(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සතු රුපියල් දෙලක්ෂ විසිතුන් දහස් නවසිය දාසයක මුදලක් අස්ථාන ගත වීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
එම සිද්ධිය සමඟ නඩු බඩු කාමරයේ සේවය නිරතව සිටි කාර්යාල කාර්ය සහායකයෙකු මේ දක්වා සේවයට වාර්තා කර නැතැයි පොලිසිය කීය.
ඉකුත් සැප්තැම්බර් මස 4 වැනිදා දඩ හා ඇප මුදල් වශයෙන් අධිකරණයට ලද එම මුදල් මුදල් භාර නිලධාරියා එදිනම සවස රෙජිස්ටාර්වරයාට ලපා දී තිබූ බව මූලික පරීක්ෂණ වලදී හෙළි වු බව පොලිසිය කීය.
ඔක්තෝම්බර් මස 06 වැනිදා නුගේගොඩ අධිකරණයේ ගිණුම් අංශය වෙත බැංකුවෙන් ලද සැප්තැම්බර් වාර්තාවේ සැප්තැම්බර් 5 වැනිදා රෙජිස්ටාර්වරිය කාර්යාල කාර්ය සහයකවරයාට ලබාදුන් බව කියන රුපියල් දෙලක්ෂ විසිතුන් දහස් නවසිය දාහසයක මුදල් සටහන් නොවීම සම්බන්ධයෙන් රෙජිස්ටාර්වරයාගේ අවධානය යොමු කිරීමේදී මෙම මුදල් අස්ථාන ගතවීම සම්බන්ධයෙන් මුලින්ම අනාවරණය වී ඇතැයි උසස් නිලධාරියෙකු පැවසීය.
ඒ සම්බන්ධයෙන් රෙජිස්ටාර්වරයා කාර්යාල කාර්ය සහයකවරයාගේ විමසීමේදී ඔහු පවසා ඇත්තේ ඔහුට බැංකුවේ තැන්පත් කිරීම සඳහා ලබා දුන් මුදල් සියල්ල නිසි අයුරින් තැන්පත් කළ බව යැයි එම නිලධාරියා කීය.
බැංකු වාර්තා පරීක්ෂා කිරීමේදී එම කාර්යාල කාර්ය සහයකවරයා සැප්තැම්බර් 5 වැනි දින බැංකුවේ තැන්පත් කර ඇත්තේ සැප්තැම්බර් 3 වැනිදා ඔහුට රෙජිස්ටාර්වරිය ලබාදුන් මුදල් බව එම වාර්තා පරීක්ෂා කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කීය.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෙහිවල සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
නුගේගොඩ අධිකරණයේ මුදල් අස්ථාන ගතවීම ගැන හොයන්න පරීක්ෂණයක්
විජිත් Wednesday, 13 November 2019 06:03 PM
වැටත් නියරත් ගොයම් කානම්....
chinthaka Thursday, 14 November 2019 01:47 AM
මොකුත් කියන්න බැහැ අධිකරණයට අපහාසයක් වෙයි කියලා. ඒත් නිකමට වගේ කියන්නේ මේ මුදල් අවභාවිතව, මහජන මුදල් අපයෝජනය ගැන නඩුකාර හාමුදුරුවන්ටත් උසාවි යන්න වෙයිද ?
sk Thursday, 14 November 2019 03:05 AM
හැමතැනම හොරු
Nimal Thursday, 14 November 2019 04:50 AM
හොරකම් මඩින්න පිළියම් යොදන තැන සොරුන්ට දඩුවම් කරන තැන, හොරකම් වෙනවා නම් අනේ අපිට ගිය කලක හැටි කියා ලත වෙනවා හැරෙන්න වෙන මොනවා කරන්නද?
Amila Thursday, 14 November 2019 08:47 AM
හොදම වැඩේ. නූතන තාක්ෂණය භවිතා නොකර සුද්දා හදලා ගියපු ක්‍රමේම කලු සුද්දෝ කරන් යන නිසා තමා මේ ගැටලු ඕක්කොම.. එකෙක් ඉන්නවා ගිරිය යටින් කෑගහන. නූතන තාක්ෂණය වන මයික් ගැන කිසිම අවභෝදයක් නැත. ඔතන ඉහළම පුටුවේ ඉන්න කෙනා කියන මෙලෝ මගුලක් පිටිපස්සේ ඉන්න අයට ඇහෙන්නේද නැත.
NimalThursday, 14 November 2019 09:11 AM
සුද්දා හදාලා තිබුන ක්‍රමය අවංකත්වය මත පිහිටා කටයුතු කරන ක්‍රමයක්. රාජ්‍ය ආයතන තුල හොරමක ඒ කාලේ රජකම් නොකළ නිසා අවංකව වැඩ කෙරුණු නිසා, ඒ එක්කම අද තාක්ෂය ඒ කාලයේ නොතිබුණු නිසා අද වගේ ප්‍රශ්න ඇති වුනේ නැහැ. අද කළු සුද්දෝ තාක්ෂනය තිබුනත් තවම අර පරණ ක්රමයම කියාත්මක කරන්න සෑදී පැහැදී සිටිනවා හොරකම් කරන්න පිළිවන් නිසා. බොහොමයක් පොලු ගහගෙන සීතල කාමර වල පුටු රත් කර කර හිටියත් වෙන්නේ හොරකම.