IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘‘නත්තල් දින සෑම දේවස්ථානයකටම අමතර ආරක්ෂාවක් ලබා දෙන්න‘‘

(ඉන්දිකා රාමනායක)

නත්තල් දින රාත්‍රීයේ සහ නත්තල් දින පැවැත්වෙන දේව මෙහෙයන් වෙනුවෙන් සෑම දේවස්ථානයකටම ආරක්ෂාව ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගරුතුමෝ අද (19) පැවසූහ.

ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ යම් යම් තොරතුරු ලැබී ඇති බවත් ඒ හේතුවෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙලෙස අමතර ආරක්ෂාවක් ඉල්ලා සිටි බවත් අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන බවත් රජයෙන් පොරොන්දු වූ බව අගරදගුරුතුමෝ සඳහන් කළේය.

යම් කිසි ප්‍රහාරයක් නැවත එල්ල කිරීමට උත්සහයක් දැරීමට  ඉඩ ඇති බවට ඇති ප්‍රවණතාව අනුව නත්තල් දිනට අමතර  ආරක්ෂාවක් ලබා දෙන ලෙස රජයෙන් හා ආරක්ෂක අංශ වලින්  මෙම ඉල්ලීම කළ බව අගරදගුරුතුමෝ සඳහන් කළහ.

මැල්කම්  කාදිනල් රංජිත් කොළඹ අගරදගරුතුමෝ මේ බව සඳහන් කළේ  කොළඹ අගරදගුරු නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

අප්‍රේල් 21 වැනි දින එල්ල වූ ප්‍රහාරය හා ප්‍රහාරයෙන් මියගිය තුවාල ලබා  තවමත් ප්‍රතිකාර ලබන පිරිස මෙනෙහි කරමින් මෙවර නත්තල් උත්සවය ප්‍රීතියෙන් සැහැල්ලුවෙන් හා ආධ්‍යාත්මිකව ගත කරන ලෙස සියලු  කිතුනුවන්ගෙන් ඉල්ලා සිටින බවද අගරදගුරුතුමෝ  කියා සිටියහ.

මෙම වසරේ නත්තල් උත්සවය වෙනුවෙන්  මත්පැන්  අලෙවිසැල් විවෘත කිරීමට රජය තීරණය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එම තීරණය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් අගරදගුරුතුමෝ කියා සිටියහ.

නත්තල් උත්සව දින මත්පැන් හල්  විවෘත කර තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගත්  තීරණය ප්‍රශ්නයක් බවත් වෙනත් වසර මෙන් නත්තල් දින මත්පැන් හල් වසා දැමීම ගත් තීරණය මේ වසරේද ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටින බවද කාදිනල්තුමෝ කියා සිටියහ.

පාස්කු ප්‍රහාර පසුබිම තුළ මත්පැන් පානය කළහොත් එම සිද්ධිය අමතක වේවී යැයි යන මතය අනුව මෙම තීරණ  ගත්තේ ද යන්න සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විමසන බවද  අගරදගුරු හිමිපාණෝ වැඩිදුරටත්  සඳහන් කළහ.

 

 

 

 

 

 

 

 

 



අදහස් (3)

‘‘නත්තල් දින සෑම දේවස්ථානයකටම අමතර ආරක්ෂාවක් ලබා දෙන්න‘‘

Bamunuarachchi Thursday, 19 December 2019 04:01 PM

කාදිනල් තුමනී හුඹස් බියක් ඇතිකර ගන්න එපා. ඝෝඨාභය ගේ පරිපාලන කාලයේ ඔය එක ත්‍රස්තයෙක් වත් ඔලුව උස්සන්නේ නැත. ඔලුව ඉස්සුවොත් ගලේ ඔලුව ගහගත්තාට වඩා දරුණු ප්‍රතිපල විඳීවි.

:       0       0

උපාලි. Friday, 20 December 2019 01:47 AM

අපෝ බය වෙන්න එපා... එහෙම වෙන්නේ නෑ මම හීනෙන් දැක්කා. බදුර්දීන් ඇතුලේ, හිස්බුල්ලා ඇතුලේ, අසාත් සාලි ඇතුලේ, රතන හිමි වීරවංස එක්ක ඒ අයට විරුද්ධව ඇසින් දුටු සාක්කි දෙනවා.. චම්පික රණවක එළියේ ඉන්නවා.

:       0       0

Silva Friday, 20 December 2019 02:52 AM

ඇයි දැන් බයවෙන්නේ? දැන් ආරක්ෂාව ස්ථාවරයි කියලා අර ආරක්ෂක ලේකම් තුමා කිව්වා නේද..? ඔබතුමා කියන්නේ රටේ ආරක්ෂාව නැහැ කියලද නැත්නම් ඡන්දෙට ඉස්සෙල්ලා ලොකුවට විශ්වාස කරලා සහයෝගය දුන්නට දැන් තත්වය ඔබතුමන්ලා ඇතුළු 69 බලාපොරොත්තු වෙච්ච, හිතපු විදිය නොවෙයි කියන එකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 21 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 319 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1044 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2481 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1672 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 983 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site