IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දේව ප්‍රතිමා තැන්පත් කළ වීදුරු කූඩු වලට ගල් ප්‍රහාර

රෝවන් පෙරේරා 

පුත්තලම හා පාලවිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේවස්ථාන දෙකක දේව ප්‍රතිමා තැන්පත් කර තිබූ වීදුරු කූඩු වලට ගල් ප්‍රහාර එල්ල කර කඩා දමා තිබෙන බව පුත්තලම පොලීසිය පැවසීය. 

මෙලෙස හානි සිදුකර ඇත්තේ පුත්තලම ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට ස්ථාපිත කර තිබූ අඩක්කල දේවමාතාවන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ විදුරු කූඩුවට සහ පාලාවීය ශ්‍රි හෘදයට කැපකල දේවස්ථානයේ ඉදිරිපිට තැන්පත් කර තිබූ ශ්‍රි හෘදයේ ජේසු තුමන්ගේ ප්‍රතිමාව තැන්පත් කර තිබූ වීදුරු කූඩුවටයි.

පුත්තලම මිසම් පාලක පයස් කෙනඩි පියතුමන් පොලීසියට කල පැමිණිල්ලක් අණුව පුත්තලම පොලීසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

අපරාධ ස්ථාන පරික්ෂණ නිළධාරින් හා පොලිස් නිළ සුනඛ රොකී යොදා ගනිමින් මේ වන විටත් පරික්ෂණ කරන බව පුත්තලම පොලීසිය පැවසීය.

මේ සිදුවීම පිටුපස කිසියම් කඩාකප්පල්කාරී පුද්ගලයකු හෝ පිරිසක් සිටීද යන්න සොයා බැලීම සඳහා පොලීසිය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව පුත්තලම පොලීසියේ වැඩබලන ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්ද්‍රසිරිලාල් මහතා පැවසීය.

 

(ඡායාරූප - රෝවන් පෙරේරා)

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර)

 

 



අදහස් (17)

දේව ප්‍රතිමා තැන්පත් කළ වීදුරු කූඩු වලට ගල් ප්‍රහාර

Samitha Senaka Aluthgamage. Tuesday, 19 May 2020 02:00 PM

මේවත් කරන්න ඇත්තේ අර බුදුපිළිම කඩාපු කල්ලියම වෙන්නැති. පව්කාර අනුවණයන්...

:       34       112

ෆර්නැන්ඩස් Tuesday, 19 May 2020 02:10 PM

ආයේ රට ගිනිතියන්න වගේ කට්ටිය ලෑස්තිය. ජන්දයක් එන එකේ ලබා දුන්නු පොරොන්දු කිසිවක් ඉටුකරන්නත් බැරිව ඉන්න එකේ මෙහෙමවත් කරලා බලමු නේද?

:       24       171

theshan Tuesday, 19 May 2020 02:31 PM

මේක සිදුවෙලා තියෙන පැත්තේ හැටියට හිතාගන්න පුළුවන් මේක කරන්න ඇත්තේ කව්ද කියලා.....

:       48       6

namal karunarathna Tuesday, 19 May 2020 02:48 PM

මෙච්චරයි අඩු.. පුළුවන් නම් ආයෙත් අවුලවලා දාපල්ලා.. එක එකා මරාගන්න ගින්දරක්..

:       1       95

Asanga Tuesday, 19 May 2020 04:18 PM

අහෝ දෙවියනි, වැරදි කළවුන්ට වහා දඩුවම් දෙනු මැන.

:       1       155

බිංකුන්ඩා Tuesday, 19 May 2020 04:20 PM

ගල් පහරකින් තමන් බේරාගැනිමට නොහැකි පිළිමයක් ඉදිරියේ සමහරු වැඳවැටී ඉල්ලන්නේ තමන්⁣ව රෝග දුක් ආදියෙන් බේරා දෙන ලෙසයි.

:       253       66

Laksitha Paris Tuesday, 19 May 2020 05:58 PM

කට්ටිය ඉල්ලගෙන කන්න හදන්නේ.. මම බුදුසරණ යන කෙනෙක්.. මම ඕවට කැමැති නැහැ..

:       26       119

Goldfish Tuesday, 19 May 2020 09:36 PM

සහරාන් වගේ තව පුත්තලම් බූරුවෝ ටික දෙනෙක් ඉන්නවා.

:       40       106

lal Wednesday, 20 May 2020 12:54 AM

කතෝලික ආගමේ මිනිස්සු මේවාවලට අනවශ්‍ය ලෙස කලබල වෙන්නේ නැහැ. මක්නිසාදයත් ආගම ඇත්තේ ප්‍රතිමාවල නොව තමන් තුළ නිසාය. ඡන්දයක් අතලඟ බවත් දන්නො දනිති.

:       50       549

Gamage Wednesday, 20 May 2020 03:41 AM

චන්දෙ ළගයි අවුලුවන්න හදන්නේ... දන්නවනේ කවුද කරන්නේ කියලා..? තොරතුරු ලැබිලත් ක්‍රියා නොකරපු අය තමයි මෙවා පිටිපස්සේ ඉන්නේ... රජයෙන් පඩි දීලා හදපු කෙනා තමයි අන්තිමට බෝම්බ ගැහුවෙ... මෙවා අපි නොදන්න ලයිව්...

:       2       328

samira Wednesday, 20 May 2020 05:16 AM

චන්දේ ළගයි නේ. ඒකයි මේ සේරම.

:       1       125

සේන Wednesday, 20 May 2020 06:00 AM

වහාම වැරදිකරුවන් සොයා රටට දන්වා දඬුවම් පමුණුවනු ඇතැයි බලාපොරොත්තු වෙමු. බුදුපිළිම වහන්සේලා විනාශ කළ පසු ඒ ගැන ක්‍රියා නොකර රටට වැරදි ආදර්ශයක් දුන් නිවට අතීතයක් තියෙනවා.

:       1       100

Lal Wednesday, 20 May 2020 06:20 AM

ඕවා පිටිපස්සේ ඉන්නේ යූඑන්පී කාරයෝ...

:       167       160

Jerad Wednesday, 20 May 2020 06:27 AM

මුස්ලිම් මිනිස්සුන්වයි, කතෝලික මිනිස්සුන්වයි, අවුලවන්න හදන්නේ... අපි දෙගොල්ලෝ අතර විරසකයක් තිබ්බේ නැහැ. පාස්කු ප්‍රහාරයට හේතුව තවම හොයාගන්න බැහැ. මොකද ත්‍රස්තවාදී සහරාන් කතෝලික පල්ලිවලට ගැහුවට මුස්ලිම් මිනිස්සු කතෝලික අපි එක්ක අමනාප නැහැ. ඡන්දෙ දිනන්න අපි දෙගොල්ලන්ව කෙටෙව්වා...

:       309       515

SamsanWednesday, 20 May 2020 07:37 AM

සහතික ඇත්ත... අනුන්ගේ කුණු අපි දෙගොල්ලන්ගේ කරේ තියලා ඒ ගොල්ලෝ ඡන්දෙ දිනා ගත්තා...

:       1       94

Saman Wednesday, 20 May 2020 08:50 AM

අපිව කොටවලා සමහරු සතුටු වෙනවා. අපිට මුස්ලිම් මිනිස්සු එක්ක ප්‍රශ්නයක් නැහැ. අපි සමාදානව ඉන්නේ. අනුන් නිසා අපිව විරසක කරනවා. චන්දය ළගයි. ගිය පාර මීගමුව පරාද උනා. මේ පාරත් පරාද වෙයි.

:       1       54

kamalWednesday, 20 May 2020 11:03 AM

ඡන්දයක් දිනන කෙටික්‍රම මේ වගේද?

:       0       14

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 235 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1015 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 127 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 318 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 295 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site