසක මිනිසුන්ගේ බදුමුදල්.

:       0       238

RaveendraMonday, 26 August 2019 03:32 PM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි.. ඇත්තෙන්ම මේ හරකුන්ට දෙන්න ඕනෙත් ඒ විදියටම ඇඩ්රස් නැතිවෙන්න. මේ පාදඩයින් ඒ තරමටම අවජාතකයින්ය.

:       0       275

AsankaTuesday, 27 August 2019 08:28 AM

"ලංකාවේ විශ්වවිද්‍යාලවල තියෙන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය" අප කවුරුත් නොදකින සත්‍ය තමයි ඔය නවක වාදය පවතින ආණ්ඩුව දැනුවත්ව සහ ඔවුන්ගේ අනුදැනුම මත තමයි සිදුවෙන්නේ..., විශ්වවිද්‍යාල පරිපාලකයන් එය නවත්වන්න ප්‍රමාණවත් උත්සාහයක් දරන්නේ නැහැ. ඒ ආණ්ඩුවලින් ලැබෙන උපදෙස් පිට, මොකද රටක තරුණයන් විශ්වවිද්‍යාල උපාධි ලබා උගත් ජනතාවක් වුණුදාට මේ හොර ජඩ දේශපාලුවන්ගේ පැවැත්ම ඉවරයි. මොවුන්ට පාප්ප ගාන්න, පෝස්ටර් ගහන්න, අරක්කු කාලට ගෙන්නන්න මිනිස්සු නැතිවෙනවා... ඒ නිසා නවකවද බිල්ලා සැමදා ජීවත් කරවා දරුවන්ගේ අනාගතය කඩාකප්පල් කරන එක පිටුපස ඉන්නේ දේශපාලුවෝ, රටේ නායකයෝ, කොයි ආණ්ඩුව අාවත් එ්කමයි වෙන්නේ. නැත්නම් ඕක පැය 24න් නැවැත්විය හැකියි.

:       0       25

de silva Monday, 26 August 2019 03:55 PM

ලියන්න අවශ්‍ය සියලුම දේවල්, කලින් අදහස් ලියපු පාඨකයන් විසින් ලියා ඇත. විශ්ව විද්‍යාල තුළ, පාසල් තුළ මෙන් සියලුම ආකාරයේ දේශපාලනය තහනම් කළ යුතුයි...

:       0       208

sagara Monday, 26 August 2019 05:25 PM

ජපුරේ තත්වයත් දැනට අවුරුදු 5ක පමණ කාලයක සිට මෙහෙමමයි. ජපුරේ උපකුලපති හැසිරෙන්නේ ශිෂ්‍ය සංගමයේ සභාපති වගේ. අන්තරේට පාලනය දීලා තියෙන්නේ. කවුරුවත් කථා කරන්නේ නෑ.

:       0       107

Jehaan Tuesday, 27 August 2019 12:45 AM

මේ මානසික රෝගීන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කර , ජීවිතාන්තය දක්වා කිසිම රජයේ රැකියාවක් නොලැබෙන ලෙස අසාධුලේඛනගත කල යුතුයි. මේ රට , බදු මුදලින් ඉගෙන ගෙන පිස්සු නටන සමාජවිරෝධි අපරාධකරුවන්ගෙන් බේරා ගන්න ලැබෙන්නේ කවදාද ?

:       0       40

sas Tuesday, 27 August 2019 03:20 AM

ශිෂ්‍යභාවය අහෝසි කල යුතුයි. අධිකරණය මගින්ද උපරිම දඬුවම් දිය යුතුයි.

:       0       32

jayath Tuesday, 27 August 2019 04:58 AM

රවීන්ද්‍ර ඔබේ අදහස් මේ රටේ සමස්ත සාධාරණ මිනිස්සුන්ගේ අදහස් එක්ක ගැළපෙනවා. ඒ ගැන සතුටුයි . මේක 76 (මගේ මතකය නිවැරදිනම් ) රූපා රත්නසීලිගෙන් පටන් ගෙන අද දක්වාම තියෙන ප්‍රශ්නයක්. හැබැයි වෙනස මේ ලඟදි මහාචාර්ය මොහාන් සිල්වා (මා ගරු කරන වෙදදුරෙක් ) කියපු විදියට දැන් තියෙන්නේ නවක වදයක් නෙමේ. "ලිංගික හිංසනයක් ". මේක 200% හරි මොකද මෑතකදී පේරාදෙණියේත් ,දැන් රුහුණෙත් උනේ නවක වදය දීමක්ම නෙමේ. මානසික රෝගීන් රැලකගේ ලිංගික අඩත්තේට්ටම්. මෙයාලට දෙන්න ඕන දඬුවම මේ වගේ ප්‍රසිද්ධ පත්තරයකින් කියන්න බැහැ . අනික තමයි දැන් මේවා පිටුපස්සේ ඉන්නේ ජේ. වී. පී කාරයෝ නෙමේ. යන එන මන් නැති පෙරටුගාමීන් .

:       0       108

RaveendraTuesday, 27 August 2019 06:25 AM

jayath මයා වෙත, ඔබ විසින් අපගේ අදහස් පිලිබදව දනත්මකව බැලීම පිලිබදව අප අවංකව සතුටු වන්නෙමු. ඇත්තෙන්ම අප කිසිවිට මේ දරුවන් සමග කිසිදු ක්‍රෝධයක් නොමැත නමුත් මේ නාස්ති වෙන්න ඔබේ මගේ අපේ අනාගත දරු පරම්පරාව. එය මේ දියවන්නා වේ ඉන්න රතු හැට්ටකාරයන්ගේ අන්තරේ ඉන්න අයට නොතේරීම ඉතාම අවාසනාවකි. අපද ඔබමෙන් නිසහස් අධ්‍යාපනයෙන් උපරිම ඵල නෙලාගෙන අපගේ මතෘබුමියට කලගුණ සලකමින් හොද වැටුප් ලබමින් සිටින්නේ අපගේ දෙමාපියන් දුක්විදිමින් අපට දුන් ඒ අද්‍යාපනය නිසාවෙනි. අපට නිහඩව නොදැක්ක ලෙස සිටිය හැක මක්නිසාදයත් අපගේ දරුවන් විදේශ සරසවිවල හොදින් ඉගෙනීම කරන බැවිනි. අපද විදේශවල ජිවත් වෙන්නොය නමුත් අපගේ හදවත තිබෙන්නේ මේ අපේ ලංකාමාතවගේ ඇග ඇතුලේය. එය කිසිවිට වෙනස් කල නොහැක. කෙසේ වෙතත් ගරු අධිකරනය් මේ නිවට මෙලෙච්චයන්ට කිසිදු ආයතනයක ඉගෙනීමට හෝ රැකියාවක් කීමටද අවස්ථාවක් නොලැබෙන ලෙස දඩුවම් ලබා දෙයන්න . එවිට අනෙකුත් අන්තරේ ඉන්න ඔලු ඉදිමිච්ච නිවට මහෝෂද පන්ධිතයන්ටත් උන ගැනෙනු ඇත.

:       0       55

laal Tuesday, 27 August 2019 08:05 AM

යෝජනා කීපයක් ශිෂ්‍යභාවය අහෝසි කිරීම හෝ අවුරුදු කීපයකට තහනම් කිරීම රැකියාවකට යානොහැකි වන පරිදි අසාදුලේඛන ගත කිරීම සහ වැරදිකරුවන්ගේ නම් ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම රැකියාවකට ඉල්ලුම් කිරීමේදි හෝ බඳවා ගැනීමේදී නවකවදය හෝ ඒ හා සමාන සමාජ විරෝධී කටයුත්තකට සහභාගි වීමක් හෝ අනුබලදීමක් සිදු නොකළ බවට දිවුරුම් ප්‍රකාශයක් ලබාගන්න...

:       0       19

Kaanthi Tuesday, 27 August 2019 11:22 AM

අපි මේ බලන් ඉන්නේ මේ සිසුන්ගේ දෙමව්පියන් ලජ්ජා නැතිව තමන්ගේ දරුවන් වෙනුවෙන් පාරට බහීවිද කියලා. තමන්ගේ දරුවන් උගතුන් කරන්න විතරක් කල්පනා කරලා මදි. පවුල් පසුබිමෙන් යහපත් ගුණ ධර්මයක් කුඩා කල සිට ලැබූනා නම් මෙහෙම වෙන්නේ නැහැ. දැන් කියන්න එපා මෙහෙම වුනේ නරක ආශ්‍රයෙන් කියලා. වයස 18 පසුවුණ ඔබේ දරුවා ඔබ විසින් සමාජ ගත කල තරුණ වැඩිහිටියෙක්. නැතිව හරි නරක නොතේරෙන ළදරු පාසල් බබෙක් නෙවෙයි.

:       0       9

de silva berlin Tuesday, 27 August 2019 02:21 PM

සාමාන්‍ය සමාජයේ මේ විදිහට පුද්ගලයන් කණ්ඩායමක් දුබලයන් කිහිප දෙනෙක් අල්ලාගෙන ඇදුම්ගලවල ලිංගික වද හිංසා කරොත් අනිවාර්යයෙන්ම හිරේ යන්න වෙනවා නේද ? මේ නඩුව ඔප්පු උනොත් මේ අය හිරේ යවන්න , වන්ධි ගෙවල බේරිලා යන්න දෙන්න එපා . මොවුන්ගේ මේ නවක වද , උද්ගෝෂණ සහ පන්තිවර්ජන නිසා සිසුන්ට පළමු වසරේ බොහෝ දුරට ඉගෙනීම් කටයුතු කරන්න ලැබෙන්නේ නැහැ . අපේ බදු සල්ලි නිකම්ම නාස්ති වෙනවා , පුද්ගලික විශ්ව විද්‍යාලවල සල්ලි ගෙවල ඉගෙන ගන්න සිසුන් කිසිම ප්‍රශ්නයක් නැතුව හොදින් ඉගෙන ගන්නවා , ඉගෙන ගෙන රැකියාවල් සොයනකොට පුද්ගලිකව ඉගෙන ගත්ත සිසුන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව රැකියා ලැබෙනවා , රජයේ විශ්ව විද්‍යාල වල සිසුන්ට රැකියා දීමට ආයතන ප්‍රධානින් මැලි වෙන්නේ මේ ගොල්ල ගේ විනයක් නැතිකම නිසා , ඊට පස්සේ රැකියා නොමැති උපාධිදාරින්ගේ සංගමය කියල එකක හදාගෙන අපට දස වද දෙමින් පාර හරස් කරගෙන උද්ගෝෂණ කරනවා , ලෝකේ කොහෙවත් නැතුව ඇති මෙහෙම සංගමයක්.

:       0       32

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 105 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 437 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 136 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 164 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 409 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2880 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1700 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site