IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නීතිඥ මනෝජ්ට එරෙහිව පොලිසිය ආයතන තුනකට පැමිණිලි කරන්න යයි

(ඉන්දිකා රාමනායක)

නීතිඥ  මනෝජ් ගමගේ  මහතා මාධ්‍ය හමුවක් පවත්වා  කුරුණෑගල වෛද්‍ය සාෆි සිහාබ්දීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන විවේචනය කරමින්     අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට තර්ජනය කිරීමේ සිද්ධිය ඉදිරියේ දී වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට, ශ්‍රේෂ්ඨාධිකරණයට හා නීතිඥ සංගමයට පැමිණිලි කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා  පැවසීය.

ඕනෑම  විමර්ශනයක්  විවේචනය කිරීමට , සාධනීය විවේචන ඉදිරිපත් කිරීමට  ඕනෑම  පුද්ගලයකුට  හැකියාවක් ඇති බවත්   විමර්ශන සිදුකරන නිලධාරීන්ට තර්ජනය  කිරීමට කිසිවකුට නොහැකි බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට  ජම්පරයක් අන්දවන බවට නීතිඥ මහතා  ප‍්‍රකාශ කර ඇති බවත් පුද්ගලයකුට ජම්පර් අන්දන බවට  නීතිවරයකුට ප‍්‍රකාශ කිරීමට හැකියාවක් නොමැකි බවත් එය තීරණය කරන්නේ  අධිකරණය  විසින්   බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

වෛද්‍ය සාෆි මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ශානි අබේසේකර මහතාට කර ඇති මෙම තර්ජනය පොලිස් දෙපාර්තමේතුව වශයෙන් තරයේ හෙළා දකින බවද   රුවන් ගුණසේකර  මහතා වැඩිදුරටක් කීය.

මෙම තර්ජනය සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා කොටුව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.



අදහස් (20)

නීතිඥ මනෝජ්ට එරෙහිව පොලිසිය ආයතන තුනකට පැමිණිලි කරන්න යයි

සමීර Tuesday, 30 July 2019 03:14 PM

CID ඩිරෙක්ටර් ශානි අබේසේකර කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ බිහිවූ දක්ෂතම, අවංකම නිලධාරියෙක්.

:       1312       1345

Pali Tuesday, 30 July 2019 03:18 PM

ශානි අබේසේකර මහතා ඔහුගේ සේවා කාලයේ දි ඉතා විශිෂ්ඨ සේවයක් කල මහත්තයෙක්.

:       797       823

GunasekaraWednesday, 31 July 2019 12:41 AM

ඔව්, මාත් එහෙම හිතලා ඔහු මේ තනතුරට පත්වෙලා ප්‍රශංසාත්මක අදහස් දැම්මා. වර්ණනා කළා. නමුත් දැන් දැන් පෙනෙන දේවලින් සැබෑ පුද්ගලයා හඳුනා ගන්න ලැබුණා...

:       0       0

නිල්මිනි රත්නායක කුරුණෑගල Tuesday, 30 July 2019 04:44 PM

මනෝජ් ගමගේ මහතාට ජයවේවා!

:       999       990

athuraWednesday, 31 July 2019 04:25 AM

අනිවා ඔයා පොහොට්ටු පක්ෂයේ නේද?

:       0       0

W.sarath Tuesday, 30 July 2019 05:10 PM

ඉතා පහත් ලෙස හැසිරෙන අය ලැජ්ජා විය යුතුයි. නිතිය මුදලට යට නොවිය යුතුයි.

:       5       184

Amila Tuesday, 30 July 2019 06:06 PM

නුසුදුසු පුද්ගලයෝ නීතිවේදියෝ වුනහම වෙන ප්‍රශ්න තමයි මේ.

:       216       897

MaheeWednesday, 31 July 2019 12:38 AM

නුසුදුසු පුද්ගලයන් පොලිස් නිලධාරීන් වුණාමත් ඇතිවෙන්නේ ඒ වගේ ප්‍රශ්න තමයි. නුසුදුසු එවුන් දේශපාලකයින් වීමේ ප්‍රතිඵලවලින් ම ඒක පේන්නේ නැද්ද..?

:       0       0

chandra Tuesday, 30 July 2019 06:56 PM

කට විතරයි වැඩ නැහැ. පුස් වෙඩි....

:       0       0

Jaya Wednesday, 31 July 2019 01:07 AM

මෙතන තියන මූලිකම ප්‍රශ්නය මෙම වෛද්‍යවරයාගේ පැහැදිලිව පෙනෙන්න තියන මූල්‍ය වංචා පිළිබඳව නිවැරදිව පරීක්ෂණ නොකරන්නේ අැයිද කියන එකයි...

:       0       0

senevi Wednesday, 31 July 2019 01:57 AM

කිසිදු විද්‍යාත්මක සොයාබැලිමක් නොමැතිව ගැහැණුන් සහ ඇතැමුන් කෑගැසූ පමනින් ඔවුනට නීතිය යටවිය යුතු නැත.

:       0       0

chinthaka Wednesday, 31 July 2019 04:24 AM

ශානි කියන්නේ තනිකරම දේශපාලන බළල් අතක්, මෙයා යම් විමර්ශනයක් කරනවා නම් ඒකට රටේ ප්‍රධානම දේශපාලන දෙපලගේ අවසරය ලැබෙන්න ඕනෑ.. කවුරුහරි කියන්න බලන්න මෙයා සම්පූර්ණ කරපු දේශපාලන පසුබිමක් නොමැති අපරාධයක්...

:       0       0

dilan Wednesday, 31 July 2019 04:25 AM

තර්ජනයක් නෙමෙයි, ඔය දේශපාලකයින්ට කඩේ ගිහින් තමන්ගේ රාජකාරිය පැහැර හරින රජයේ නිලධාරී කොයිකාටත් ජම්පරය තමයි උරුම...

:       0       0

kamaldasa Wednesday, 31 July 2019 04:58 AM

වෛද්‍ය රතන ස්වාමීන් වහන්සේගේ අඩි පාරේ යන නීතිවේදියෙක්...

:       1       0

Gamini Wednesday, 31 July 2019 07:55 AM

ශානි අබේසේකර පිළිබඳව අප තුළද යහපත් චිත්‍රයක් පෙරදී පවතී. නමුත්, ඔහුගේ දක්ෂතාවය කෙසේවුවත් මෙම විමර්ශනය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඉතිරිකර ඇත.

:       1       13

නොකවුට් Wednesday, 31 July 2019 08:02 AM

ශානි අබේසේකර සාෆිගෙන් අල්ලස් වගේම රනිල්ගේ හෙංචයියෙක්...

:       1       2

athuraWednesday, 31 July 2019 10:23 AM

මහින්දගේ හෙන්චයියෙක් වුණානම් කමක් නැද්ද?

:       0       0

saranapala Wednesday, 31 July 2019 08:10 AM

මේ ශානි අබේසේකරට නඩු මවන්න පුළුවන්. අර කොටකෙතන නඩුවේ අහිංසකයෙක් හිරේට යැව්වා. වාස් ගුණවර්ධන මෙයට තර්ජනය කළා. දැන් ආයෙත් මෙයාව බය කරලා... තොත්ත බබෙක්...

:       1       15

athuraWednesday, 31 July 2019 10:25 AM

නැතුව නැතුව... අනුර සේනානායකලාත් ඒ රජ කාලේ නඩු මැව්වේ...

:       0       0

[email protected] Wednesday, 31 July 2019 09:34 AM

අද ඉන්න සමහරු සහතික පෙන්නලා තැන ලබාගෙන බොරුම කියලා කරලා රටම නැතිකර තමන් මැරෙනකන් සුදිය කියා ඒ ඒ අය හිතන හිතළු රජකරවන්න වෙරදරණ නුසුදුසු අය තමයි. නමුත් මේ ස්වාධීන කොමිෂන් ඇවිත් තනිබලයට වැඩකරන්න මෙතෙක් තිබුණු අයිතිය අහිමිවී ඇති නිසා කෙරුම් කාරයෝ වගේ පෙන්නගෙන හිටි නුසුදුස්සෝ කාටත් පේන්න පටන්ගෙන තියෙන්නේ, අද එදා වගේ කෑකෝ ගැහැව්වට වැඩක් නැති අතර යම් නීතියක් නීතියක් ලෙස නීතිවේදියෝ පිරිසක් විසින් ක්‍රියාවේ යෙදවෙන නිසා හරියට නීතියට හසුවෙන විදිහට පැමිණිලි නැත්නම් වැරදි කළත් නිදහස් වෙනවා තමයි. ඒ නිසා පැමිණිලි දාන අය ඉස්සර වගේ නොකර හරියට කරන්නේ නැතුව බොරුවට කෑකෝ ගහලා, උපවාසකරලා හෑල්ලුවෙන්නේ නැතුව ඒ පැමිණිලි කරන අය එසේ බුද්ධිමත්ව නිෂ්ශ්බ්දව හරියට කළොත් වැරදි කර කිසිවෙකුට බේරෙන්න බැරි සමාජයක් බිහිවීමට අවශ්‍යම මූලික අඩිතාලම වැටිලයි තියෙන්නේ... පරණ පුරුද්දට මම කෙරුම වීමේ අහංකාරයෙන් සද්දෙ දාලා වැරදි කරපු එකාට බේරෙන්න මග හදාගන්න පහසුකරලා, මේ කරනවා වගේ වැඩ කළොත් වෙනදේ දැන් පේනවද? බුද්ධිමතුන් සද්ද නැතිලු හරියට ගැඹුරු මහා මුහුද වගේලු. මෝඩයෝ සද්දේ දාල වෙරළේ හැපිලා ආපසු යන රැල්ල වගේලු. කටකහනවට කියපුව නොවෙයි ඕවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 531 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 105 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 786 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 797 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1200 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1089 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site