IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ද්‍රවිඩ සන්ධානයේ සහය කාට දැයි තීරණය ලබන සතියේ

සුජිත් හේවාජුලිගේ
 
තම කණ්ඩායම සහාය දෙන්නේ  කාට දැයි ලබන සතියේ තීරණය කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා පැවසීය.


ද්‍රවිඩ ජාතික සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන් සමඟ ලබන සතියේ දී සාකච්ඡා කර මේ පිළිබඳව ස්ථිර තීරණයක් ගන්නා බව කී සම්පන්දන් මහතා පවතින දේශපාලන තත්ත්වය මේ දිනවල තබා  අධ්‍යයනය කරගෙන යන බවද ප්‍රකාශ කළේය.


රනිල් වික්‍රමසිංහ මහතාත් මහින්ද රාජපක්ෂ මහතාත් තමාට කතා කර සහය ඉල්ලු බවද ඔහු කීය.


ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 16 දෙනෙක් මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරති.



අදහස් (9)

ද්‍රවිඩ සන්ධානයේ සහය කාට දැයි තීරණය ලබන සතියේ

rama Sunday, 28 October 2018 09:38 AM

වෙන්දේසියෙන් හොඳ ගණනක් හොයා ගන්න පුලුවන්............

:       0       56

d.upul Sunday, 28 October 2018 09:50 AM

පම්පෝරි ගැහැව්වට තවම බහුතර නැහැ වගේ. රට, ජාතිය පැත්තක. බලය වෙනුවෙන් ඔය ඕනෑම රජෙක් මුළු රටම වුණත් පාවා දෙයි.

:       2       76

sampath Sunday, 28 October 2018 10:02 AM

2015 දී තිබුුණු ජනබලය දැන් යූ.එන්.පී. එකට නැහැ. පසුගිය මැතිවරණයේදී ජනතාවගේ ඡන්ද වලින් 15%ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, 44%ක් පොදුජන එක්සත් පෙරමුණටත් ලැබුණා. රටේ ජනතාවගෙන් 59%ක් ඉන්නේ මෛත්‍රිපාල ජනාධිපති හා මහින්ද අගමැති සමගයි. තව මොනවද ඔප්පු කරන්න තියෙන්නේ? දැන් තොන්ඩමන් මහතාගේ කම්කරු පක්ෂයයි, ඊපීඩීපී එකයි එකතුවෙලා තියනවා. තව මොනවද ඕනේ?

:       493       451

RuwanSunday, 28 October 2018 10:25 AM

ඔබ හරි. පාර්ලිමේන්තු මෛන්ත්‍රීවරු පත්වෙලා ඉන්නේ 2015 තිබුන ජනතා කැමැත්ත අනුව. දැන් මහජනතාව වන අපේ කැමැත්තෙන් 60% පමණ දැන් තිබෙන්නේ මෛත්‍රිපාල ජනාධිපති හා මහින්ද අගමැති සමඟයි. ජනතාවගේ කැමැත්ත එළිපිටම තියෙද්ද තව මොනවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ?

:       22       141

සතයපාලSunday, 28 October 2018 05:21 PM

රටේ ජනතාවගේ කෑමැත්ත තියනවා නම් මෙවැනි පහත් දේශපාලන කුමන්ත්‍රණ කරලා බලය අල්ලන්න අවශය නැහැ. ප්‍රාදේශිය සභා මැතිවරණය කියන්නේ ජාතික මෑතිවරණයක් නොවේ. එහි ප්‍රතිඵල ජාතික මැතිවරණයකදී අනිවාර්යෙන් වෙනස් වෙනවා. විශේෂයෙන් මුලින්ම එන්නේ ජනාධිපතිවරණක් නිසා එහිදී සුළු ජාතික ඡන්ද වල බලපෑම මත පොහොට්ටු හා නිදහස් පක්ෂ පොදු අපේක්ෂයකුට දෙමළ ජාතික සංධානයේ හා මුස්ලීම් පක්ෂවල සාහය නොලැබෙන තත්වයක් යටතේ ජය ගැනීමට නොහැකි බැවින් කලින් මහාමැතිවරණයක් පවත්වා රාජය බලය යොදවා එය ජයගෙන ජනාධිපතිවරණයකට යෑම මගින් බලය තහවුරු කර ගැනීමේ කූඨ උපාය සදහායී මේ දේශපාලන සූදුව පටන්ගත්තේ.

:       0       0

Appuhaami A .Sunday, 28 October 2018 10:47 AM

පසුගිය ඡන්දය කියන්නේ මහ මැතිවරණයක් නොවෙයි. ඒ ප්‍රතිශතය මහ මැතිවරණයකදී වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔය කියන විදිහට එහෙනම් මේ විදිහට නැතුව තව ටිකක් ඉවසලා ඡන්දය දිනන්න තිබුනනේ... ඇයි එහෙම නොකළේ? බලයට එන්න බැරි නිසා...

:       146       247

sirimal Sunday, 28 October 2018 10:21 AM

ගිය සිකුරාදා කීවේ ඔය කතාව නෙවේනේ. වාර්තාවූ අන්දමට එදා කීවේ "මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්වීමේ සිද්ධිය තවමත් අදහා ගැනීමට නොහැකිව සිටින බවත් ඉදිරියේදී මීට වඩා විශාල යමක් සිදුවිය හැකි නිසා මේ අවස්ථාවේදී ඒ සියල්ල දෙස ඉතා ඉවසීමෙන් යුතුව බලා සිටින බවත් හදිසියේ සිදු වූ මේ වෙනස් කම මත විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් විශාල ගැටළුවක් පැන නැගී ඇති බවත් සියල්ල ඉතා හොඳින් අවසන් වනු ඇති නිසා ඒ ගැන කලබල නොවී සිටින මෙන් පක්ෂයේ සියලුම දෙනාට උපදෙස් දුන් බවත් " පැවසුවා කියලයි අපි දුටුවේ. දේශපාලනයේ සතියක් කියන්නේ විශාල කාල පරිච්ඡේදයක්. ලංකාවේ දැන් සිද්ධවේගන යන ආකාරයට ලබන සතිය වෙනකොට මොනවයින් මොනවා වෙයිද කියන්නට බැහැ. එක්කෙනෙක් සාස්තර කාරයකුගේ බස් අහල නාගත්තා. අනිත් එක්කෙනා පොලිස් කාරයෙකුගේ බස් අහල නාගන්න යන බවයි අපට නම් පෙනෙන්න තියෙන්නේ. ඇමෙරිකාව, එංගලන්තය, යුරෝපා සංගමය, මානව හිමිකම් කාරයෝ, එක්සත් ජාතීන්ගේ සංගමය එහෙමත් ඔන්න ආයෙත් නැගිටලා. මේගොල්ලෝ කලින් කරපු කියපු දේවල් වල හැටියට කියන්න තියෙන්නේ ලංකාවට ප්‍රේම කරන අයනම් නෙවේ කියලයි.

:       0       83

prabha Sunday, 28 October 2018 10:57 AM

අලුත්ම චිත්‍රපටය "ගිලෙන නැවෙන් මීයෝ පනී" ළඟදීම බලාපොරොත්තු වන්න..

:       0       31

Bamunuarachchi Monday, 29 October 2018 06:50 AM

ඔබලාගේ සහය පැතීම තමයි අපේ ජාතිය කරන ලොකුම වැරැද්ද... ඔබලා මේ රටේ 10% ජනගහනයක් කියා ලීවාට කවමදාකවත් පලවෙන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1198 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 528 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 462 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 282 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 498 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 468 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site