(ප්‍රසන්න පත්මසිරි සහ සමන් පාලිත නානායක්කාර)
දියතලාව යුද හමුදා කඳවුරේ රඳවා සිටි වූහාන් සිට පැමිණි සිසුන් 33 දෙනා අද(14) උදෑසන කඳවුරෙන් කොළඹ යුද හමුදා මුලස්ථානය වෙත යාමට පිටත්වු බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චමින්ද වික්‍රමසිංහ මහතා පැවසීය.
චීනයේ වුහාන් සිට පසුගිය 01 දින දියතලාව යුද හමුදා කඳවුරට රැගෙන ආ තරුණියන් 18 දෙනෙකු හා තරුණයන් 15 දෙනෙකු එම පිරිස අතර සිටිති.
ඔවුන් ගොඩනැගිලි 3ක වෙන් වෙන් වූ කාමර තුළ රඳවා දින 14ක් තිස්සේ වෛද්‍ය පරීක්ෂණවලට ලක් කළ බවද, ඔවුන්ට ඇඳුම් පැළඳුම්, ආහාර ඇතුළු අනෙකුත් සියලු පහසුකම් ලබා දී අන්තර්ජාල පහසුකම් ඔස්සේ දෙමාපියන්ට හා ඥාතීන්ට කතාබහ කිරීමට අවස්ථාව ලබාදී තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම සිසු සිසුවියන් කිසිවකු කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වී නැති බව වෛද්‍යවරු සඳහන් කළහ.
දියතලාව යුධ හමුදා කදවුරේ සිට යුධ හමුදා මුලස්ථානයට රැගෙන ගිය සිසු සිසුවියන් යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මුණ ගැසීමෙන් පසු තම තමාගේ නිවෙස් වලට යාමට නියමිත බව චමින්ද වික්‍රමසිංහ මහතා පැවසීය.
( ඡායාරූපය - සමන් පාලිත නානායක්කාර)
මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා
රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු
පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.
පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දියතලාව කඳවුරේ සිටි සිසුහු 33දෙනා පිටත්ව යති
Kahaduwa karunaratne Friday, 14 February 2020 05:46 AM
මෙම මෙහෙයුමට සම්බන්ධ වූ සියලු දෙනාට අපගේ ප්‍රණාමය !
Ajantha Friday, 14 February 2020 07:27 AM
ගොඩාක් සතුටුයි.