IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දහඅටක් බිළිගත් බෙලිහුල්ඔයේ දියවළට පිළියමක්

අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ
 
බෙලිහුල්ඔය තානායම අසලින් ගලා බසිනා බෙලිහුල්ඔයේ ‘දියපහස ගිමන්හල’ සහ තානායම අතර ඇති දියවලේ අනාරක්‍ෂිත තැන් ඉවත්කර ආරක්‍ෂිතව දියනෑමට හැකි ලෙස සකස් කිරීමට ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභාව, බළන්ගොඩ පොලීසියේ පරිසර ඒකකය, ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඇතුළු ප‍්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන හා ජනතාව එක්ව අද (7) වැඩපිළිවෙළක් ඇරඹීය.

මෙම දියවළේ එක් ස්ථානයක ‘කුහරයක්’ වැනි තැනක් වළේ ගැඹුරේ පිහිටා ඇති බව ඉඹුල්පේ ප‍්‍රාදේශීය සභා සභාපති ශ‍්‍රීලාල් සෙනරත් මහතා පැවසීය.

‘‘මෙතනට දියනාන්න දිනකට විශාල පිරිසක් එනවා. කොළඹ බදුල්ල පාරේ විනෝද ගමන් යන වැඩි දෙනෙකුට ඉතාම පහසුවෙන් දිය නාන්න තියන තැනක් මෙතන. මේ වෙනකොට 18 දෙනෙක් ගිලිලා මැරිලා තියනවා. මිනිස්සුන්ට දියනෑමෙන් වළකින්න කියලා පුවරු සවිකරලා දැනුවත් කළාට වැඩක් නෑ.

මිනිස්සුන්ට පහසුවෙන් නාන්න හැකි විදියට මෙතන සැකසීම තමයි අනතුරු වළක්වා ගැනීමටත්, මිනිසුන්ගේ දිය නෑමේ උවමනාව ඉටුකිරිමටත් ඇති එකම මග. 19 වැනියා බිල්ලට ගන්නට පෙරයි අපි මේ කරන්නේ ඒ දේ.’’ සභාපතිවරයා කීවේය.

ඒ අනුව එම ගැඹුරු වළ, ඔයේ ඇති ගල් දමා ගොඩකර අනාරක්‍ෂිත බව ඉවත් කිරීම මෙහි  අරමුණයි. ඊට අමතරව කුඩා දරුවන්ට ද ආරක්‍ෂිතව දිය නෑ හැකි අයුරින් ඊට පහළ ඇති කුඩා වළ ද අනවශ්‍ය ගල් ඉවත්කර සැකසීම සිදුවෙයි.



අදහස් (14)

දහඅටක් බිළිගත් බෙලිහුල්ඔයේ දියවළට පිළියමක්

Nuwan Thursday, 07 February 2019 09:32 AM

හොද වැඩක් පරිසරයට හානියක් නොකර කරනවානම් හොදය!

:       5       249

Lanka Thursday, 07 February 2019 09:55 AM

ඉතාමත් හොද වැඩක්

:       3       209

අමින්ද Thursday, 07 February 2019 10:57 AM

“අනතුරට පෙර සූදානම කියන“ ආදර්ශය ඉතා අගනේය. මෙම ක්‍රියාව ඉතාමත් බුද්ධිමත් ක්‍රියාවකි.

:       23       209

Nandalal DE SILVA - France Thursday, 07 February 2019 11:58 AM

මෙය දිය නෑමට අනාරක්ෂිත ස්ථානයක් බව නොදැන මමත් මීට කලකට පෙර දෙවරක් එහි දිය නෑමට ගියෙමි. දිය නෑම තහනම් බව දැක්වෙන පුවරු දුටු බවක් මට මතක නැත. කෙසේ උනත් 19 වැනියා බිල්ලට ගන්නට ගන්නට පෙර එහි දිය නා ගොඩවීමට පුළුවන්වු නිසා මට මේ වචන කිහිපය ලියා තැබීමට පුළුවන් වීම ගැන මම මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේට පින් දෙමි !

:       0       133

අනුරFriday, 08 February 2019 02:17 AM

33 කෝටියෙන් ඒක් අයෙක් පිනඅනුමෝදන් වුනා. ඔබට ජය.

:       11       32

Sriyal Thursday, 07 February 2019 01:23 PM

අගය කළ යුතුයි. තම ප්‍රදේශයේ වටිනා කමත් මිනිස් ජීවිතයේ වටිනාකමත් හදුනාගෙන යහපත් දේ කිරීම.

:       0       91

anura Thursday, 07 February 2019 08:40 PM

ඉෂ්ට දේවතාවුන් වහන්සේට පින්ජනපති තුමා 60 එක්දහස් එකක් මැරුම් කත්දී බේරුනේ එහෙමය

:       38       0

anura Thursday, 07 February 2019 08:44 PM

ලංකාවේ අඩුම ගානේ ධහ අටක් මැරුණම අනිවාර්යෙන්ම පියවර ගන්නවා ධහ අටට අඩු නම් පියවර නැහැ ඔකය් තත්වේ

:       1       53

shanFriday, 08 February 2019 07:04 AM

දැන්වත් කරන එක අගය කලොත් නේද හොද ?

:       0       1

canada dissa Friday, 08 February 2019 01:57 AM

ඉතාමත් කාලෝචිත ,වැඩදායක ක්‍රියාවක් .

:       0       30

ravi Friday, 08 February 2019 10:23 AM

ඔවුන්ගේ නොසැලකිලිමත්කමින් සිද්ද කරගන්න අනතුරු වැළැක්වීමට.. මෙය සහනයක් වෙයිද?

:       0       1

රසික Friday, 08 February 2019 04:01 PM

ඔතනට අඩිය තියන්න බෑ බොතල් කටු... ඒවා පිරිසිඳු කරන්නයි, ඔතන බොන එක නවත්තන්නයි වැඩසටහනක් කළොත් තවත් හොඳයි...

:       0       2

thushara Gunarathna Saturday, 09 February 2019 05:46 AM

හොඳ වැඩක්... අපට අවශ්‍ය කෙනා ඔබ තමයි.

:       0       0

yaka mahathaya Saturday, 09 February 2019 06:33 AM

මිනිස්සුන්ට දියනෑමෙන් වළකින්න කියලා පුවරු සවිකරලා දැනුවත් කළාට වැඩක් නෑ. කාගේ වරදද? කිසිම දෙයක් කරන්න එපා. ඔය වල තියෙන විදිහටම තියන්න .. හැදෙන අය හැදේවි.., අනිත් එවුන් එලොව ගිහිල්ල හරි හැදේවි...

:       1       103

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 131 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 343 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 861 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1141 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 396 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 188 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site