IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නිකරුණේ අත්අඩංගුවට ගත්තැයි හසලක කතගෙන් පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

තමන් නැවක සුක්කානමක රුව රැගත් මැක්සි ගවුමක් ඇඳගෙන සිටියදී ධර්ම චක‍්‍රයක රැව රැගත් ඇඳුමක් ඇඳ සිටිනවා යැයි වැරදියට වටහා ගෙන අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් ඊට වන්දි ලබා දෙන ලෙස ඉල්ලා මුස්ලිම් කාන්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (14) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

කොළොන්ගොඩ පුදලූගස්යායා ප‍්‍රදේශයේ පදිංචි අබ්දුල් රහීම් මසහීනා නැමැත්තිය විසින් ගොනු කළ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, හසලක පොලිස් ස්ථානාධිපති චන්දන නිශාන්ත, සහ පොලිස්පතිවරයා නම් කරනු ලැබ ඇත.

නීතීඥ හරිනි ජයවර්ධන, නීතීඥ පුලස්ති හේවාමාන්න සහ ජනාධිපති නීතීඥ ජේ.සී වැලිඅමුණ මහතාගේ උපදෙස් මත ගොනු කර ඇති පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

පෙත්සම්කරු එක් දරු මවකි.කලක් සෞදි අරාබියේ ගෘහ සේවයේ නියුතුව පසුව වෘත්තීය වශයෙන් ඇඳුම් මසන්නියක වශයෙන් කටයුතු කරන්නීය.

පෙත්සම්කාරිය ඇඳ සිටි මැක්සි ගවුමේ සඳහන් වන්නේ ධර්ම චක‍්‍රයක රුව නොව නැව් සුක්කානමක රැවකි.ඒ අනුව පෙත්සම්කාරිය අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි වේ.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්, තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , ඊට වන්දි ලබා දෙන ලෙසද , මේ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා දඬුවම් කරන ලෙසද පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා සිටින්නීය.



අදහස් (74)

නිකරුණේ අත්අඩංගුවට ගත්තැයි හසලක කතගෙන් පෙත්සමක්

chandima Friday, 14 June 2019 12:33 PM

එ්ක නම් වැරදි වැඩක් තමයි...

:       23325       16639

SamanSaturday, 15 June 2019 07:36 AM

පොඩි මිනිස්සුන්ව අල්ලන්න පොලිසිය හරි දක්ෂයිනේ. දේශපාලකයෝ ඉස්සරහ දෙකට නැමෙනවා.

:       87       323

ලසන්තMonday, 17 June 2019 05:36 AM

මේක රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තරම් දෙයක්ද? මේතරම් විවිධ අදහස් ඉදිරිපත් වීමෙන්ම පෙනෙනවා මෙවැනි අවස්ථාවක අවබෝධයෙන් කටයුතු කළ යුතුව තිබුණු බව

:       0       12

ravi Friday, 14 June 2019 12:46 PM

අපේ රටේ හුඟක් අය.. නැව් සුක්කානම් මුද්‍රිත... ඇඳුම් ..පැළදුම් අඳිනවා.. වැරදි නඩු පැවරීමක්, සාධාරණ පෙත්සමක්..

:       9000       6598

KamalSunday, 16 June 2019 12:08 AM

ඔහේගේ මහලොකු රටේ හඳ පලුවයි, තරුවයි අඳින අය නැද්ද?

:       130       7

Amila Friday, 14 June 2019 01:06 PM

උගත්කම සහ බුද්ධිය නැති මෝඩයෝ රජයේ වග කිවයුතු ආයතන වලට ගත්තහම වෙන විනාශය තමයි මේ. අනික සැබෑ ප්‍රශ්නේ හොයන්නේ නැතුව ලකුනු දාගන්න ගිහින් අනාගත්තු සිද්ධියක්.

:       6912       3344

RAMESH Friday, 14 June 2019 01:09 PM

නිකන් නැව් සුක්කානමක් ඇදපු නිසා අත් අඩංගුවට අරගෙන දවස් 21 හිරේ තියන් ඉන්නකොට වන්දි ගෙවන්න ඕනේ තමයි.. පව් අහිංසක ගැහැණු කෙනෙක්

:       8545       5443

රංග Friday, 14 June 2019 01:54 PM

මේක නම් ඉතාම හොද පෙත්සමක්. මේ කාන්තාවට විශාල අසාධාරණයක් වුනේ. සියලුම දෙනාගේ සහය ඇයට හිමිවිය යුතුය. ඒ වගේම නිවැරදි ධර්ම චක්‍රය ගැන අර්ථනිරුපනයක් ලබා ගතයුතුයි. නැත්තම් මේ කාන්තාවට වුන දේ හෙට තවත් කෙනෙක්ට වෙන්නට පුළුවන්.

:       3667       1834

mendis Friday, 14 June 2019 03:34 PM

අවසනාවකට ධර්ම චක‍්‍රය සහ නැව් සුක්කානම හැඩයෙන් බොහෝ දුරට සමානයි. මෙය ගැටළු සහිත තත්වයක්...

:       324       3725

chandimaFriday, 14 June 2019 04:55 PM

ධර්ම චක‍්‍රය සහ නැව් සුක්කානම අතර වෙනස වටහාගන්න බැරි කෙනා කවුද? අනික එක එක කලාකාරයෝ ධර්ම චක්‍රය එක එක විදියට අඳිනවා. සමහරු නැව් සුක්කානම වගෙත් අඳිනවා තමයි. එක අඳින කෙනාගේ වරද. නමුත් නැව් සුක්කානම ධර්ම චක්‍රය වෙන්නේ නැහැ. නැව් සුක්කානම නැව් සුක්කානම මයි.

:       3613       1081

PerakumSaturday, 15 June 2019 03:17 AM

Chandima ධර්ම චක‍්‍රය සහ නැව් සුක්කානම අතර වෙනස වටහාගන්න හැටි මට කියාදෙනවද?

:       64       21

ලාංකිකයා Friday, 14 June 2019 03:35 PM

මම හිතන විදිහට මෙයාලා අත්අඩංගුවට ගන්න ඕනෑ. අර අහිංසක කාන්තාව නෙමෙයි අර ගව්ම මූද්‍රිත කරපු ආයතනය හෝ එය අලෙවි කළ ආයතනය... මට හිතෙන්නේ එහෙමයි.

:       3813       175

diasFriday, 14 June 2019 04:59 PM

ඒක පිටරට ආයතනයක් නම් මොකද කරන්නේ?

:       11       1364

anura Tuesday, 18 June 2019 03:39 AM

ඔබට එම සමාගමේ නාමය ඇඳුමේ පසුපස ගසාගෙන යා හැකිය

:       1       0

chandimaFriday, 14 June 2019 05:02 PM

නැහැ ලංකාවේ නිතිය අනුව නම් ගවුමට රෙදි හදපු ෆැක්ටරියේ අයිතිකාරයා, රෙදි ලංකාවට ගෙන්වපු කෙනා, ඇඳුම මහපු කෙනා, රෙදි විකුනපු කඩේ මුදලාලි ඇතුළු හැමෝම. මේ කෙනෙක්ව සොයාගන්න බැරිනම් ඔවුන් ඇසුරු කළ පිරිස, මුහුණු පොතෙන් ඔවුන් සමග සම්බන්ධව සිටි පිරිස, ඔවුන්ගේ මව, පිය ඥාතීන්, හෝ අසල වැසියන්. ඒ අත් අඩංගුවට ගත් අවස්ථාවේ කාන්තාව බසයකින් යමින් සිටියානම් ප්‍රවාහනය කිරීමේ වරදට බසයේ රියදුරු සහ බස් රථය. හැමෝටම පසු කලෙක ඇප නියම කලත් බස් රථය දිරාපත් වනතුරු මුදා නොහැරිය යුතුය.

:       3734       965

sumaneFriday, 14 June 2019 08:19 PM

ඔයා කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නෑයෙක්ද?

:       166       1335

ලසන්තMonday, 17 June 2019 05:26 AM

ලංකාවේ නියම තත්වය පැහැදිලි කරන ඉතා අගනා පිලිතුරක්

:       0       49

Rate minissuSaturday, 15 June 2019 03:19 AM

ලාංකිකයන් ඔක්කොම මේ වගේ හිතන්න ගියානම් ලෝකේ මිනිස්සු හිතයි මේක නියම ගෝත්‍රිකයන් ඉන්න රටක් කියලා. නැවක සුක්කානමකට, ආයතනයකට නඩු දැම්මොත් නියම වන්දියක් දීලා වැඩේ ඉවර කරගන්න තිබ්බා. මෙහෙම අප්පුහාමිලත් ඉන්නවනේ ලාංකිකයන් කියාගෙන.

:       1124       320

AmalSaturday, 15 June 2019 07:32 AM

නැහැ... ලංකාවේ නිතිය අනුව ලංකාවේ දැන් නඩු අහන්නේ ඔය විදිහට නෙමෙයිද? පොඩ්ඩක් බලන්න.

:       1096       52

Kumar Friday, 14 June 2019 03:49 PM

තවත් අමාරුවේ වැටෙන්න ඉස්සරවෙලා ධම්ම චක්‍රය කියන එක මොන වගේද කියල දුන්නොත් තමා යහපත්. මේ අය කොළඹ වරායට ගියොත් නැව්වල සුක්කනම් ගලවගන්න කියයි ධම්මචක්‍ර කියලා.

:       3592       510

UpaFriday, 14 June 2019 10:58 PM

මේක හොඳ අවස්තාවක් ලංකාවේ පණ්ඩිතයන්ට තර්ක දාන්න.

:       51       34

සෙනෙවිරත්න Friday, 14 June 2019 04:25 PM

මෙම කාන්තාවගේ ඇති සාධාරන පෙත්සම විභාගයට ගෙන එක් දිනකින් වාසි සහගත තින්දුවක් ලැබිමට වාසනාවන්ත වේවා එසේම ආගමක අන්ධයන්ගේ ඇස් පෑදේවා

:       3597       5165

රජින්ද Friday, 14 June 2019 04:39 PM

භක්තිය සහ අන්ධ භක්තිය අතර ඇති වෙනස මෙයයි. අඩුම ගානේ පංච සීලයෙන් එක සිල් පදයක්වත් අඛණ්ඩව ජීවිතය තුල ක්‍රියාත්මක නොකරන අය ධර්මිෂ්ඨ රටක් හදන්න යනකොට මෙහෙම දේවල් වෙනවා.

:       3572       1058

d.upul Friday, 14 June 2019 05:23 PM

88/89 කාලවල ලෙනින්ගේ පොතක් කියෙව්වොත් අත්අඩංගුවට ගත්ත රටක මොන කතාද?

:       3589       195

ලසන්තMonday, 17 June 2019 05:29 AM

ඒ දවස්වල ගම්පෙරළිය කියෙව්වත් ඇල්ලුවා කියලයි ආරංචිය.

:       0       14

Gune Friday, 14 June 2019 06:19 PM

ප්‍රශ්නයක් ඇතිකර ගැනීමට බලා සිටින පිරිසකට මෙවැනි ඇඳුමත් ප්‍රමාණවත්. මෙවැනි සුලු ඇඳුමත් මහා ආරවුලකට මුලවිය හැකියි. ඒ නිසා රටම ගිනි ඇවිලුනු වෙලාවක මෙම කාන්තාවට කල්පනා කිරීමේ හැකියාව තිබුනානම් හොඳයි. කෙසේ නමුත් හදිසි නීතිය පවතින අවස්තාවක අත් අඩංගුවට ගැනීම ගැන උසාවි යා නොහැකි බව අසා තිබේ.

:       1015       3708

දිමුත්Monday, 17 June 2019 07:00 AM

ඔයා දන්නවා මදි. තව ඉගෙන ගන්න.

:       8       1

sisira Friday, 14 June 2019 10:49 PM

ධර්මචක්‍රයයි නැවක සුක්කානමයි වෙන් කර හඳුනාගන්න බැරි අයද ඉන්නේ? අඳින ඇඳුමේ නෙමෙයි කරන කියන දේවල් තමයි කර්මයට අදාළ වෙන්නේ.

:       123       162

lal Saturday, 15 June 2019 12:51 AM

සමහර මුසල්මානුවන් වගේ ලංකාවේ සමහර බෞද්ධයන් බුද්ධාගම අදහන්නේ අන්තවාදී ගෝත්‍රිකයන් ලෙසටයි.. මීට කලින් වතාවකදීද මෙරටට පැමිනි යුරෝපීය රටක කාන්තාවකගේ අතේ බුද්ධාගමට අපහාසවන අන්දමට පච්චයක් කොටා තිබුනේයයි චෝදනා නගා ඇයව අත් අඩංගුවට අරගෙන තිබුනා. මේවා රටට කැලලක්...

:       344       306

sarath Saturday, 15 June 2019 02:19 AM

මම මේ ගැන අහන්න පොලිසියට කතා කරා මොකද මගේ මුස්ලිම් යාලුවෙක් කීව මේ ගැන එයාලගේ ෆේස් බූක් එකේ විහිළුවක් වෙලා කියල පොලිසියේ මට කතා කරපු මහත්මයාට වැඩි අවබෝධයක් තිබුනේ නැහැ මේ වෙනවා. සාමාන්‍ය දැනුම නැති මේ ප්‍රශ්නය අත්අඩංගුවට ගෙන පොලිසියට ඉදිරිපත් කිරීමක් දක්වා දුර ගෙනගිය OIC ට දඬුවම් කලයුතුයි. මේක සාමාන්‍ය දැනීමක්. ධර්ම චක්‍රය නැවු සුක්කානම අඳුනන්නේ නැතිනම් කාගෙන් හරි දැන ගත යුතුයි .

:       160       147

Kamal Saturday, 15 June 2019 02:58 AM

කිසියම් මෝඩ පුද්ගලයෙක් ඉතා දුක් මහන්සියෙන් කමෙන්ට් වලට අන්ලයික් දමන බව පෙනේ.

:       315       268

Aruna Saturday, 15 June 2019 03:18 AM

නැවේ සුක්කානමට ගරාදි (පොලු) 6යි තියෙන්නේ. මේ තියෙන්නේ ධර්ම චක්‍රය. මැයට දඬුවම් දිය යුතුයි. එසේ නොකළහොත් අනෙක් මරක්කලයිනුත් මේක ආදර්ශයට ගනීවි...

:       1207       4200

SenaSaturday, 15 June 2019 06:58 AM

ගූගල් ගිහින් 'ශිප් වීල්' කියලා හොයලා බලන්න ගරාදි කීයක් තියෙනවද කියලා...

:       816       81

samitha Saturday, 15 June 2019 07:03 AM

වැරදියි...! බොහෝ නැව්වල තියෙන්නේ ස්පෝක් 8 වීල්.

:       737       31

PerakumSaturday, 15 June 2019 07:23 AM

අරුණ, ආගම්වාදය, ජාතිවාදය අවුළුවන මෝඩ කතා කියන්න එපා. නැවකට ගිහින් බලන්න සුක්කානමට ගරාදි පොලු 8ක් තියනවා. පුංචි බෝට්ටුවක නම් 6ක් තියෙන්න පුළුවන්. මිනිස්සුන්ට අවමන් වෙන විදියේ වචන පාවිච්චිකිරීම හොඳ මදි නේද?

:       680       110

SandaSaturday, 15 June 2019 08:41 AM

ඊට කලින් නියම ධර්ම චක්‍රය මොකක්ද කියලා හොයලා බැලුවොත් තමයි හොඳ...

:       454       15

PA RA Saturday, 15 June 2019 03:19 AM

නැවක සුක්කානම වැනි හෝ ධර්මචක්‍රයට සමාන වූ දෑ බෞද්ධ රටකට එය අවමානයක් ගෙන ඒ දැයි අැඳින ඔහුට හෝ ඇයට අවධාරණ වියයුතුය.

:       124       4157

Praba Saturday, 15 June 2019 03:40 AM

ලංකාවේ පොලීසිය කෙතරම් කාර්යක්ෂමද? වරදක් වගේ යයි සැකයක් වුනත් ඇති ඔවුන්ට ක්‍රියාත්මක වෙන්න.

:       59       42

Primas Ignetiyas Saturday, 15 June 2019 03:56 AM

ලංකාවට එනවයි කියන ඇමරිකන් සොල්දාදුවන් ධර්ම චක්‍රය තිබෙන ඇදුම් ඇන්දොත් අත්අඩංගුවට ගන්නේ මොන නීතියටද

:       9       26

මංජුල Saturday, 15 June 2019 04:46 AM

නඩුකාර උන්නාන්සේට විරැද්ධවයි නඩු දාන්න ඕනේ... ධර්ම චක්‍රය නොදන්නවට.

:       0       2

lal Saturday, 15 June 2019 05:28 AM

බර කරත්ත, තිරික්කල ආදියත් තහනම් කළ යුතුයි.. ඒවායේ රෝදත් ධර්මචක්කරේ වගේ..

:       2602       599

loku bandaSaturday, 15 June 2019 11:24 PM

දවසේ කියමන. අන්ධ භක්තික ගෝත්‍රිකයන්ට මළ පැනලා... ඩිස්ලයික් පෝලිමයි.

:       34       6

Desapaalu Saturday, 15 June 2019 06:03 AM

දොස්තර සාපිගේ කතාවත් ඔහොම්මයි...

:       503       497

sunil aththanayaka Saturday, 15 June 2019 06:40 AM

මේක වැරදීමක් වගේ පෙනුනට... මේක හිතාමතාම කරපු දෙයක් කියලයි මට හිතෙන්නේ... දැක්කනේ අපේම අය ඒ ගැහැණු කෙනාගේ පැත්තට දාල තියෙන කොමෙන්ට්ස් කන්දරාව.. ඕකම තමයි එයාලට ඕනෑ කරන්නේ ..අපිව භේද බින්න කරන්න ඕක අපේ අයට තේරෙනකොට වෙන්න ඕනේ දේවල් වෙලා ඉවරයි ...!!! අර මුණ පේන්න අඳින්න එපා කිව්වම ඒ ගැහැණු ඔක්සිජන් මුහුණු ආවරණ දාල යන්න පටන් ගත්තා ..!!! මේ වෙලාවේ ඔය වගේ ළඟින් යන සංකේත අඳින්නෙත් අපිව නොමග යවන්න ...!! හොඳටම එයා දන්නවා ඕවා අැන්දම අපේ මිනිස්සු රැවටෙනවා කියලා... !!! දැන් ඔය යස අගේට නඩු දාලා තියෙන්නේ ඕක පිටුසස්සේ අනිවාර්යයෙන්ම මුස්ලිම් සංවිධානයක් ඇති....!!!

:       544       4531

KamalSunday, 16 June 2019 01:23 AM

සුනිල් අත්තනායක ඔයා නේද... මේ කමෙන්ට්වලට නිදිමරාගෙන අන්ලයික් දාන්නේ ඔයා ගැන දුකයි...

:       313       100

Akbar mawlana Sunday, 16 June 2019 03:48 PM

කමල් කියලා බොරු නම් වලින් ලියන අපේම එවුන් ගැන දුකයි ...ඇත්තම කියපන් ලැජ්ජයි ...!!!

:       2       69

sunil aththanayaka Saturday, 15 June 2019 06:44 AM

දැන් අපි කව්රු හරි සඳපලුවයි තරුවකුයි දාලා අමුඩයක් අැන්දානම් මොකද වෙන්නේ..? ඔය කෙනාම සෞදි වලදී එහෙම ඇඳුමක් අැන්දා නම්... ඔලුව නැතුව එන්න වෙන්නේ.. නැත්නම් ගල් ගහලා මරලා...!! හැම සෙල්ලමක්ම දාන්නේ අපේ රටට ඇවිදින්..!!!

:       156       4200

KamalSunday, 16 June 2019 01:27 AM

සුක්කානමයි තමන්ගේ ආගමික සංකේතයයි වෙන් කරලා අඳුනගන්න බැහැ කියන එක බෞද්ධයන්ට ලැජ්ජාවක් නේද?

:       38       2

Jayampathi Saturday, 15 June 2019 06:53 AM

ධර්මචක්‍රය ගසාගෙන ඉන්නා සියලු පොලිස් නිලධාරින්ද අත්අඩංගුවට ගත යුතුයි.

:       690       264

Nuwan Saturday, 15 June 2019 07:34 AM

ඔය කාන්තාවගේ නඩුව අහලා වන්දි දෙන ඉක්මණටම අර බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ මානව හිමිකම් නඩු අහන්නත් ඕනෑ...

:       16       571

amila Saturday, 15 June 2019 08:06 AM

මොවුන්ටම හරියන ජනාධිපතියෙකුත් ඉන්න රට මේක, ගස්කපන හින්ද‍ා "චෛන් සෝව් "තහනම් කෙරුවා වගේ පිහියෙන් ඇනලා මරණ හින්දා පිහියත් ලංකාවේ තහනම් කරන්න.

:       703       672

Perakum Saturday, 15 June 2019 09:10 AM

බුදුදහමේ කියවෙන ධර්ම චක්‍රය මේ වගේ අඬු එළියට පැනපු දැති රෝදයක් නොවෙයි. එය ඉතා සුමට පහසුවෙන් පෙරලෙන චක්‍රයක්... ගරාදි 8ක් තිබුණාට ඒවා එළියට පනින්නේ නෑ. අද බෞද්ධයා මේක ලස්සන කරන්න ගිහින් වරද්දගෙන... දැන්වත් බලධාරීන් මේ ගැන සොයාබලා වරද නිවැරදි කළයුතුයි...

:       703       412

DevanSunday, 16 June 2019 12:21 AM

ඒක තමා නේද? දැනට ලංකාවේ, මියන්මාරෙ, තායිලන්තයේ පන්සල්වල තියෙන ධර්මචක්‍රවල එළියට පැනපු පොලු ගලවමු. අපේ රාජ්‍ය ලාංඡනේ මුදුනේ තියෙන සුක්කානම නම් ඔහේ තිබිච්චදෙන්.... මොකද පොලු එළියට පැනලා තියෙන්නේ සුක්කානමේ නේ...

:       32       0

Lakmal Saturday, 15 June 2019 09:13 AM

මගේ නම් මතය වන්නේ ධර්ම චක්‍රයේ ගරාදි පිටට පනින්නේ නෑ.. නැවේ කැරකැවීමට ගරාදි එළියට ඇත.. එහෙත් මගේ අදහස චක්‍රයේ ගරාදි රවුම ඇතුලේ පමණයි තිබෙන්නේ. පිටට ඇවිත් නෑ.. සාංචි තොරණේ ඇති චක්‍රය බලන්න..

:       454       206

දාතුසේන Saturday, 15 June 2019 10:30 AM

මෝඩ හරක් රැල...

:       93       60

PerakumSaturday, 15 June 2019 10:43 AM

ලක්මාල් හරි. නිවැරදි ධර්ම චක්‍රය සාංචි තොරණේ තියනවා.

:       643       113

pereraSaturday, 15 June 2019 11:29 PM

හරි...හරි, ඉස්සර ආපු භූමිතෙල් කරත්තේ රෝදේ වගේ.

:       0       0

JayanathSunday, 16 June 2019 12:15 AM

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනේ කියල එකක් තියෙනවා. ඒකෙ උඩම තියෙනවා ධර්ම චක්‍රය. ගිහින් බලන්න ඒකෙ කොහොමද තියෙන්නේ කියලා. නැත්තන් ඒකත් නැව් සුක්කානමක් කියලා කියනවා.

:       34       0

de silva Saturday, 15 June 2019 09:19 AM

නැව් සුක්කානම ගසාගෙන හිටියට දවස් 21 රිමාන්ඩ් නමුත්, බැඳුම්කර හොරුන්ගෙන් නිවාස අල්ලස් විදිහට ගත්ත ඇමතිලා, ප්‍රසිද්ධියේ ජාති භේද කෝලාහල ඇතිවන ආකාරයේ ප්‍රකාශ කරන හිස්බුල්ලා වැනි හිටපු ආණ්ඩුකාරවරු එළියේ, මේවා දකින කොට ඇත්තටම රන්ජන්, සුගන්ධිකා කරපු ප්‍රකාශ අසත්‍යයි කියලා බැහැර කරන්න බැහැ. රට හදන්න නම් ඉස්සරවෙලාම යුරෝපයේ තිබෙන විදිහට නීතියේ අධිපත්‍යය සැමදෙනාටම එකසේ ක්‍රියාත්මක වන ආකාරයට සකසා ගත යුතුයි..

:       36       70

Lakmal Saturday, 15 June 2019 09:50 AM

ධර්ම චක්‍රයේ ගරාදි රවුමෙන් පිටට පනින්නේ නෑ.. නැවේ සුක්කානම තමයි පිටට ගරාදි පනින්නේ.. ගොඩක් තැන් වල ධර්ම චක්‍රයට නැවේ සුක්කානම යොදා තිබෙනවා.. ඒ නිසා නියමිත ලෙස ධර්ම චක්‍රය අර්ථදක්වා ගත යුතුයි..⁣ බෞද්ධ බොහෝ පිරිසටත් හරි චක්‍රය ගැන වැටහීමක් නැති එකේ අනික් අය කොහොම දැන ගන්නද..? හිතලම බුදු දහමට පහර ගහන අයත් ඉන්නවා.. ඒත් මෙතන නම් පොලීසියට වැරදිලා වගෙයි

:       456       134

ධනංජයSunday, 16 June 2019 12:25 AM

ඔහෙත් එහෙම හිතාමතා පහර ගහන කෙනෙක් තමයි. බලන්න ගිහිල්ලා ලංකාවේ චෛත්‍ය මුදුන් වල, බුදු මැදුරු වල කොච්චර නම් ඔය කියන නැව් සුක්කානම් ගහල තියෙනවද කියලා. ආ ඔය සුක්කානම අපේ මහා රාජ්‍ය ලාංඡනෙත් තියෙනවා නෙවැ. ව්‍යවස්ථාවෙත් ඔය සුක්කානම ගැන අර්ථ දක්වලා තියෙන්නේ. හැබැයි ඒකේ නම් තියෙන්නේ ඔය සුක්කානම බුදු සසුනත් සම්බුද්ධ ශාසනයත් ඉහළින්ම තියා සලකන බවයි.

:       52       0

Raja Saturday, 15 June 2019 10:19 AM

බුදුදහම වගේ නිදහස් ආගමක්.. ලෝකේ සමහර ආගම් වගේ අන්තවාදි ආගම් කරන්න හදන සමහර අන්තවාදි දේශපාලකයින්ට හා ඇතැම් අන්තවාදීන්ට පාඩමක් පළමුව. එම පුද්ගලයන් ඉගෙනගත යුතුයි.

:       31       79

sampath Saturday, 15 June 2019 10:27 AM

බෞද්ධයාවත් ධර්ම චක්‍රය දන්නේ නැති රටක්, නිලධාරීන් කොහොමද දන්නේ?

:       31       3211

Sanam Saturday, 15 June 2019 11:38 AM

පොලිස් දෙපාර්තමේන්තුවේ සැම කාර්යාලයකම, විනයක් සහ දැනුමක් නැති මෙවැනි පුද්ගලයින් යටතේ කළමනාකරණය වනවිට රටකට අත්විය හැකි ඉරණම කෙබඳු විය හැකිද? මා හට මාගේ මාතෘ භූමියේ තත්වය ගැන විශාල ලැජ්ජාවක් තිබේ. දැන් මේ විදියට ගියොත් ලංකාවේ කොකිස් අච්චුවක් වත් තියාගන්න බැරිවෙයි. අත්අඩංගුවට ගනියි. විලි ලැජ්ජාවේ බැහැ. එහෙන් වඩු මඩු වහනවලු. දැන් ඉතින් මිනීපෙට්ටි හදන්න වෙන්නේ යකඩෙන් එක්කෝ රත්තරනින්....

:       468       15

Rajendra Saturday, 15 June 2019 02:41 PM

බුදුදහම යනු ඉතා නිදහස් ධර්මයකි. ලංකාව නිදහස් රටකි... අපේ රට. අරාබි රටකට හරවන්න හදන සමහර දේශපාලකයින්ට සහ සමහර බුදු පුතුන්... පළමුව බුද්ධ ධර්මය ඉගෙන ගත යුතුය. එම නිදහස් රට හා බුදුදහම අන්තවාදී රටකට සහ අන්තවාදී දහමකට පරිවර්තනය කරන්න හදන මෙම සුලු අන්තවාදි පිරිස වහා ජයග්‍රහණය කළ යුතුය. නිදහස් රටේ නිදහස් ලෙස අඳින්න අප කාගෙන්වත් අවසර ගත යුතු නැත සුපිරි යාන වාහන පාවිච්චි කරන බුදු පුතුන් කලු කන්නාඩි ඉවත් කර ලෝකය දෙස බලන්න ඉගෙන යුතුය. තලෙයිබාන්වරු ලංකාවේ තාම පාලනයේ නොමැත. මගේ, අපගේ ලක්මවට බුදු සරණ එම නිර්භීත ලක්දුවට මගෙන් මල් පොකුරක්.... ඔබ වැනි අය ලක්මවට අවශ්‍යයි..

:       39       0

Sam Saturday, 15 June 2019 02:59 PM

මන් හිතන්නේ නැහැ ධර්ම චක්‍රය ඇන්දත් ධර්මයට හානියක් වෙනවා කියල.

:       105       45

ජයවර්ධන Saturday, 15 June 2019 06:05 PM

නැව් සුක්කානමයි ධර්ම චක්‍රයයි පටලව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කාන්තාව අත්අඩංගුවට අරන් තියෙන්නේ පොලිසියනේ. ඇයි ඔය අත්අඩංගුවට ගන්න ගිය වෙලාවේ පොලිස් නිලධාරීන්ට තිබුනනේ තමන්ගේ නිල ඇදුමේ අත බලන්න. පොලිස් නිලධාරීන්ගේ නිල ඇදුමේ ගහලා තියෙන්නේ ධර්ම චක්‍රය නේද

:       111       50

ranjith Sunday, 16 June 2019 12:59 AM

පොලිසිය වරදක් නෙවෙයි.. ධර්ම චක්‍රය කුමක්ද යන්න හරියට දක්වන්නේ නම් ප්‍රයෝජනවත් බැලූබැල්මට ධර්ම චක්‍රය වගේ තමයි.

:       48       0

Jaya Sunday, 16 June 2019 02:13 AM

අනේ මෙයා මුළු රටම පිස්සු කෙළින වෙලාවකට ඔයා මොකටද ඕවා අඳින්න ගියේ?

:       0       0

sampath Sunday, 16 June 2019 02:55 AM

88/89 kale කාලේ ගම්පෙරලිය පොතක් ළඟ තිබ්බත් උත්සන් ගිහින් මැරුවා...

:       4       136

Siri Sunday, 16 June 2019 03:47 AM

මේ රට මෝඩයන්ගෙන් පිරී ඉතිරී ඇත...

:       7       1

ඒස් ඒ් සිල්වා Sunday, 16 June 2019 05:10 AM

ම‌ෙ නඩුව පිටුපස ඉන්න‌ෙ රාජ්‍ය න‌ොවන සංවිධෘාන කීපයක් - රිසානට දඩුවම් දෙන ක‌ොට මේ අය නිහඩයි - ලංකාවට පහර ගහද්දි ග‌ොරව ග‌ොරව නිදි - රටකට ගිය කලක්

:       44       86

Siri Monday, 17 June 2019 04:08 PM

ධර්ම චක්‍රය වුනත් නීතිගත, රාජ්‍ය අනුග්‍රහය සහිත, අනුමත ලාංඡනයක්ද කියන එක මෙතනදී මතුවෙනවා නේද?

:       0       0

dakune anura Tuesday, 18 June 2019 03:44 AM

මෙහි අදහස් අනුව මේ රටේ බොහොමයක් ජීවත් වන්නේ රාවණ පරපුර නොවේ ඉන්දියානු ආක්‍රමණිකයන් පිරිසකි තවත් පිරිසක් සොලි ආක්‍රමණිකයන් ගෙන් පැවත එන අය වෙනවා දෙදහසක් පමණ සොලි පිරිස කිසිවෙක් නැවත ගියේ නැහැ එම අය මේ රට සිංහල රටක් නොවේ කීම අරුමයක් නොවේ

:       104       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 349 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 221 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 894 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 56 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2214 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 411 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 227 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site