(එච්. එම්. ධර්මපාල)
ඉකුත් 28 වැනි දින අලුයම නුගේගොඩ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී ජීප් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට සහ තවත් ව්‍යාපාරිකයකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7දෙනෙකු සහ සැකකාරියක, ඒ සදහා යොදාගත් වාහන 5ක් සහ අවි ආයුධ සමග අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
සුපිරි වෑන් රථයක්, මෝටර් රථයක්, යතුරු පැදි දෙකක්, ත්‍රිරෝද රථයක් මෙන්ම දුරකථන 4ක්, පිස්තෝලයක්, ජීව උණ්ඩ 7ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුමුල්ල, දෙහිවල, මත්තේගොඩ යන පොලිස් ස්ථානවල නිලධාරීන්ගේ ද සහාය ඇතිව සී.සී.ටී.වී දර්ශන උපයෝගී කරගනිමින් මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල, කොස්ගම, අම්බලන්ගොඩ, අහුංගල්ල යන ප්‍රදේශවල පදිංචි 23-45 අතර පසුවන අය බව අනාවරණය වී ඇත.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ නුගේගොඩ උඩහමුල්ල පදිංචි සුසිල් රුවන් පෙරේරා (38)යන අයය. තලපත්පිටිය පදිංචි ඉන්දික රොෂාන් (40) යන අය දකුණු කොළඹ ශික්ෂන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
සැකකරුවන් අද(05) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නුගේගොඩ ඝාතන සිද්ධියේ සැකකරුවන් 8ක් ගිනි අවි සමග අත්අඩංගුවට
එච් එමි ධර්ම පා ල Monday, 05 August 2019 12:41 PM
කොහුවල පොලීසිය දිලීප පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එච්.එම්. සිරිවර්ධන මහතා ඇතුලු පොලිස් නිලධාරීන් ගේ දක්ෂතාවය නිසා ඉක්මනින් සිදුවූ යහපත් සත්කාරක සමාජසේවා කටයුත්තක් වේ. නීතිය ක්‍රියාත්මක කරන කටයුතු ඉක්මණින් සිදුකර අගතියට පත් අයට සාධාරණයක් ඉටුකළ යුතූයි.
buddhika Monday, 05 August 2019 02:27 PM
පොලිසියේ වැඩ කරන හොද අයත් ඉන්නවා ස්තුති!
kolam boss Tuesday, 06 August 2019 02:40 AM
මේ අත්අඩංගුවට ගැනීම කරන්න නීතිපති උපදෙස් පැතුවද ? නැත්නම්
himal Tuesday, 06 August 2019 04:08 AM
සුපිරි වෑන් රථයක් කිව්වේ සුපර් මෑන් වැඩ දාන්න පුළුවන් කියලද?