(මනෝප්රිය ගුණසේකර)
මාලඹේ තොරතුරු තාක්ෂණ විදුහලේ සිසුවකු පැහැරගෙන ගොස් නිරුවත් කර පහර දෙන ලද බවට චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා, බිරිඳ ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 17 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහෙන්ද්‍රන් මහතා අද (27) නියම කළේය.
මොහොමඩ් සියාම් ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණීය දඬුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සෙසු විත්තිකරවෛා් අධිකරණයේ පෙනී සිටියහ.
මාලඹේ තොරතුරු තාක්ෂණ විදුහලේ සිසුවකු වු නිපුන රාමනායක නමැත්තා පැහැරගෙන ගොස් ඔහුට පහර දෙන ලද බවට නීතීපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ සිද්ධිය සිදු වී වසර 7කට පසුවය.
2009 අගොස්තු 8 වැනිදාත් අගොස්තු 21 වැනිදාත් අතර කාලය තුල මාළඹේ තොරතුරු තාක්ෂණ විදුහලේ සිසුවකු වු නිපුන රාමනායක නමැත්තා පැහැරගෙන ගොස් නිරුවත් කර ඔහුට පහර දෙන ලදැයි නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා දෙකක් යටතේ නඩු පවරා ඇත.
මෙම නඩුවෙන් චෝදනා ලැබු සිටින්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුතා වන රවිඳු වාස් ගුණවර්ධන ඔහුගේ බිරිඳ වන ශ්‍යාමලී ප්‍රියදර්ශණී පෙරේරා මහත්මිය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ ඉන්දික පුෂ්පකුමාර, ඩබ්.ඩී.ප්‍රියංකර ද සිල්වා, වයි.එම්.ලක්ෂමන් තිලකරත්න, ඩී.එම්.එස්. සඳුන් දිසානායක, සහ ශාන්ත සමන් විතානගේ නමැති පොලිස් නිලධාරීන් හයදෙනෙකි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයනවීම යටතේ සාක්කි දුන් දුරකථන සමාගම්වල නිලධාරීන් විසින් මෙම නඩුවට පාදක වූ නිශ්චිත දුරකථන වලින් ලබාගත් හා එම දුරකථන වලට ලැබුණු ඇමතුම් පිළිබඳ විස්තර අධිකරණය හමුවේ හෙළි කරන ලදී.
සාක්කි විමසීමෙන් පසුව නඩුවේ වැඩිදුර විභාගය ලබන දෙසැම්බර් 17 වැනිදා තෙක් කල් තැබීමට විනිසුරුවරයා නියම කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ චින්තක උඩදෙණිය මහතා සමඟ නීතීඥ දර්ශන කුරුප්පු මහතා ද ජනාධිපති නීතීඥ ශ්‍රිනාත් පෙරේරා මහතා ද පෙනී සිටියහ.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නියෝජ්‍ය පොලිස්පති වාස්ගේ නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බරයට කල් යයි