(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ ඉගෙනුම ලබන සිසුවකු මාස දෙකක කාලයක් අමානුෂික ලෙස නවක වධයට ලක්කර කොඳු ඇට පෙළට හානි කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ සිසුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.
එම සිසුවා අද(29) දෙහිවල පොලිසියට පැමිණිලි කර තිබූ බවද පොලිසිය පවසයි.
මෙසේ නවක වධයට ලක්ව ඇත්තේ බටහිර මුදුන්කොටුව, කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි. ඔහු කළමනාකරණ පීඨයේ පළමුවසරේ සිසුවෙකි.
මෙම සිසුවා ජූනි 3 වැනි දින උසස් තාක්ෂණ ඩිප්ලෝමා ආයතනයේ ලියාපදිංචි වී කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලබමින් සිටියදී එහි දෙවන හා තෙවන වසරවල සිසුන් මාස දෙකක කාලයක් දිනපතා නවක වධයට ලක්කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් බවද පොලිසිය කියයි.
ඉකුත් 2 වැනි දින නවක වධයට ලක් වීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යවරයකුගෙන්ද, දේශීය වෛද්‍යවරයකුගෙන්ද ප්‍රතිකාර ලබා ඇති අතර, කොඳු ඇට පේළියේ ඇදයක් හටගෙන ඇති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
මේ හේතුවෙන් අගෝස්තු 2 වැනි දින සිට එම සිසුවා අධ්‍යයන කටයුතු සඳහා එහි යාමෙන් වැළකී ඇති අතර, ප්‍රතිකාර සඳහා රෝහල් ගතවීමට ද නියමිතය.
සිද්ධියට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව පොලිසිය පවසයි.
දෙහිවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නවක වධයෙන් සිසුවකුගේ කොඳුඇට පෙළට හානි කළ අය සොයා පරීක්ෂණ
lankasri Thursday, 29 August 2019 01:52 PM
පෝලිමට තියල වෙඩි තියන්න ඕනා .
RaveendraThursday, 29 August 2019 03:35 PM
lankasri මයා වෙත, ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාම නිවැරදිය. අප කිසිවෙකුට කෙනෙකුගේ ජිවිත නැතිකිරීමට කිසිදු අයිතියක් නොමැත එය අප ඉහලින්ම පිලි ගන්නෙමු.
BamunuarachchiFriday, 30 August 2019 09:58 AM
ඇයි පතරොම් නාස්ති කරන්නේ? ඔලුව කොටුවල ගහලා විශ්වවිද්‍යාලය ගාව හිටුවලා පුච්චමු..
Ruhunu Thursday, 29 August 2019 01:58 PM
ඔන්න ඔය වගේ නවක වධයට ලක්වෙන හැමෝම පොලීසියට පැමිණිලි කරනවානම් ඔය මානසික ලෙඩ්ඩු ටික හදාගන්න පුළුවන් .
Gamarala Thursday, 29 August 2019 03:15 PM
හදන්න ඕන නැහැ විනාශ කරන්න පුළුවන්.
ajithThursday, 29 August 2019 11:25 PM
හැමෝම පොලීසියට පැමිණිලි කරනවානම් හොඳයි. නමුත් මේ පැමිණිලි බොහොමයක් කර ඇත්තේ තමන්ට හානියක් සිදුවූවාට පසුවයි. මේ මිලේච්ච නවක වදකයින්ට නිසි දඬුවම් නොදීම, මේ තත්වය පාලනය කිරීමට නොහැකි වීමට හේතුවයි. එම තත්වයට රජය වග කිව යුතුයි.
Amila Thursday, 29 August 2019 02:18 PM
මෙයට වගකිවයුතු මානසික ලෙඩ්ඩු වහාම අත් අඩංගුවට ගන්න ඕන. විමර්ශනයෙන් පසු ඔප්පු වෙන අයගේ නම් ගම් හෙළිකරන්න.ඕන කමින් කොදු ඇට පෙලක් කඩනවා කියන්නේ මිනීමැරීම හා සමානයි. මරණ දඩුවම දෙන්න බැරි නම් මානසික රෝහලට ඇතුලත් කරන්න කටයුතු කරන්න. එලියට එන්න දෙන්න එපා. මේ වගේ ප්‍රශ්න ඔලුව අතගගා විසදන්න බෑ.
සාගර Thursday, 29 August 2019 03:28 PM
නවක වදයට ලක් වෙන පලමු දවස් දෙක ඇතුළත පැමීනිලි කලා නම් අනතුරු වලින් බේරෙන්නට තිබුනා . පැමීනිලි කලා නම් ඕවා ඉක්මනින් ඉවර වෙයි . මානසික අසහන කාරයෝ කොහෙත් ඉන්නවා නේ .
කුරුටුගාමියා Thursday, 29 August 2019 04:25 PM
නවක වදය දුන්න අයගේ නම් හා ගම්බිම් විස්තර ඉදිරිපත් කලොත් සොයාගැනීම පහසුවේවි. එවැනි වැරදිකරුවන්ගේ විස්තර නොදීම නවකවද දුන්න අයට අනුබලදීමකි.
sagara Thursday, 29 August 2019 06:04 PM
විශ්ව්විද්‍යාල වල ඉන්න උපකුලපතියොත් රැග් තියෙනවට කැමැති නම් මේවා නවත්තනේ කොහොමද?. ශිෂ්‍යයොන්ට පාලනය බාර දිලා එයාලා ගිහිල්ලා ජනාධිපති තුමා සින්දු කියන තැන් වල අත්පුඩි ගහනවා. ශිෂ්‍යයන්ට මේවා කරන්න අනුබල දෙන ආචාර්ය වරු ගොඩක් ඉන්න වා.
Jehaan Thursday, 29 August 2019 11:51 PM
මේ මානසික ලෙඩ්ඩු වහාම ශිෂ්‍ය භාවය අහෝසිකර පිස්සන් කොටුවේ විශේෂ කුටියක රඳවන්න. එහි සිටින වැදගත් මානුෂික මහත්මා ගති ඇති රෝගීන්ටද මොවුන්ගෙන් හානි පැමිණිය හිකි බැවිනි.
amila peiris Friday, 30 August 2019 03:27 AM
නිරෝගී සුවයෙන් පැමිණි ශිෂ්‍යාට රෝගී තත්වයක් අත් කරදුන් මානසික විකෘර්ති අමුනුස්ස වර්ගයට දෙන්න සුදුසුම දඩුවම. රෝගී දරුවාට අනාගතයට ගැලපෙන ලෙස වන්දි මුදලක් නියම කරන්න ඕන, ජයාරූප ප්‍රසිද්ද කරන්න ඕන, රජයේ හෝ පෞද්ලිගලික අංශයේ රැකියා නැ. මුන්ව ජිවිත කාලය පුරාවටම ඉතා දුක්කිත ලෙස කාලය ගතකරන්න සලස්වන්න ඕන
RaveendraFriday, 30 August 2019 06:12 AM
ඇත්තෙන්ම ඔබගේ අදහස් ක්‍රියාත්මකවේ නම් මෙවන් මුර්ගයන් ඉදිරි අනාගතේ දැකීමට හෝ නොලැබෙනු ඇත. එමගින් අහිංසක දරුවන්ට තමන්ගේ ඉගෙනීමේ කටයුතු හොදින් කර ගහ හැකිවෙනු ඇත.මෙවන් මුර්ගයන්ට සධාකල් වේලි වේලි දියව් දියව් කියමින් හිගාකමට වැඩ සැලැස්විය යුතුය.මුන්ගේ වතගොත සියල්ල ප්‍රසිද්ධ කල යුතුය.එවිට මෙම උවදුරුවලින් අනාගත පරපුර බේරාගත හැක.
lalithm Friday, 30 August 2019 04:05 AM
මෙයාලගෙ දෙමාපියන්ටත් දඩුවම් කරන්න ඕන . මෙවැනි අය තවදුරටත් නොහදන්න.
sampath Friday, 30 August 2019 04:14 AM
නීතියෙන් මේ අය බේරෙනවා මුන් ලෙඩ්ඩු