IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නීතිවිරෝධීව මත්ද්‍රව්‍ය ගෙනආ ඉන්දීය ජාතිකයකු අල්ලයි

(කටුනායක ටී.කේ.ජී.කපිල )

අයිස් නමින් හදුන්වන මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (30) අලුයම කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .

මොහු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නාමක්කාල් ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

ඔහු අද (30) අලුයම 1.40 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ස්පයිසි ජෙට් ගුවන් සේවයට අයත් එස්. ජී.- 001 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

පසුව  ව්‍යාපාරිකයන් රැගෙන එන භාණ්ඩ සදහා බදු ගෙවා පිටතට යා හැකි " රක්ත මාවත " ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී , ඔහු විසින් ගෙනැවිත් තිබූ මංගල සාරි තොගයක් අතර ඉතා සූක්ෂම ලෙස සගවා ගෙන තිබූ මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200 ක් රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගනු ලැබූ අතර , ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් රණවන මහතාගේ උපදෙස් මත , කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.
කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන විපුල මිනුවන්පිටිය , එස්.පී.
කිරිවත්තුඩුව , ආර්.රුෂාන්දන් , රේගු අධිකාරීවරුන් වන එම්.අයි.එම්.ස්මායිල්, ඩී.ඩබ්ලිව්.කේ.විජේතුංග, එච්.ඊ.ඩී.
පෙරේරා, කේ.ඒ.රුද්‍රිගු , සහකාර රේගු අධිකාරීවරුන් වන අමිල බණ්ඩාර , එච්. ඒ.පී.එන්.ගුණවර්ධන , ඩබ්ලිව්.එන්.ඩී. සී.ගුණවර්ධන ,ජේ.වී.ඩී.වික්‍රමසූරිය සහ එල්.එස්.ගමගේ යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටියි.



අදහස් (3)

නීතිවිරෝධීව මත්ද්‍රව්‍ය ගෙනආ ඉන්දීය ජාතිකයකු අල්ලයි

SARATH Saturday, 30 March 2019 04:26 AM

අනිත් මිනිස්සුන්ට වස දීලා හරි සල්ලි හම්බ කරන උන්ට ගල් ගහල මරන්න ඕනේ. විනාශ කරන්න ඕනේ පිළිල විනාශ කරන්නම ඕනේ. කිරි පොවලා හරියන්නේ නැහැ.

:       0       179

prabha Saturday, 30 March 2019 10:12 AM

නීති විරෝධී භාණ්ඩ අල්ලපු අයගේ මුහුණත් තහඩු ජන මාධ්‍යයට දෙන එකම රට..

:       0       151

menna Saturday, 30 March 2019 01:40 PM

"නීතිවිරෝධීව මත්ද්‍රව්‍ය ගෙන ආ" නීත්‍යානුකූලවත් මත්ද්‍රව්‍ය ගේන්න පුළුවන්ද?

:       0       127

ඔබේ අදහස් එවන්න

දියත

පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 68 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 23 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 9 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1491 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 309 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1468 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site