(එෆ්.අස්ලම්)
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් හෙට (17) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතව ඇතැයි දෙමළ සන්ධානයේ ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද හමුවී සාකච්ඡා කිරීමටද එම සන්ධානය තීරණය කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය ප්රමුඛ පාර්ලිමේන්තු කණ්ඩායම එක්සත් ජාතික් පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සමගින් ඊයේ(15) සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් කර තිබුණද එම සාකච්ඡාව කල්දමා තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා හමුවීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් තීරණය කිරීම මත එම සාකච්ඡාව කල්දැමීමට සිදුවූ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.
මේ අතර මලික් සමරවික්‍රම, මංගල සමරවීර සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් යන මහත්වරුන් අතර හමුවක්ද ඊයේ(15) සිදුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන සියලු පාර්ශව සමගින් දෙමළ ජාතික සන්ධානය සාකච්ඡා කරන බවත් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් හා ගැටළුවලට විසඳුම් දෙන බවට සහතික වන නායකයාට සහාය ලබා දෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා දෙමළ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබිණි.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දෙමළ සන්ධානය හෙට අගමැති හමුවෙයි
max Monday, 16 September 2019 11:30 AM
TNA වෙතින් UNP නායකවරුන්ට "දෙන තරමට කප්පන් - සහාය දෙනවා රත්තරන්."
Hafeel Monday, 16 September 2019 01:30 PM
කොහොමද පුද්ගලික දේශපාලන සාකච්ඡාවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන්නේ? මෛත්‍රී ජනාධිපති නිල නිවසේ, මහින්ද විපක්ෂ නායක කාර්යාලයේ, රනිල් අරලියගහ සහ දැන් පාර්ලිමේන්තු සංකීර්ණයේ. මේවා නඩත්තු කරන්නේ මහජන මුදලින් මේවා අසාධාරණයි. ජවිපෙ පමණයි ඔවුන්ගේ පක්ෂ කාර්යාලයේ දේශපාලන සාකච්ඡාවල් පවත්වන්නේ...
සේන Monday, 16 September 2019 01:53 PM
දැන් ඉතින් රටම ලියලා දෙඤ්ඤං මට ඡන්දෙ දීපං කියයි. ඕකනෙ වෙන්නේ ආයුබෝවන්..!!!
Hafeel Monday, 16 September 2019 03:49 PM
සජිත් හමුවීමට පෙර අගමැති හමුවෙනව නම්, සූත්‍ර පුංචා උපදෙස් දෙවි කොහොමද සජිත්ව කොටුකරන්නොන කියල.
tharidu Monday, 16 September 2019 04:55 PM
සුමන්දිරම් ගොඩාක් වැඩියි දගලනවා රටේ ජනතාව එදා අගමැති අරගලයේදී පාර්ලිමේන්තුවේදී හැසිරීම සියසින් දුටුවා...... මෙයාව පාලනය කරගත යුතුයි