IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නොදන්වා විදුලිය කැපීමේ නඩුවට විදුලිබල මණ්ඩලයට නොතීසි

මනෝප්‍රිය ගුණසේකර
 
විදුලි කප්පාදුවට අදාළ වාර්තා මහජන උපයෝගිතා කොමිසමට ලබා නුදුන් බව කියන සිද්ධියක් පිළිබඳව විමිසීම සඳහා විදුලි බල මණ්ඩලයට ලබන 09 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහෙස්ත‍්‍රාත් රංග දිසානායක අද නොතිසි නිකුත් කළේය.
 
විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු එහි ඉහළම නිලධාරීන් නවදෙනෙකු අධිකරණයට කැඳවන්නැයි ඉල්ලමින් මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලූ  මහෙස්ත‍්‍රාත්වරයා එලෙස නොතිසි නිකුත් කළේය.
 
2018 වසරේ මැයි මස 28 වැනිදා සිට මේ දක්වා විදුලි කප්පාදුව සහ වෙනත් කාරනා කිහිපයකට අදාළ වාර්තා සහ ලේඛන ලබාදෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබුණත් ඔවුන් එම වාර්තා හෝ ලේඛන මෙතෙක් ලබාදී නොමැති බව මහජන උපයෝගිතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
 
මේ හේතුව මත විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු එහි ඉහළම නිලධාරීන් නවදෙනෙකු මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් කර ඔවුන් අධිකරණයට කැඳවන්නැයි මහජන උපයෝගිතා කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
 
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ මහෙස්ත‍්‍රාත්වරයා මහජන උපයෝගිතා පනත අනුව මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් වගඋත්තරකරුවන් කර අධිකරණයට කැඳවීමට හැකියාවක් නැතැයි පෙන්වා දුන්නේය.
 
මේ අනුව ලබන 09 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් මහෙස්ත‍්‍රාත්වරයා විදුලි බල මණ්ඩලයට නොතීසි නිකුත් කළේය.



අදහස් (0)

නොදන්වා විදුලිය කැපීමේ නඩුවට විදුලිබල මණ්ඩලයට නොතීසි

ඔබේ අදහස් එවන්න

දියත

ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 206 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 221 2

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1186 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 756 4

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1413 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 307 5

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site