IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


දිවුරුම් දීම හෙට අනුරාධපුරයේ

(දයාරත්න ඇඹෝගම)

ලංකාවේ හත්වන විධායක ජනාධිපති ධූරයට මහජන ඡන්දයෙන් තේරි පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම්දීම හෙට (18) රුවන්වැලි සෑය ඉදිරිපිට දී සිදු කිරිමට නියමිතය.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට ආගමික වතාවත් වලින් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද දිවුරුම් දීම සිදුවනු ඇත.

හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක , විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දින සැමරුමට සමගාමීව මෙම උත්සවය සංවිධානය කර ඇත.

මෙම අවස්ථාවට පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ සියල්ලන්ගේම නායකයන් එක්විමට නියමිතය.



අදහස් (19)

දිවුරුම් දීම හෙට අනුරාධපුරයේ

ජෝයි ධම්මපාල Sunday, 17 November 2019 08:02 AM

ඇයි නුවර එපා වෙලාද?

:       0       3

SL Sunday, 17 November 2019 08:11 AM

හොර මැරකම් නැති, ජාතිවාදය නැති රටක් ලබාදෙන්න...

:       0       2

Chandana Sunday, 17 November 2019 08:25 AM

සුභ පැතුම්! ඔබට රට දූෂණයෙන් තොරව පාලනය කරන්න ඕනේනම් 2015 ට පෙර රජයේ සිටි දූෂිතයන් නැවත ලංකර නොගත යුතුයි. ඔබගේ පවුලේ පිරිසද ඉවත් කළ යුතුයි.

:       2       96

Rata Perata Sunday, 17 November 2019 08:52 AM

එතකොට දැන් පුරවැසිකම ගැන ප්‍රශ්නේ ඉවරද?

:       114       52

ChandiSunday, 17 November 2019 09:18 AM

එජාපයේ මගඩි වැඩ නම් ඉවරයි.

:       4       76

Nandalal DE SILVA - FranceSunday, 17 November 2019 09:20 AM

ඒක විතරද ඉවර වෙන්නේ ? 2020 වසරේදී විභාග කිරීමට නියමිතව තිබෙන සියලුම නඩු හමස් පෙට්ටියේ පතුලේ සදාකාලිකව තැන්පත් කරනවා. මැතිවරණ කාලේ දුරස්වී හිටපු පවුලේ සාමාජිකයන් එහෙම අළු ගසා දමා වටේ එක්රැස්වීමට සුදානම්ලු.

:       49       143

VijayaSunday, 17 November 2019 09:28 AM

මොන පුරවැසිකමද?

:       16       31

de silva Sunday, 17 November 2019 08:57 AM

දිවුරුම් දෙන්න යනකොට අර දකුණේ දුටුගැමුණු රජතුමාගේ අවතාරය බව කියන ආචාර්යතුමාගෙන් අවසර අරගන්න අමතක කරන්න එපා .

:       30       23

Cyril Sunday, 17 November 2019 08:58 AM

ඔබට දෙවි පිහිටයි ජනපති ගෝඨාභය රාජපක්ෂ. ඔබ අපගේ ජාතියේ බලාගොරොත්තුවයි. ඔබ පැහැදිලි ජයක් ලැබුවා. ඔබ ගැන ආඩම්බරයි. ජේසු පිහිටයි!

:       6       71

Raveendra Sunday, 17 November 2019 09:04 AM

ගෝටාට අපගේ සුබ පැතුම් !!! අප නිදහස් අධ්‍යාපනයෙන් උපරිම පළ නෙලාගෙන අපගේ මාතෘභූමියට අවංකව සේවය කර, දැනටත් ලංකා මාතව වෙනුවෙන් මේ මොහොතෙත් විදේශයන්හි සේවය කරන්නෝය. අප අපගේ ලංකා මාතාවට කිසිදු ණයක් නැත. අප කිසිවිට රොකට් ඉල්ලන්නේ නැත. අපට අපගේ දු දරුවන් සමගින් යහමින් විදේශවල ජීවත්වීමට හොදින්ම පහසුකම් ඇත. නමුත් අපගේ අක්මුල් තිබෙන්නේ ලංකා මාතාවගේ හදවතේ බැවින් ඒ මවට කරදරයක් වෙනවා නම් එය අපට ඉතා හොදින් දැනෙන්නේය. එබැවින් අප "ගෝඨාට " කියන්නේ තමන් තමන්ට අවංකව රට වෙනුවෙන් සියලුම පුරවැසියන් වෙනුවෙන් තමන්ගේ සේවය කරන ලෙසය. මොකද ඔහුත් තුන් වේල ගිල දමන්නේ අහිංසක පුරවැසියන්ගේ බදු මුදලින් නිසායි. අවට සිටින සුදුරෙදි පෙරෝ ගත් හිවලුන්ගෙන් පරිසම් උනොත් අගටත් හොදය. තව අදහස් යහමින් ඇති බැවින් අප ඒවා ඉදිරියේදී කීමට කැමැත්තෙමු." හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී " යන සුන්දර ගීතය ගෝඨාටද වලංගුය.

:       16       101

sudelmiSunday, 17 November 2019 11:31 AM

රවීන්ද්‍ර ඔබ කියන දේ නම් හරි සුන්දරයි. මමත් ඔහොමම හිතපු කාලයක් තිබුනා. නමුත් හදවතට අවංකව අපි හැමෝම රට හැරලා අවේ රටේ දුප්පත්ම මිනිසුන්ගේ මුදල්වලින් ඉගෙනගෙන ඒවා ගෙවලා ඉවර කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ. අවංකව ඔබ මම අපි කව්රුත් ලංකාවට යන්නේ නෑ. මොකද පුළුවන් හැම කෙනාම උත්සහ කරන්නේ රටෙන් මොනම රටකට හරි යන්න. ඒක නිසා බොරු වැඩක් නෑ. තව පාරක් අපි රැවටුනා කියලා තේරෙන්නේ අපිට නෙමේ. ලංකාවේ ඉන්න අසරණ මිනිසුන්ටයි. තව මාස දෙකක් ඇති.

:       0       20

Tharindu PereraSunday, 17 November 2019 01:10 PM

ඔන්න රවීන්ද්‍රගේ නිරුවත එළිවුණා. ‌මෙච්චර කල් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ටම බූරුවන් 225 කියපු මිනිහා දැන් ඒ ටික වටකරගත්තා. සුබ පතනවා...

:       0       5

damayanthi peiris Sunday, 17 November 2019 09:10 AM

තෙරුවන් සරණයි !

:       1       17

මෝ Sunday, 17 November 2019 09:44 AM

මේ ජය ගත්තේ ගෝඨා, මහින්ද හෝ පොහොට්ටුව නොවෙයි. මාතෘ භූමියත්, සිංහල ජාතියත් නිර්මල බුද්ධාගමත්ය. දේශපාලන කුහකත්වය ඉවත දමා සිංහලයිනි එකතුවෙන්න. රට ජාතිය ආගම ගොඩ ගැනීමට සමගි වෙන්න.

:       3       57

පිටිගල මිලානෝ Sunday, 17 November 2019 09:47 AM

දුමින්ද සිල්වාව නිදහස් කර නැවත ආරක්ෂක අධීක්ෂණ තනතුරක් දෙනවාද?

:       117       131

පිටිගල මිලානෝ Sunday, 17 November 2019 09:50 AM

දිවුරුම් දෙනකොට අයියාව සහ හොර රංචුව පිටිපස්සෙන් තියාගන්නේ එහෙම නැහැ හොදේ.

:       104       57

SujeewaSunday, 17 November 2019 11:14 AM

මිලානෝ මහත්තයා, ඔයා තාමත් සිරිකොතටද කඩේ යන්නේ ? ඉතාලියේ කඩ නැද්ද? යූ.එන්.පී කඩේ ජනතාව විසින් වසා ඇත.

:       111       63

rohanSunday, 17 November 2019 01:05 PM

මිලානෝ මහත්මයා කිව්වේ සම්පුර්ණ ඇත්ත. පරණ හොරු රැළ නැවත ලංකරගන්න නෙවේ මේ ජනතා වරම ලැබුනේ. එහෙම කළොත් ඊලග වසර පහෙත් අහන්න වෙන්නේ වෙනස කොහොමද කියල තමා.

:       0       21

Uditha - London Sunday, 17 November 2019 10:07 AM

ඔබට සුබ පැතුම්!!! නමුත් එක දෙයක් කියන්න ඕනෑ.. මේ රට රාජපක්ෂ බූදලයක් කියලා හිතලා නම් වැඩ කරන්න එපා. මේ රට ඔබේත් රට... මගේත් රට.. 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමාට වැරදුනේ ඔතන.. පුතාලා බාල් නටන්න රේස් පදින්න.. අතොරක් නැතුව සැප වින්දා.. එ්කෙන් මිනිස්සුන්ට එපා වුනේ... කරුණාකරලා මිනිස්සු දුන්නු ජනවරම අත්තනෝමතික විදිහට පාවිච්චි කරන්න එපා... මිනිස්සුන්ට හොඳින් තම තමන්ගේ දේවල් කරගෙන හොඳින් ජීවත් වෙන්න.. 2020 මම හිතනවා මේ රට ලෝකෙම කතාකරන හොඳ තැනක් වේවි කියලා.. ඒ ධෛර්යය, ශක්තිය ලැබෙන්න කියලා ජයසිරි මහා බෝ හාමුදුරුවන්ගේ පිහිට, ආරක්ෂාව ඔබට ලැබේවා...!!!

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 394 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 795 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 880 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 143 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2457 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


කාර් රේස්වලට ආදරේ කළ දියණිය රේස් කාරයක් බිළි ගනියි
2024 අප්‍රේල් මස 22 2631 0

මගේ චුටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ ච


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1613 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site