IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


දුම්රිය සේවක හිඟය ගැන ඇමතිට ලියයි

(බිඟුන් මේනක ගමගේ) 

 
 දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉදිරි කාලයේදී දැඩි සේවක හිඟයක් නිර්මාණය වීමට නියමිත බැවින් ඒ ගැන අවධානය යොමුකර කඩිනම් වැඩපිළිවෙළක් යොදන්නැයි ද ඉල්ලමින් දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතාට ලිපියක් යොමු කර ඇත. 
 
 තාක්ෂණ සහායක, අර්ධ පුහුණු ශිලිපීන් හා පුහුණු ශිල්පීන් යන ශ්‍රේණිවල සිටින දුම්රිය සේවකයින්ගෙන් සියයට 75 කට ආසන්න සංඛ්‍යාවක් 2019 සහ 2020 වර්ෂ වලදී විශ්‍රාමයාමෙන් මෙම තත්ත්වය උද්ගත වන්නේ යැයි එම ලිපියේ කරුණු සඳහන් වේ.
 
 මෙසේ මතුවන පුරප්පාඩු නිසා අලුතින් එන්ජින් හා මැදිරි ගෙන්වුවද ඒ සඳහා ශ්‍රම දායකත්වය ලබාදීමට අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් නොමැති වනු ඇතැයි ද එම සංගමය අනතුරු අඟවයි. 
 
 පුහුණු ශිල්පීන්ගේ පුරප්පාඩු 2024 ක් හා අර්ධ පුහුණු ශිල්පීන්ගේ පුරප්පාඩු 1024 ක් පවතින්නේ යැයි ද පුහුණු ශිල්පීන් ලෙස පසුගිය දිනවල කාර්මික විද්‍යාලවල පුහුණුව ලැබූ 193 දෙනෙකුට පත්වීම් ලබා දී ඇති මුත් එම බඳවැගැනීම් ද සිදුකර ඇත්තේ ද වසර දහයකට පසුව යැයි ද එම ලිපියේ සඳහන් වේ. 
 
 මේ පිළිබඳව රාජ්‍ය සේවා කොමිසමේ අවධානය යොමුකර ඇතත් කඩිනම් විසඳුම් ලබා නොදීම නිසා බඳවාගැනීමට නොහැකි වී ඇතැයි ද ඇමැතිවරයාගේ කඩිනම් මැදිහත්වීමක් සිදු නොවුවහොත් දුම්රිය සේවය කඩා වැටෙන තත්වයකට පත්විය හැකි යැයි ද දුම්රිය තාක්ෂණ ශිල්පී සංගමය එම ලිපියේ වැඩිදුරටත් කරුණු සඳහන් කර ඇත. 
 



අදහස් (2)

දුම්රිය සේවක හිඟය ගැන ඇමතිට ලියයි

nimal Friday, 01 February 2019 05:08 AM

ඒ උනාට සිල්බර කොටන් ගානට වැඩිය කට්ට්ය රේල්ලුවේ වැඩ .

:       0       0

රවින් Friday, 01 February 2019 06:31 AM

ඇයි පහුගිය කාලේ ඇමතියකු හිටියේ කොයි වෙලේ බැලුවත් නිදි. එයා ඕවා ගැන හීන දකින්න ඇති. කොහොමද ගානක් කඩාගන්නේ කියලා. සේවක පුහුණුව දවසට දෙකට කළ හැකිද? එතකොට ඔය දෙපාර්තුමේන්තුවේ තියන අනෙක විධියේ වෘත්තීය සමිති ඒවාත් නිදාගෙනද හිටියේ උග්‍ර සේවක හිඟයක් එනකම්?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 564 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 580 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 741 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 364 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 3663 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1110 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1465 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site