IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නවක මන්ත්‍රී රත්නප්‍රියට තීරු බදු රහිත වාහයක්

( +++ සුජිත් හේවාජුලිගේ)

නවක මන්ත්‍රීවරයකු ලෙස ඉකුත්දා දිවුරුම් දුන් සමන් රත්නප්‍රිය මහතාට තීරුබදු රහිත වාහන බලපත්‍රයක් ලබාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක් වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශයේ නිලධාරිනියක පැවැසුවේ රත්නප්‍රිය මහතාට වාහන බලපත්‍රය ලබාදීමට අදාළ ලියකියවිලි අනුමැතිය සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාට දැනටමත් යවා ඇති බවයි.

රත්නප්‍රිය මහතාට හිමිවන තීරුබදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම ඇමෙරිකානු  ඩොලර් 65,000කි. (ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණි).

සමන් රත්නප්‍රිය මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ඉකුත් ජනවාරි මස 23 වැනිදා පත් කෙරුණේ පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ මන්ත්‍රී පුරප්පාඩුවටයි.

රත්නප්‍රිය මහතා නවක මන්ත්‍රීවරයකු ලෙස කතානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ මැතිසබයේදී ඉකුත් 5 වැනිදා දිවුරුම් දුන්නේය.

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා වූ සමන් රත්නප්‍රිය මහතා ඉකුත් යහපාලන රජය බලයට පත්කිරීමට කටයුතු කළ සමාජ ක්‍රියාකාරී සංවිධාන කිහිපයකම පුරෝගාමියෙකි.



අදහස් (32)

නවක මන්ත්‍රී රත්නප්‍රියට තීරු බදු රහිත වාහයක්

Raveendra Friday, 14 February 2020 06:14 AM

අඩුතරමින් පරිවාස කාලයක් නැද්ද ? ඕනෑම රැකියාවකට ගියත් පරිවාස කාලයක් තිබෙනවා නොවේද ?

:       0       0

Pradeep Friday, 14 February 2020 06:20 AM

එතකොට ජයම්පති වික්‍රමරත්න පාවිච්චි කල වාහනයට මොකද වෙන්නේ...? කැම්පස් ඉන්න කාලේ කොහොමද සමන් රත්නප්‍රිය ගේ තිබුන සමාජ වාදය, සමාජ සාධාරණය ගැන කතා.

:       0       0

Wimal Friday, 14 February 2020 06:23 AM

යහපාලනය වෙනුවෙන් බැහැලා වැඩ කළ කෙනෙක්. පක්ෂයේ කට්ටිය ලොක්කව මරා ගෙන කන්න හදන කොට කොන්දේසි විරහිතව ලොක්කා වෙනුවෙන් පෙනී හිටියා. එකක් නොවෙයි දෙකක් දෙන්න.

:       0       0

vira Friday, 14 February 2020 06:38 AM

අපි බදු ගෙවමු.

:       0       0

prakaash Friday, 14 February 2020 06:38 AM

මේ වගේ අයට වාහන මොනවටද?

:       0       0

sk Friday, 14 February 2020 06:42 AM

ජනතාවගේ සේවයට ද ?

:       0       0

raheem, Friday, 14 February 2020 07:07 AM

පිනට ලැබෙන වරප්‍රසාද.

:       0       0

Nimal Friday, 14 February 2020 07:22 AM

ඔන්න රත්නප්‍රිය මන්ත්‍රී තුමාට තම අසරණ ජනතාව ගැන සිතා බැලීමට කදිම අවස්තාවක්. යහපත් උදාහරණයක් රටට සැපයීමට අවස්තාවක්.

:       0       0

Ajantha Friday, 14 February 2020 07:25 AM

රට ගැන හිතන්න. වැඩ කරන්න දුප්පත් ජනතාව ගැන හිතලා.

:       0       0

wikcy Friday, 14 February 2020 07:32 AM

තියෙන වාහන මදිද? මොකක්ද මේ වෙන්නේ ?

:       0       0

Nuwan Friday, 14 February 2020 07:48 AM

ජයවේවා ඔබතුමාට අලුත්ම සැප පහසු කාර් එකක් ගන්න පුළුවන්. අනේ මට නම් සතුටේ බැරුවා, ඕක අරගෙන උදේ හවහ කෝච්චියේ පොල් පටවාගෙන එල්ලිලා යන දුප්පත් අපට සේවයක් කරන්න.

:       0       0

Sinhalaya Friday, 14 February 2020 07:54 AM

මෙවැනි මෝඩ ක්‍රියා නවත්වන්න නීති ගෙන්න ක්‍රමයක් නැද්ද,

:       0       0

Dirt Friday, 14 February 2020 08:02 AM

කෝ දැන් “අර මග මේ මග “ගෙන හිටපු අය. තාම සිරිසේන ජනපති රනිල් අගමැති වගේ. රට ඉදිරියට ?

:       0       0

කමල් Friday, 14 February 2020 08:02 AM

ඉරිසියා කරන්න එපා. එය එතුමාට ලැබෙන වරප්ප්‍රසාදයක්. ඔබටත් අවශ්‍ය නම් මැති සබයට යන්න

:       0       0

Bamunuarachchi Friday, 14 February 2020 09:47 AM

දැන් මෙයා මාස දෙකකින් එළියට පන්නා දැම්මාම මේ මුදල් රජයට අයකර ගන්නේ කෙසේද? අඩුගණනේ මේ ණය මුදලට ඇපයක් වත් නැද්ද? යකාගේ තරමට තමයි මාලිගාව තියෙන්නේ ඕනේ.... එ්ත් මෙයාට...? තව සුමාන 2 මේක පරක්කු කර ගත්තොත්... රටට ශේප් වෙන්න පුළුවන්...

:       0       8

KaruFriday, 14 February 2020 10:33 AM

මෙය ණය මුදලක් නොවේ. අපේ බදු මුදල් වලින් මන්ත්‍රීවරුන්ටට ලබා දෙන තෑග්ගක්.

:       0       5

BamunuarachchiFriday, 14 February 2020 12:58 PM

මා දන්නා පරිදි බදු රහිතව මේ වාහනය ලැබෙන්නේ ඒ මුදල කොටස් වශයෙන් ගෙවිය යුතු නිසයි. දැන් මාර්තු මස පාර්ලිමේන්තුව විසුරුවාම මොකක්ද තත්වය.

:       0       0

Vira Friday, 14 February 2020 10:07 AM

ඔයා ගන්න අපි බදු ගෙවන්නම් සර්...

:       1       8

Nuwan Friday, 14 February 2020 10:07 AM

එක වේලක් කාලා සමහර වෙලාවට ඒකත් නැතුව පාසල් යන දරුවන් දහස් ගණනක් ඉන්න රටක මේ වගේ සල්ලි කාබාසිනියා කරන්නේ මොන හිතකින්ද හප්පා? පුදුමාකාර කාලකන්නි හැඟීමක් එනවා... රටේ දේශපාලනය ගැන...!

:       0       17

ramani Friday, 14 February 2020 10:28 AM

මෙයාට දියයුත්තේ ගොන් කරත්තයක්...

:       1       8

saradiyelFriday, 14 February 2020 02:56 PM

කරත්තයක්වත් දෙන්න එපා.

:       0       0

විජිත් Friday, 14 February 2020 10:33 AM

ජරාව කන්න පටන් ගත්තා... ඔබ අවංක පුද්ගලයෙක්නම්, මේ රට වැටී තිබෙන අවධානම දන්නවානම් ඔබට හැකියාවක් තිබියයුතුයි මෙය ප්‍රතික්ෂේප කරන්න. දියවන්නාවට ගිය කෙලෙස් ප්‍රහින කල කෙනෙක් පවා " ජරාව" ට පුරුදු වෙනවා. එයයි අපේ රටේ අවාසනාව කියන්නේ.

:       0       9

siri Friday, 14 February 2020 10:53 AM

විශ්‍රාම වැටුපක් ලැබෙන්නෙත් නැති එකේ මේකෙන් වත් කීයක් හරි හම්බකර ගන්න කියලා වෙන්න ඇති දෙන්න ඇත්තේ. ලබන ඡන්දෙන් පස්සේ ඔය කාටකාටත් ගෙදරට වෙලා අතීත ඔල මොට්ටලකම් ආවර්ජනය කරමින් හූල්ල හූල්ලා ඉන්නනේ වෙන්නේ...

:       0       38

krishantha Friday, 14 February 2020 11:18 AM

කෙස් පැලෙන අලුත්ම තර්කයක් බලාපොරොත්තු වන්න.

:       0       1

මුණසිංහ Friday, 14 February 2020 11:19 AM

අර පහුගිය කාලේ මෙයා කතාකරපු වංචාව-දූෂණය වගේ වචන දැන් අමතක ඇති. ඩොලර් කුට්ටි එහෙනුත් ගත්තා.. මෙහෙනුත් ගන්නවා. මොවුන් මේ වාහනවල නැගලා යහතින් යයිද..?

:       0       2

upali Friday, 14 February 2020 11:19 AM

හුරේ... තව කෙනෙක් වැඩ පටන් ගත්තා...

:       0       3

Nimal ... Friday, 14 February 2020 11:32 AM

ඔන්න කෑ ගැහුවට රාජපක්‍ෂ පාලනයේ රෙදි ගැලවෙනවා. මහජනතාව හොඳට බලාගෙන ඉන්න. තව සෙල්ලම් එළිවෙන ජාමෙට...

:       3       3

මුණසිංහSunday, 16 February 2020 02:07 AM

රත්නප්‍රිය පාර්ලිමේන්තුවට ගත්තේ රාජපක්ෂද? සුපුරුදු පරිදි තවත් මඩ ගැහිල්ලක්. මේක රනිල්ගේ -සජිත්ගේ ගිණුමට බැරවිය යුතු වංචාවක්.

:       0       0

Asanga Friday, 14 February 2020 11:36 AM

නිකමෙක්ට... මහජන මුදල් නාස්ති කිරීම පාපයක් නොවන්නේද මිනිසුනේ.. මේ ඔක්කොම පන්නමු මේ සැරේ...

:       0       4

Rohana Friday, 14 February 2020 01:02 PM

කියන්නේ රට බංකොලොත් කියලා. අලුතින් මන්ත්‍රී කමක් දුන්න ගමන් මතක් වෙන්නේ අලුත් වාහනයක් ගන්න. රට දියුණු වෙනකන් බැරිද පැරණි වාහනේ පාවිච්චි කරන්න. නව රජයෙන් ම මේ ආදර්ශය දිය යුතුයි.

:       0       0

Sadun Friday, 14 February 2020 02:01 PM

කෝටි ගාණක වාහනයක් දෙන්න මේ මනුස්සයාගෙන් රටට වෙන සෙත මොකක්ද? 225 වැඩක් නැති මැති ඇමති නඩත්තු කරන්න කෝටි ප්‍රකෝටි වියදම් කරනවා. මොකක්ද මේ විහිළුව?

:       0       6

Upul Friday, 14 February 2020 03:04 PM

ඔය පහසුකම් මුකුත් දෙන්නේ නැත්නම් ඔය දේශප්‍රේමී, රජවරු කියාගන්නා කවුරුවත් පාර්ලිමේන්තු යන්නේ නැහැ. රටට ඇත්තටම ආදරේ ඇති උගතුන් විතරයි යන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 275 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 108 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1497 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3586 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1445 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 241 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site