IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


නියඟයෙන් 625,000ක් පීඩාවට

(ඩයනා උදයංගනී)
            
දිවයිනේ පුරා දිස්ත‍්‍රික්ක 17කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 176,152 කට අයත් පුද්ගලයින් 625,770 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
 
මේ වන විට බස්නාහිර පළාත හැර දිවයිනේ සියලු පළාත්වලට වියළි කාලගුණයෙන් පීඩා එල්ල වී ඇත. 

සබරගමුව පළාතේ රත්නපුරය, වයඹ පළාතේ පුත්තලම සහ කෑගල්ල, උතුරු පළාතේ වව්නියාව, යාපනය, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව්, මධ්‍යම පළාතේ මාතලේ සහ මහනුවර, දකුණු පළාතේ හම්බන්තොට, උතුරුමැද පළාතේ පොළොන්නරුව සහ අනුරාධපුරය, නැගෙනහිර පළාතේ අම්පාර, ත‍්‍රිකුණාමලය සහ මඩකලපුව, ඌව පළාතේ මොණරාගල යන දිස්ත‍්‍රික්කයන්හි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 119 ක ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. 
            
මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ උතුරු සහ නැගෙනහිර පළාත්වලට වන අතර උතුරු පළාතේ වව්නියාව, යාපනය, මන්නාරම, කිලිනොච්චිය සහ මුලතිව් දිස්ත‍්‍රික්කවල පවුල් 60,005කට අයත් පුද්ගලයන් 201,836ක් සහ නැගෙනහිර පළාතේ අම්පාර, ත‍්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත‍්‍රික්කවල 40,018කට අයත්  1,63,091 දෙනෙක් වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටිති.
            
මීට අමතරව සබරගමුව පළාතේ රත්නපුරය දිස්ත‍්‍රික්කයේ පවුල් 8,035කට අයත් 27,793 දෙනෙකු,  වයඹ පළාතේ පුත්තලම සහ කෑගල්ල දිස්ත‍්‍රික්කවල පවුල් 17,302කට අයත් 57,018 දෙනෙකු, මධ්‍යම පළාතේ මාතලේ සහ මහනුවර දිස්ත‍්‍රික්කවල පවුල් 20,587කට අයත් 73,489 දෙනෙකු, දකුණු පළාතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ පවුල් 2,149කට අයත් 9,316 දෙනෙකු, උතුරුමැද පළාතේ පොළොන්නරුව සහ අනුරාධපුරය දිස්ත‍්‍රික්කවල පවුල් 10,914කට අයත් 35,651 දෙනෙකු, ඌව පළාතේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ පවුල් 17,142කට අයත් 57,576 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ද සහකාර අධ්‍යක්‍ෂවරයා පැවසීය.
            
පීඩාවට පත් ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා ජල බවුසර් හා ජල ටැංකි යොදවා ඇති අතර දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන ද නිකුත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.



අදහස් (0)

නියඟයෙන් 625,000ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

දියත

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 98 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


ජනපති නුවරඑළියේ සංචාරයක
2024 අප්‍රේල් මස 16 198 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්‍රිත සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ්


කොස්තාපල් නිවෙසට පැන කතකගේ දත් 14ක් කඩලා
2024 අප්‍රේල් මස 16 404 0

දිවුල්වැව ප්‍රදේශයේ ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එම ඉඩමේ නිවෙසක කාන්තාවකට පහරදී ඇයගේ දත් දාහතරක් කඩා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුව


පාලිත පැරණි දේශපාලන මිතුරන් 4කට අත වනයි
2024 අප්‍රේල් මස 16 1099 5

ගොඩනගන රට තව ශක්තිමත් කිරීම සඳහා ජනපති සමග එක්වන්නැයි සමගි ජන බලවේගයේ තලතා අතුකෝරල,කබීර් හෂීම්,හර්ෂද සිල්වා සහ එරාන් වික්‍රමරත්න මහත්වරුන්ට ආරාධනා ක


ග්‍රීස් ගහ කඩා වැටී හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 16 588 1

ගම්පොළ ගම්පලවෙල රජඇළගම ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක ග්‍රීස් ගස කඩාවැටීමෙන් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.


වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 1518 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 140 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1422 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1347 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site