IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නිදහස් සැමරුමට එළිසබෙත් මහ රැජිනගෙන් සුබ පැතුම් පණිවුඩයක්

ශ‍්‍රී ලංකාවේ ජනතාවට සතුට සහ වාසනාව ප‍්‍රාර්ථනා කරන බව නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින  සඳහන් කරන්නීය.
 
බි‍්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින  වෙනුවෙන් කොළඹ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
 
‘‘ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයාණෙනි, ජාතික දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කිරීමට ලැබීම මට මහත් සතුටක්. එළැඹෙන වසරේදී ශ්‍රී ලංකාවේ වාසනාව, සතුට සහ සෞභාග්‍ය ප‍්‍රාර්ථනා කරමි’’. 
 
 
055



අදහස් (21)

නිදහස් සැමරුමට එළිසබෙත් මහ රැජිනගෙන් සුබ පැතුම් පණිවුඩයක්

asanka Friday, 01 February 2019 11:29 AM

එංගලන්තයේ උදවිය යටි හිතින් සන්තෝෂ වෙනවා ඇති... ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල් ඒ අයගේ වගකීමෙන් ගැලවීම ගැනයි.

:       50       231

RaveendraFriday, 01 February 2019 12:45 PM

ඔව් ඉතින් මේ ගහන ගැහිල්ලට අපේ 225 ක් වූ හරකුන් නිසා රැජිනටත් ඇඩ්රස් නැති වෙන්න පුළුවන්නේ...

:       29       124

MaheeFriday, 01 February 2019 06:39 PM

රවීන්ද්‍ර මහතාණෙනි, ඔබේ අදහස් හැමදාම නිවැරදියි, පල කරන හැටිත් අපුරුයි. හැබැයි මෙතෙන්දි ඔබ වැරදි වචනයක් පාවිච්චි කළා. "හරකුන්". මේ 225 හරක් නෙමෙයි අන්ත කට්ට කයිරාටික හිවල්ලු. සදාකාලිකව අපිව රවටන්න හදන නරි රැලක්. වැඩේ කියන්නේ අපේ මිනිස්සු මේ නරි රැළට දැන දැන රැවටෙන එකනේ.

:       0       340

chathuri Friday, 01 February 2019 01:37 PM

ඔබගේ පාලනය කාලේ තමයි මිනිසුන්ට සතුට, වාසනාව තිබුනේ.. රැජිනට පුලුවන්නම් ඇවිත් වෙස් වලාගෙන ඇවිත් යන්න..., රටට වෙලා තියෙන හෙනය බලන්න. ඉස්සර තිබුණු ලස්සනට දැන් තියෙන්නේ. හුස්ම ගන්න බැරිව, සතුට වෙනුවට මරණ තර්ජන, අතුරුදහන්, දූෂණ, වස විස පිරුණු රටක්... නීතිය බල්ලට ගිය රටක්... අපේ රට නැවත. ගොඩ ගන්න පුළුවන් සුද්දට විතරයි. මුදලට, කෑමට ගිජු නැති නිසා. පුළුවන් නම් අපේ රටට නීතිය රජ කරවන්න. මේ නිදහස් දිනයේදී මුදල් තිබුණොත් පමණයි අව නීතියට පිටුපාන්න පුළුවන්...

:       1116       1043

Nihal Friday, 01 February 2019 02:28 PM

මොවුන් අපේ භික්ෂූන්වහන්සේලා ඇතුළු ජාතික වීරයෝ මරලා මරලා සුබ පැතුවට ඒ පාපයෙන් ගැලවීමක් නෑ.. ඒකනේ මොවුන් ඇතුළු මේ රටවල මිනිසුන්ගේ පවුල් සීසී කඩ ඉන්නේ...

:       810       952

lankaFriday, 01 February 2019 04:15 PM

නිහාල්, සුද්දන් පැමිණීමට පෙර අපේ රටේ තිබුනේ පාරම්පරිකව පැමිණි රජෙකුට සහ රදලයින්ට යටත්, කුල මත පදනම් වූ වැඩවසම් ජීවන ක්‍රමයක් එදා පැවැති පිරිවෙන් අධ්‍යාපනය ඉහළ කුලවලට අයත් අයට පමණක් සීමාවූ අතර, අනිකුත් අවශේෂ උදවියට අධ්‍යාපනය කියා දෙයක් නොතිබුණි. සුද්දන් යටතේ බොහෝ සිංහල රදල නායකයින් මැරුම් කෑ අතර, වතු ව්‍යාප්ත වීම නිසා විශේෂයෙන්ම උඩරට ගැමියන් හට තමන්ගේ ජීවනෝපාය අහිමි විය. නමුත්, සුද්දන් ඇතිකළ අධ්‍යාපන ක්‍රමය තුළ අද රටේ සෑම කෙනෙකුටම තරාතිරමකින් තොරව අධ්‍යාපනය ලබා ගත හැකි අතර, ඔවුන් හඳුන්වා දුන් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුල ඡන්දයක් තුළින් අපේම පාලකයින් පත්කිරීම හෝ පලවා හැරීම කළහැකියි. මෙසේ බැලූ කල සුද්දන්ගේ පැමිණීම නිසා අපේ රටට හොඳ සහ නරක යන දෙකම ලැබී ඇත.

:       892       735

SamanSaturday, 02 February 2019 03:34 AM

දැන් එතකොට මෙයා ඡන්දෙන් පත් වෙච්ච ‍රැජිනියක්ද?

:       37       121

මුල මතක නෑSaturday, 02 February 2019 03:39 AM

සුද්දා හිටපු රදලයින් මරලා, ඔවුන්ට ගැතිකම් කරන වෙනම රදලයින් ටිකක් හදා ගත්තා. අන්න උන්ට විතරයි ඒ කාලේ ඉස්කෝල හම්බවුනේ. ඊට පස්සේ ඒ අතරින් මනුස්සයෙක් උපන්න දෙවි කෙනෙක් වගේ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර කියලා. අන්න එතුමා නිසා තමයි ඔය හැමෝම අධ්‍යාපනේ ලබන්න වරම් ගත්තේ. එහෙව් අයගෙන් උදව් අරන් ඉගෙනගෙන තමයි මේ ග‍ඟෙන් වතුර බී මුහුදට ආවඩන්නේ...

:       43       193

lankaSaturday, 02 February 2019 12:46 PM

අප අමතක නොකළ යුතු දෙයක්, නම් සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයින් පවා දේශපාලන කරලියට පැමිණියේ සුද්දා විසින් හඳුන්වා දුන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ඡන්දයෙන් බව...

:       219       75

පිටිගල මිලානෝ Saturday, 02 February 2019 12:21 AM

මහා රැජිනියනි, බැරිද ඔබට අපේ රට නැවත වරක් යටත් කරගෙන පාලනය කරන්න? අර 225 ගේ දේපල රාජසන්තක කර මුරුසියට පිටුවහල් කරමු.

:       99       149

Nihal Saturday, 02 February 2019 01:50 AM

සුද්දෝ තුවක්කු බලයෙන් අල්ලගත්තු සැමරටක්ම වනසල ගියේ,මැද පෙරදිග ගිනි තිබ්බේ කව්ද ලෝකෙම දන්නවා .මොවුන්ගේ කලුසුදු බේදය නිසා කුඩා දරුවන් පාසල් වල ලබන තද පීඩන නිසා අපේ රටට යන් කියල හඬ වැටෙනවා

:       4       252

pakeer Saturday, 02 February 2019 03:59 AM

සුද්දෝ මේක දාලා ගිහින් දැන් අවුරදු 70ක්. එ්ත් අපේ එවුන්ට බැහැ මේක ගොඩදාන්න. සමහරු සුද්දට බනිනවා සමහරු සුද්දට මේක අායෙත් ගන්න කියනවා. මෙතන තියෙන්නේ අපේ නොහැකියාව. අපේ දීනකම නව ලෝකෙට යන්න අපිට බැරිකම. අපි පිළිගන්න ඕනේ අන්න එ්ක. හුඟ දෙනෙක් කියන්නේ සුද්දෝ මේක ඇල්ලුවේ නැත්නම් අපි හරි දියුණු ජාතියක්ලු. මින්සාගේ පරම ගතිය අනෙක පරයා යාම, එතන තමයි ලෝකේ දියුණුව (භෞතික දියුණුව) පරිණාමේ තියෙන්නේ. එ්ක තේරුම් ගනිල්ලා. මුලින්ම තේරුම් ගන්න මේ රටේ ඉන්නේ ඔලුව තියෙන එවුන් 5%. අනිත් එවුන් ගොබ්බයින්ම තමයි..

:       92       35

AsankaSaturday, 02 February 2019 06:03 AM

අපි බෞද්ධයෝ... අපි කවුරුවත් පරයා යන්න කැමති නැහැ... හැමෝම සමග සහයෝගයෙන් හිටියම ඇති

:       0       6

BamunuarachchiSunday, 03 February 2019 05:59 AM

සුද්දෝ මේක ඇල්ලුවේ නැතිනම් අපිව පාලනය කරන්නේ තම බිසවුන් පවා ඉන්දියාවෙන් ගෙනා වඩුග රජෙක් කියලා අර සුද්දට බනින හාදයින්ට මතක් කරන්න.

:       2       1

Amare Saturday, 02 February 2019 08:08 AM

අපි කවුරුත් නොදන්නා පරම සත්‍ය තමයි මේ ලෝකය පාලනය වන්නේ පවුල් කිහිපයක්ම ගිනි, ලොව සියලු ආයතන , මහා බැංකු ඇතුළු සියලු මුල්‍ය ආයතන ඔවුන් යටතේ පාලනය වේ. ඔබේ සිතුම් පැතුම් ඔබ අඳින පළදින දේ කන බොන දේ තීරණය කරන්නේ ඔවුන්ය , එනම් රෝත්ස්චයිල්ඩ් , රොකිෆිලර් , මෝර්ගන් , ඩුපොන්ටි, වතිකානුව සහ එංගලන්ත රජ පවුලයි. ඇෆ්ගනිස්ථානය, ඉරානය සුඩානය, ලිබියාව උතුරු කොරියාව යන රටාව ල හැර අන් සියලු රටවල මහා බැංකු රෝත්ස්චයිල්ඩ් පවුල සතුයි. බොරුනම් සොයා බලන්න, ඔබ අප සියලුදෙනා නුතන වැඩවසම් ක්‍රමයේ දැතිරෝද පමණි. රෝත්ස්චයිල්ඩ් පිරමිඩය නමින් අන්තර්ජාලයේ හෝ පුස්තකාලවල සොයා බලන්න

:       0       81

AmareSaturday, 02 February 2019 08:47 AM

චාර්ල්ස් කුමරුට තර්ජනාත්මක ලෙසින් එවේලින් ඩි රෝත්ස්චයිල්ඩ් විසින් පපුවට ඇඟිල්ලෙන් තට්ටු කරන සත්‍ය ඡායාරූපයක් අන්තර්ජාලයෙන් දැකගත හැක...

:       0       16

චමින්ද Sunday, 03 February 2019 01:44 AM

ඔවුන් අපිට හරියට නිදහස දුන්නා කිව්වට එහෙම වෙලා නැහැ කියලයි මට හිතෙන්නේ... ඔවුන් නිදහස දුන්නා නම් ඔවුන්ගේ වතුවල සේවයට ගෙනා කම්කරුවනුත් ඉවත්කර ගන්න ඕනෑනේ. එහෙම වුනේ නැහැ. අනෙක මම හිතන්නේ ලෝකයේ තවම කොටි සංවිධානය තහනම් කරපු රටවල් තියෙනවා කියලා.. නමුත් රැජිනගේ රටේදි කොටින්ට විරුද්ධ වුණු තානාපති කාර්යාලයේ නිලධාරියාට නඩුදමලා. සාමාන්‍යයෙන් තානාපති කාර්යාල නිලධාරීන්ට එහෙම කරන්න බැහැනේ... අනේ මුන්දැගේ සුබපැතුම් !!!

:       0       0

BamunuarachchiMonday, 04 February 2019 11:10 AM

ටිකක් ඔලුව අතගාලා බැලුවොත් නරකද? වැදිලා පනාව කැඩෙන්න පුළුවනි.

:       0       0

Bamunuarachchi Sunday, 03 February 2019 01:45 AM

නැවත මේ රට යටත් කර ගන්න බැරිද? අනේ කරනවා නම් ලොකු දෙයක්..?

:       0       0

Rohana Sunday, 03 February 2019 06:44 AM

සුද්දාගෙන් නිදහස් වුණා කියලා අපට දියුණුවක් නම් සිදුවුනේ නැහැ. සුද්දගේ කාලේ ලැබූ දියුණුවත් නැත්තටම නැතිවුණා නිදහසින් පස්සේ...

:       0       0

BamunuarachchiSunday, 03 February 2019 02:21 PM

රට දියුණු වුනේ සුද්දගේ කාලේ... ඊට කලින් තිබුනේ ළදරුවන් වංගෙඩියේ දමා කොටන රාජාණ්ඩුවක් කියා අමතක කරන්න එපා..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 241 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 487 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 602 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 528 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 155 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1726 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1635 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site