දුම්රිය දෙපාර්තමේන්තුවට සේවකයන් 2,000ක් අලුතින් බඳවාගැනීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා බලාපොරොත්තුවෙන් සිටින බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
දුම්රිය මාර්ග අලුත්වැඩියා කටයුතු කඩිනම් කිරීම සඳහා සේවකයන් අලුතින් බඳවාගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව මීට ඉහතදීද භාණ්ඩාගාර අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටි බවද ඔහු කීය.
කෙසේවෙතත්, භාණ්ඩාගාරය මීට යහපත් ප්‍රතිචාරයක් දක්වා නැතැයි කී ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ ප්‍රවාහන අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් සොයාබලමින් සිටින බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා සිටින සේවකයන් පිරිස ප්‍රමාණවත් නොවන බැවින්, අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වන බවද, මේ හේතුවෙන් දුම්රිය පීලි පැනීම් ආදිය සිදුවන බවද, එයින් මහජනතාව පීඩාවට පත්වන බවද ඒ මහතා පැවසීය.
දුම්රිය සේවකයන් බඳවාගැනීම සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවද පැවසේ.
(16844)
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දුම්රිය සේවකයන් 2000 ක් බඳවාගන්න අර්ජුන භාණ්ඩාගාරයේ අනුමැතිය ඉල්ලයි
ගල්කටස් Monday, 26 August 2019 01:49 PM
දැන් මතක් වෙලා තියෙන්නේ ඡන්ද ගුණ්ඩු, යනකොට දුම්රිය සේවාව කාලා යන්න එපා... මෙයා ක්‍රිකට් පාලක මණ්ඩලය වගේ තිලංගලව ගෙනත් දැම්මේ අපිද? ඔයයි මල්ලිලා දෙන්නයිද ..?
විජිත් Monday, 26 August 2019 03:52 PM
කන්න දෙයක් නැහැ මල්ලි. මේ අයියලා මල්ලිලා ටික වරාය කෑවා, පෙට්‍රෝලියම් එක බිව්වා. මේ අය දන්නවා ආයේ කවදාවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා.ඒ නිසා මොනවා හරි කරලා සල්ලි ටිකක් හොයාගන්න තමයි මේ හදන්නේ.
herath vijitha Tuesday, 27 August 2019 04:15 AM
එකට කමක් නැහැ දෙවැනි මනාපය එජාපෙට දෙන්න වෙනවා සීනුව හෙළ උනේ නැතත්
kolam boss Monday, 26 August 2019 02:22 PM
කරන්න ඕන දුම්රිය පීලි පැන්නම පීලි හදන්න මිනිස්සු ගන්න එක නෙමෙයි. දුම්රිය පීලි පනින්නේ නැතිවෙන්න ක්‍රමයක් හොයාගන්න එකයි. මෙයා හදන්නේ ඉදිරියටත් සුද්දගේ කාලේ දුන්න පීලි උඩම කොච්චි ටික දුවවන්න වගේ. ඉතින් කොහෙද රටක් හදන්නේ...
Chanak los angeles Monday, 26 August 2019 09:08 PM
මේ අයියමලෝලගේත් දුෂණ සාටක පව්ලට දෙවෙනි නැහැ .
Sidath Monday, 26 August 2019 11:38 PM
ඇයි ඉන්න ගාන මදිද.. වැඩි හරියක් ඉන්නෙ අයිස් ගගහා. තවත් ගන්න යනවා.. ඡන්ද ගුන්ඩු වලට..
ලුම්බිණි Tuesday, 27 August 2019 01:28 AM
දුම්රිය සේවය පාලනය කිරීම පුද්ගලික අංශයට බාර දෙන්න. හිතෙන හිතෙන වෙලාවට වර්ජනය කරන දුම්රිය සේවයට මිනිස්සු ගන්න එක විසඳුමක් නොවෙයි.
Kamal Tuesday, 27 August 2019 02:19 AM
මෙතුමාට පෝස්ටර් ගහපු නිකමුන්ට රස්සා දෙන්න යන්නෙ. මහජන මුදලින් පින් පඩි සමග පෙන්ෂන්. ලංකාවෙ හැම දේශපාලුවාම කරන්නෙ මේක තමා. පින් පඩි දීල ආර්ථිකය විනාශ කරනවා.
Gamarala Tuesday, 27 August 2019 02:48 AM
ප්‍රවාහන අමාත්‍යංශය යටගේ ඇති ආයතන සිල්ලම කාල ඉවරයි. හැම ආයතනයකම හැම දේම වෙන්නේ මුදල්වලට. අයියල මල්ලිල ක්‍රිකටි ආයතනය කෑව වගේ පුවාහනයත් ඉවරයි. හිටපු ඇමති තුමා නොකල සේරම දේවල් මෙයා කරල ඉවරයි.
Muditha Tuesday, 27 August 2019 03:29 AM
එක සිල්පර කොටයකට එක සේවකයා ගානේ දැම්මනම් පීලි පන්නිනේ නැහෙ. හොඳ තීරණයක් .
lalithm Tuesday, 27 August 2019 03:29 AM
දැනට ඉන්න නිකම් පඩි ගන්න අයට මොකද කරන්නේ. ගෙදර යවනවද? රේල් පාරක් සුද්ද කරන්නේවත්, කෝච්චියක් හෝදලා පිරිසිදු කරන්නේවත් නැති කම්කරුවන් පිරුණු පින් පඩි ගන්න සේවකයින් පිරුණු දුම්රිය පුද්ගලික අංශයට බාර දෙන්න. ඔක්කොම හරියාවි. ලාබයකුත් අරන් සේවයකුත් වේවි.
sharm warn Tuesday, 27 August 2019 04:02 AM
හරි ... ඡන්ද 2000ක් අතේ කියලා හිතාගෙන ඇති... මේ වගේ අය දේශපාලනේට ආවම මීට වඩා මොකුත් බලාපොරොත්තු වෙන්න බැහැනේ. වරාය , දුම්රිය , විදුලි බල, පෙට්‍රෝලියම් ... මේවා තමයි උල්පත් ඇමතිකම්. තමනුත් කාලා හෙන්චයියන්ටත් කන්න දීලා ඡන්ද පදනම රැකගන්න අගේට පුළුවන්. මොකුත් අමතර වැඩක් කරන්න ඕනෙත් නැහැ ...
janatha anura Tuesday, 27 August 2019 04:10 AM
නමුත් එය අත්‍යවශ්‍ය වෙනවා දුම්රිය මාර්ග මැදිරි වහාම නඩත්තු කලයුතු වෙනවා මගීන්ගේ ආරක්ෂාවට මගී ගාස්තු වැඩිකර හෝ නැතිනම් දුෂණ වංචා අඩුකර මේවා කලයුතුවෙනවා.
sharm warnTuesday, 27 August 2019 11:47 AM
පොඩ්ඩක් හොයල බලන්නකෝ දුම්රිය දෙපාර්තමේන්තුවේ දැනට සේවක හිඟයක් ද අතිරික්තයක්ද තියෙන්නේ කියලා .. නඩත්තුවට කට්ටිය ඉන්නවා ද නැද්ද කියලා බලන්න පොඩ්ඩක් දුම්රියපොලවල් වල ගිහින් බලන්න ..
janahitha Tuesday, 27 August 2019 04:13 AM
රාජගිරියේ මසකට ගෙවන මිලියන 21 ඔක්කොම රේල් පීලි දමන්න පුළුවන් ශ්‍රීලංකා ගුවන් සේවයේ ගුවන් යානා අවලංගු කර ගෙවපු කෝටි 13 ඔක්කොම ගොඩ ගන්න පුළුවන්, ඔන්න ඕකයි තත්වේ ,ඡන්දෙ දුන්න 62 දෙලක්ෂයෙන් මේවා අය කර ගතයුතුවෙනවා.
isurandi Tuesday, 27 August 2019 04:55 AM
වැඩේනම් හොදයි. නමුත් මේවා ඡන්ද ගුණ්ඩු බව හොදින් දනිමි
shaminda Tuesday, 27 August 2019 08:42 AM
දැනට ඉන්න නිකම් පඩි ගන්න අයට මොකද කරන්නේ. ගෙදර යවනවද? රේල් පාරක් සුද්ද කරන්නේවත්, කෝච්චියක් හෝදලා පිරිසිදු කරන්නේවත් නැති කම්කරුවන් පිරුණු පින් පඩි ගන්න සේවකයින් පිරුණු දුම්රිය පුද්ගලික අංශයට බාර දෙන්න. ඔක්කොම හරියාවි. ලාබයකුත් අරන් සේවයකුත් වේවි.
vipula Tuesday, 27 August 2019 09:18 AM
කලින් හිටපු කළුතර සිංහයා සේවකයෝ තොග පිටින් ගෙනත් දැම්ම . මෙය කොහොම හරි ගෙනත් දායි. මේ අය වැඩ කිරීම කෙසේ වෙතත් පඩි ගෙවීමට නැවතත් බදු වැඩි කරයි.