IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘දරුවන්ගේ බිය නැති කරන්න නම් මැති ඇමැතිවරු පාසලට ඇවිත් ඉන්න’

(කේ බුද්ධික කුමාරසිරි)

“මා දන්නා ඉතිහාසය තුළ බෞද්ධ හෝ අන්‍යාගමික කිසිවෙකු මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ කියල කියනවා මම අහලා නැහැ. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුත් කියනවා මේක සිංහල බෞද්ධ රටක් එහෙම රටක ජීවත්වීමත් වාසනාවක් කියලා. එවැනි තත්වයක් තුළ කවුරුහරි කියනවා නම් මේ රට සිංහල බෞද්ධයින්ගේ රටක් නෙමේය කියලා එම පුද්ගලයා මේ රටේ සිටිය යුතු පුද්ගලයකු නොවේ”   යැයි කල්‍යානී සාමග්‍රී මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ මහානායක ඉත්තෑපානේ ධර්මාලංකාර නාහිමිපාණෝ පැවසූහ.

මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ප‍්‍රමුඛ නියෝජිතයන් පිරිසක් නාහිමියන් වැඩ සිටින පන්නිපිටිය රුක්මලේ ධර්ම විජයාශ‍්‍රම විහාරයට පැමිණ වෙසක් වැඩසටහන්  සම්බන්ධයෙන් දැනුවත් කර ආශිර්වාද ලබා ගත්හ.

එහිදී කෝට්ටේ පාර්ශවයේ මහානායක ඉත්තෑපානේ ධර්මාලංකාර නාහිමිපාණෝ මෙසේ ද පැවසුහ.

‘අද දරුවන්ව පාසල්වලට එවන්න දෙමාපියන් බියක් දක්වනවා ඔවුන්ගේ බිය සාධාරණයි එම බිය නැති කිරීමට නම් කළ යුත්තේ රටේ මැති ඇමැතිවරු ඔක්කොම හැම ප‍්‍රධාන නගරයකම තියෙන පාසල් ලගට ගිහිල්ල පැය කිහිපයක් එහි ගත කරන්න උවමනායි. එය අද හෙටම විය යුතුයි. මේ රටේ මැති ඇමැතිවරයෙක්ම රටේ ජනතාවගේ ඡන්දයෙන් පත් වෙලා ආපු අය. ඒ අයට ඇත්තටම හිතෙනවා නම් අපි රට ආරක්ෂා කරන්න  ඕනෙ රටේ ජනතාව ආරක්ෂා කරන්න  ඕනේ කියලා මේ දරුවන්ගේ බිය සැක නැති කරන්න පාසල් ළඟට ගිහින් ඉන්න බැරි කමක් තියෙන්න විදිහක් නෑ.’

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ එම පක්ෂයේ නියෝජිතයින් කිහිප දෙනෙකු සහ මහරගම නගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ද සහභාගී වුහ.

 



අදහස් (10)

‘දරුවන්ගේ බිය නැති කරන්න නම් මැති ඇමැතිවරු පාසලට ඇවිත් ඉන්න’

Wlkithsiri Monday, 13 May 2019 07:59 AM

ඔබ වහන්සේට පින් සිද්ද වේවා...... අපිට කියා ගන්න බැරුව හිටියේ දේශපාලනය එපා වෙලා

:       122       212

chandana Monday, 13 May 2019 08:31 AM

මම නොවේ මම කියා කෙනෙක් නොමැත කියපු බුදු හිමියන් ජාති, ආගම් වෙනුවෙන්, රට වෙනුවෙන් සිවුරු උඩට අල්ලාගෙන සටන් කරන්න කිව්වද? උන්වහන්සේ කිව්වේ මාරයා සමග සටන් කරන්න. සතිපට්ඨානේ පුරුදු කරන්න. ශාසනය පවතින්නේ, විනාශ වන්නේ රටක් පැවතීම මත නොවේ... සත්ධර්මය ප්‍රගුණකළ උත්තමයින්ගේ පැවතීම හේතුවෙනි.

:       212       0

C.K.Lankaputhra Monday, 13 May 2019 08:43 AM

අපේ හාමුදුරුවො කියන වැඩේ නරකම නෑ හාමුදුරුවනේ, නමුත් ලංකාවේ පාසැල් 10,200 ක් විතර තියනවා, නමුත් පාර්ලිමේන්තුවේ ඉන්නෙෙ 225යි. ඉතින් මොකද කරන්නෙ අපෙ හාමුදුරුවනේ.

:       0       0

ජයලාල් දිසානායක Monday, 13 May 2019 08:44 AM

හාමුදුරුවනේ ඒක ඒ අය තේරුම් ගන්නෙත් නෑ. තේරුම් ගන්න කැමති නෑ.

:       0       0

sirimal Monday, 13 May 2019 08:45 AM

පාසල්වලට දරුවන් යවන්න බයයි. ඒත් ටියුෂන් පන්ති වලට දරුවන් යවන්න කිසිම බයක් පෙන්වන්නේ නැති දෙමාපියන් ඉන්න පුදුම රටක් ඕයි මේක...

:       128       445

ajithMonday, 13 May 2019 10:55 AM

මෙවර උසස් පෙළ හා සාමාන්‍ය පෙළ ලියන ළමයි හැර අනිත් ළමයි ටියුෂන් යන්නේ ඉතා අඩුවෙන්.

:       17       42

Perakum Monday, 13 May 2019 08:55 AM

මැති ඇමැතිවරු නාවට කමක් නෑ. ඒ ගොල්ලන්ගේ ළමයි ඉස්කෝලෙට එවන්න කියන්න.

:       0       107

kap Monday, 13 May 2019 08:59 AM

ඉතින් ඒ වගකීම ගන්න ඕනේ ආණ්ඩු පක්ෂේ අය විතරද ? විපක්ෂේ අයට එක අදාල නැද්ද ? මේ වගේ මුට්ටි අල්ලන හාමුදුරුවරු අයින් වෙලා රට හරියට කරන්න ඉඩ දෙනවානම් කොච්චර හොදද

:       1515       274

Shiro Monday, 13 May 2019 12:14 PM

හැමදේම දේශපාලන කන්නාඩි දාගෙන බලන එක මෝඩකමක්. හරි දේට හරි කියන්න.

:       1       150

සොක්‍රටිස් Monday, 13 May 2019 04:17 PM

මිනිසුන් තුල පවතින දේශපාලන වහල් භාවය රට පිරිහීමට ප්‍රධානම හේතුව යි.

:       0       272

ඔබේ අදහස් එවන්න

දියත

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 0 0

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 14 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1406 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 434 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 520 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 395 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site