(තිළිණි ද සිල්වා)
සිය නීතීඥභාවය වසර තුනක කාලයකට අත්හිටුවමින් නියෝගයක් නිකුත් කළ හිටපු අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් රුපියල් මිලියන 100ක් බැගින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කර තිබූ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද (09) තීන්දු කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරි කැඳවූ අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළි ගනිමින් පෙත්සම ප්‍රතික්ෂේප කරන ලදී.
හිටපු අගවිනිසුරුවරයා ප්රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය ලබා දී ඇත්තේ පෙත්සම්කරුට එරෙහිව ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් සාක්ෂි කැඳවා විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව බවත් එලෙස ලබා දුන් නියෝගයකට එරෙහිව නඩුවක් පැවරීමේ නීතිමය අයිතියක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය සිය මූලික විරෝධතාව ඉදිරිපත් කරමින් කියා සිටියාය.
එකී නියෝගය අධිකරණ සංවිධාන පනත යටතේ අධිකරණ විනිසුරුවරුන්ට ලබා දී ඇති නෛතික බලතල ප්‍රකාරව නිකුත් කළ රාජකාරීමය නියෝගයක් බවත් කුමන පනතකින් හෝ එකී නියෝගය අභියෝගයට ලක් කිරීමේ අයිතියක් පෙත්සම්කරුට නොමැති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරියා අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවසුවාය.
එම මූලික විරෝධතාව පිළිගත් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා මෙම පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් එය ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.
වසර තුනකට නීතිඥභාවය තහනමකට ලක් වී සිටින නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු අගවිනිසුරු නලීන් පෙරේරා, විජිත් මළල්ගොඩ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ නීතිපතිවරයා නම් කර තිබුණි.
නාගනන්ද කොඩිතුවක්කු මහතා අධිකරණය හමුවේ කියා තිබුණේ වගඋත්තරකාර විනිසුරුවරු සිය බලය අවභාවිතයට ලක් කරමින් තම නීතිඥ භාවය වසර 3කට තහනම් කිරීමට කටයුතු කළ බවයි.
ඒ තුළින් වගඋත්තරකරුවන් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ප්රඥප්ති පනත යටතේ වරදක් සිදුකර ඇති බැවින් හිටපු අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් රුපියල් මිලියන 100ක් බැගින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා නාගනන්ද කොඩිතුවක්කු මහතා සිය පෙත්සමෙන් ඉල්ලා තිබිණි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නාගානන්ද කොඩිතුවක්කු ගොනුකළ පෙත්සම ඉවතට
ratne Thursday, 09 May 2019 04:16 PM
ජනතාවට ආරක්ෂාව, නීති රීති, දේශපාලනය, වැනි රටේ කිසිම දෙයක් පිළිබඳව විශ්වාසය නැතිවෙමින් යනවා. නමුත් වංචනිකයින්, ත්රස්තයන්, බොරුකාරයින් වැන්නන් සඳහා රට සම්පූර්ණ යෙන්ම යෝග්‍ය මෙන්ම ආරක්ෂිත බවක් ඇති බව පෙනී යනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානයේ ආර්ථිකය දැන් තිබෙන තත්ත්වයට ගෙන ඒමට රටවැසියන් හා නායකයින් කැපවූ ආකාරය ආදර්ශයට ගනිමින්, ලංකාවේ සියළුම අංශවල පෙරලියක් සිදුවිය යුතු අතර ඒ සඳහා ත්‍රස්තවාදය, වංචාව, නාස්තිය නැති කිරීමට සහ නිෂ්පාදනය වැඩි කිරීමට සියළු දෙනා කැප විය යුතුය.
sanaFriday, 10 May 2019 09:59 AM
ජපානයේ මිනිසුන් එසේ වැඩ කළ බව සෑබෑවක් විය හැක, නමුත් ලෝක යුද්ධයට පෙර සිටම ජපානය ආර්ථික හා යුධ බලවතෙකුව සිටි අතර ඔවුන්ට සිදු වූයේ පෙර සිටි තත්ත්වයට යළි පත් වීමේ අභියෝගයකි. අනෙක් අතට ඔබ කියනා ඔය ජපනා අද තරුණ ජපන් පරපුරේ නැත.
Sameera Thursday, 09 May 2019 08:28 PM
ගෙවන්න පුලුවන් ගානක් ඉල්ලන්න එපැයි
විශ්වා Friday, 10 May 2019 04:35 AM
මෙයා අත ගැහුවොත් යමක් ඉවරයි.....
රෝවිල් Friday, 10 May 2019 04:55 AM
මේක විහිළුවක්
amila Friday, 10 May 2019 05:03 AM
හිතන තරම් ලේසි නෑ වැඩේ, අපි ඔයාගේ පැත්ත අරන් අපිත් පීචන් වෙයි ද මන්දා? "දේෂේ හැටියට බාසේ කිව්වලු,"