IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


දරු දෙදෙනකු ඝාතනය කර සැකකරු පොලිසියට බාරවෙයි

 

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වෙන්නප්පුව , වයික්කාලේ  තරුණියක සහ ඇගේ  සොහොයුරා  තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි  වෙන්නප්පුව පොලීසිය කියයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ (19) හැවිරිදි තරුණියක හා (8) හැවිරිදි ඇගේ බාල සොහොයුරාය. 

ඝාතනයට ලක්වු දරුවන්ගේ මව්පියන්  හා තවත් පුද්ගලයකු අතර  යාබද  ඉඩමකට වතුර ලබාගැනීමේ සිද්ධියක් මුල්කරගනිමින් පැවැති ආරවුලක්  දුර දිග ගොස් මෙලෙස දරුවන් දෙදෙනා ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

දරු දෙදනා  ඝාතනය කිරීමෙන් අනතුරුව  සැකකරු වෙන්නපුව පොලිසියට බාර වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 



අදහස් (28)

දරු දෙදෙනකු ඝාතනය කර සැකකරු පොලිසියට බාරවෙයි

Roshan Tuesday, 27 August 2019 07:24 AM

නිලධාරින් හරියට වැඩ නොකර නීතිය ක්‍රියාතමක නොකර ඉන්න කොට මිනිස්සු ගහ මරා ගන්නව. සමාන්‍යයෙන් අපවිත්‍ර ජලය පාරටවත් හරවන්න බෑ, වලක් කපල ඒකට යවන්න ඕනෙ. කිසිම පී එච් අයි කෙනෙක් ඕක බලන්නෙ නෑ.

:       3       309

SeneviratneTuesday, 27 August 2019 10:09 AM

ඇත්ත , මගේ නුවර කුණ්ඩසාලේ ඉඩමට අනිත් ඉඩමෙන් පාවිචිචි කල ජලය එවන්න පටන් ගත්තේ දැනට අවුරුද්යු 16 කට කලින්, පොලිසි ගියා 3, 4 පාරක්, පී එච් ඉ ට කිව්වා , ඇවිත් බැලුව, තාම විසඳුමක් නැහැ. ඒ නිලදාරී ඇවිත් , නැවත කරන්න එපා කියල යනවා. දවස් දෙකකින් අයෙත් කුණු වතුර එවනවා. කාට ද මේ අවනඩුව කියන්නේ. දිසා පතිට කිව්වා, ග්රමසේවකට යොමු කළා කිව්වා. තාම ප්‍රශ්නයට විසදුමක් නැහැ.

:       0       114

Raveendra Tuesday, 27 August 2019 07:38 AM

අයියෝ...?? මොන අපරාදයක් ද මේ ?

:       15       309

THUSHARA Tuesday, 27 August 2019 07:41 AM

පුදුම ජරා මිනිස්සුන් දැන් ඉන්නේ. තණ්හාව ..ඉරිසියාව කුහක කම හදවත් වල පිරිලා. පව් අසරණ ජිවිත මොනවා තේරෙනවද අවුරු 8 ළමයට. නිවන් සුව දරුවනි ඔබලාට !!!

:       33       411

latha Tuesday, 27 August 2019 07:45 AM

එල්ලුම් ගහටම යවන්න.

:       5       232

NuwanTuesday, 27 August 2019 08:21 AM

කරුමෙට එහෙම ගහක් තියනවද යවන්න..? කොච්චර හදිසි කෝපයකට වුණත් කඩු, පිහි අතට ගන්න හොඳ නැහැ. ඇයි මෙතැන අදහස් දක්වන අපිටත් ඔය වගේ හදිසි කෝප ඇතිවෙලා නැතිද ජීවිතේ? නමුත් කපා කොටා මරන්න ගියාද? මේ තිරිසනාට දෙතිස් වධ දෙන්න ඕනෑ.

:       0       105

NuwanTuesday, 27 August 2019 01:59 PM

එල්ලුම ගහක් නැති එකනේ ප්‍රශ්නේ එ්කට කැමති මේ වගේ තැලෙන පොඩිවෙන සාමාන්‍ය ජනතාව විතරයි . ඩොලර් වලින් යැපෙන එන්.ජි.ඕ නඩයයි දේශපාලුවෝයි එකට කැමති නැහැ .

:       0       206

රජින්ද Tuesday, 27 August 2019 08:36 AM

මේ රටේ මේ මජර ක්‍රමය තවදුරටත් ඉදිරියට ගියොත් මේ ගහ-මරාගැනීම් මේ රටේ සාමාන්‍ය දේවල් වෙනවා.

:       0       0

Shantha Qatar Tuesday, 27 August 2019 08:46 AM

එල්ලුම් ගහටම යවන්න නඩුකාර හාමදුරුවනේ.

:       0       0

nishfernando Tuesday, 27 August 2019 09:01 AM

අනේ මෙහෙම රටක්, කොච්චර පොඩි දෙකට මේ මරා ගන්නේ. ඉවසීම නැති කමයි මිනිස් අගය හොඳටම පිරිහිලා.

:       0       106

dumudu kariyapperuma Tuesday, 27 August 2019 09:16 AM

බල අපරද වලට දැන්වත් මරණ දඩුවම ගෙනෙව් . මේවා පේන්නැද්ද රටේ මිනිස්සුන්ට. මවැනි අපරාද වලට කෙලින්ම මරණ දඩුවම ක්‍රියාත්මක ගේන්න.

:       0       104

Iwasanna. Tuesday, 27 August 2019 09:50 AM

සිදුවන අපරාධ ගැන අහන්නත් කණගාටුදායකයි. මෙව් රටේ සිදුවන්නේ කුමන හේතුවක් නිසාද යන්න වහාම සොයා බැලිය යුතුයි. ඉවසීමේ රතු කට්ට පැන්නම මේ වගේ දේවල් වෙනවා. සමහරු සිතනවා මොන දේ කලත් ගණන් ගන්නේ නැතිව සිටීම බයට හෝ නොන්ජල් ’කමට කියල. ඉවසීමේ බැරිම තැන තම මේවා වෙන්නේ.

:       0       2

Iwasanna. Tuesday, 27 August 2019 09:50 AM

සිදුවන අපරාධ ගැන අහන්නත් කණගාටුදායකයි.

:       0       1

Iwasanna. Tuesday, 27 August 2019 09:50 AM

සිදුවන අපරාධ ගැන අහන්නත් කණගාටුදායකයි.මෙව් රටේ සිදුවන්නේ කුමන හේතුවක් නිසාද යන්න වහාම සොයා බැලිය යුතුයි. ඉවසීමේ රතු කට්ට පැන්නම මේ වගේ දේවල් වෙනවා. සමනරු සිතනවා මොන දේ කලත් ගණන් ගන්නේ නැතිව සිටීම බයට හෝ නොන්ජල් ’කමට කියල. ඉවසීමේ බැරිම තැන තම මේවා වෙන්නේ. අහන්නේ බලන්නේ නැතිව තම ලගම නෑයාගේ ඉඩමේ පස් කපාගෙන යන තරම් අසික්කිත පුත්ත්රයොත් ඉන්නකොට ඉවසා සිටීම සුදුසුයි කියල හිතුවේ ඔවැනි දේ සිදු වෙන නිසයි.

:       0       1

sidath Tuesday, 27 August 2019 10:14 AM

බොන වතර ටිකට මිනි මරාගන්න මිනිස්සු ඉන්න රටක්. මේ රටින් හැකි තාක් ඉක්මනින් මේ රටින් පැන යාම නුවනට හුරුයි.

:       0       114

isurandi Tuesday, 27 August 2019 10:45 AM

ලොකු අයගේ වැරදිවලට මේ දරුවෝ මොනා කරන්නද. මොකා හරි හෝ වැරදි වේවා මේකනම් මහපොළොව නුහුලන අපරාධයක්

:       0       107

ප්‍රීති Tuesday, 27 August 2019 10:54 AM

වෙන්නප්පුවේ මිනිස්සු ඉඩම් වලට පුදුම තණ්හාවක් තියෙන්නේ.

:       0       12

sam Tuesday, 27 August 2019 11:36 AM

මේ රටේ ඕවා සාමාන්‍ය දේවල්

:       0       0

සෙනෙවිරත්න Tuesday, 27 August 2019 01:14 PM

උදේ පටන්ගන්නෙ බණ පිරිත් වලින් රත්නමාලි යන්තර මතුරල ,ශාන්තිය ඉතිරිල ඒත් කිසිම වෙලාවක එකෙක් අනෙකට දෙවෙනි වෙන්න කැමති නැහැ. බුදුන් දෙසු බණවල ගුණාගුණ රසකරනව මිසක් අනුගමනය කරන කෙනෙක් හොයාගන්න බැහැ

:       0       36

Uditha - London Tuesday, 27 August 2019 01:26 PM

මොකක්ද මේ රට? කොහොමද මෙහෙම වෛර පිරිමහන්නේ පුංචි දරුවන්ගෙන්? ලංකාවේ මිනිසුන්ට මොකක්ද වෙලා තියෙන්නේ? බොහෝම කලකිරීමක් ඇතිවෙනවා. අම්මෙක් තාත්තෙක් දරුවක් උස් මහත් කරලා උගන්නල සමාජයට යහපත් උදාර මිනිසෙක් කරන්න කොච්චර මහන්සියක් ගන්න ඕනද? ඒ හැම දේම එක තප්පරේට මිනිහෙක්ට සහාසික විදිහට විනාස කරන්න පුලුවන්නම් මොකක්ද මේ රටේ මිනිස්සුන්ගේ පැවැත්ම. බොහොම කලකිරීමක් ඇතිවෙනවා සමස්ත පාලන තන්ත්‍රයත් නීති ක්‍රියාදාමයත් පිලිබදව. ඔබලාට හිතෙන්නේ නැද්ද බුදුහාමුදුරුවෝ කියනවා වගේ අපි කවදාක හරි මැරිලා යන්න ආව කොට්ඨාසයක් කියලා .වතුර ටිකට මෙහෙම පුංචි දරුවෝ මරන්න සිතුවිල්ලක් එන්නේ මෙච්චර කල් කෑවේ බත්ද? වසුරුද?

:       0       135

RaveendraTuesday, 27 August 2019 04:19 PM

සත්තකින්ම ඔබගේ අදහස් නිවැරදිය. හරිම දුකයි මෙම සිදුවීම පිළිබද විස්තර කියවීමේදී. අප රටේ සාරධර්ම , ඉවසීම, මේ සියල්ලම දිනෙන් දින අගාදයට යන බව හොදින්ම පැහැදිලි බවනම් ස්ථිරය. අකාලේ ජිවිතෙන් සමුගත් මේ දරුවන් දෙදෙනාට නිවන් සුව අත්වේවා !!!!

:       0       18

Amila Tuesday, 27 August 2019 01:41 PM

ජනාධිපතිතුමනි ඔන්න එල්ලන්න තව කෙනෙක්....

:       0       313

rohanWednesday, 28 August 2019 02:19 PM

අපොයි මෙයාව එල්ලන්න එපා... මීළඟ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්නයි තියෙන්නේ...

:       0       19

sharm warn Wednesday, 28 August 2019 06:09 AM

දැන් තේරෙනවද එල්ලුම් ගහ ඕනෙද නැද්ද ., ඕනේ නම් අයි එහෙම එකක් ඕනේ .. කියලා ? කාගේ මානව හිමිකම් ද වල වැදිලා තියෙන්නේ වරදට නිසි දඩුවම් නැතිකමින් ? පොලිසිය ඉන්නේ මහජන සාමය පවත්වන්න නම් මොකද්ද මේ වෙලා තියෙන්නේ ? අපිට එල්ලුම් ගහ ගෙන්න එපා කියලා උඩ පනින රටවල් සද්ද නැතුව මිනිසුන්ට මරණ දඩුවම පනවමින් සිටින බවත් කරුණාවෙන් සලකන්න .

:       2       105

gagana Wednesday, 28 August 2019 06:40 AM

එල්ලා මරණ එකට විරුද්ධ වන්නන් දැන් මට කියහන් ඇයි එල්ලා මරන්න විරුද්ධ වන්නේ? මේ අපරාධකාරයාට කිරි තේ දිදී කෑම දිදී අපි ගෙවන බදු මුදල් වලින් හිරගෙයක් තුල ජීවත් කරවන්නට හේතු මට කියනු. මේකා වෙනුවෙන් එක වෙඩි උණ්ඩයයි නැතිවෙන්නේ රටට.

:       1       145

මෝ Wednesday, 28 August 2019 02:15 PM

මොන හේතුවක් මත වුණත් මේ අපරාධය, සාදාරණීකරණය කරන්න බෑ. මේ මිනීමරුවා තිරිසනෙකුටත් අන්ත යක්ෂ, පිසාච, කුම්භාණ්ඩයෙක්. මේ රට බෞද්ධ රටක් කියන්නේ කොහොමද? අපි අශීලාචාර ගෝත්‍රික ජාතියක් ලොකුවට 2500ක ප්‍රෞඩ ඉතිහාසය ගැන කතා කළාට... දරුවනේ මතු උපදින කිසිම ආත්මයකදී මේ බිමේ නූපදීවා...

:       0       210

rihan Thursday, 29 August 2019 08:21 AM

වැඩි වුණොත් අපරාදේ. උල තිබ්බානම් හරි.

:       0       0

mahinda Thursday, 29 August 2019 02:00 PM

ආයුධ පෙන්නන්න එක්ක ගියානම් හරි .

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 5858 3

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3708 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3052 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11697 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 7979 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 3052 2

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1518 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site