(ජයන්ත සමරකෝන්)
පිටකොටුවේ ඉවත දමන නරක් වූ පලතුරු යොදා බීම සකසන අවන්හල් දෙකක හිමිකරුවන්ට එරෙහිව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා රුපියල් 5,000 බැගින් දඩයක්ද නියම කර, දැඩි ලෙස අවවාද කළ බව කොළඹ මහනගර සභාවේ නාගරික ආහාර පරීක්ෂණ ලාල් කුමාර මහතා පැවසීය.
නරක් වූ පලතුරු යොදා බීම සකසන අවන්හල් වැටලීම සඳහා කොළඹ මහනගර සභාව ආරම්භ කළ මෙහෙයුමකදී, කොටුව දුම්රියපළ ඉදිරිපිට පාලම යට පවත්වාගෙන ගොස් තිබූ මෙම බීම අවන්හල් හඳුනාගෙන නඩු පැවරූ බවද ඒ මහතා කීය.
කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතාට ලැබී තිබූ පැමිණිලි ගණනාවක් මත ඒ මහතාගේ උපදෙස් පරිදි පිටකොටුවේ අවන්හල් 40ක් පරීක්ෂා කළ බවද කුමාර මහතා පැවසීය.
කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් මත පිටකොටුව, ඕල්කට් මාවතේ සෞඛ්‍යයට අහිතකර අන්දමින් පවත්වාගෙන ගිය හෝටල් 7කට නඩු පැවරූ බවද හෙතෙම කීවේය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නරක් වූ පලතුරු යොදා බීම සැකසූ අවන්හල් 2කට දඩ
sunil milaano Tuesday, 30 July 2019 08:29 AM
ඇයි දෙයියනේ මෙච්චර ලොකු දඩ ගහන්නේ? මිනිසුන්ට ඔරොත්තු දෙන තරමේ දඩයක් ගහන්නකෝ?