IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘දෙපාර්ශ්වයටම බහුතරය නැහැ‘

(ඩයනා උදයංගනී)


 රජයට හෝ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ශවය යන දෙපාර්ශවයටම පාර්ලිමේන්තුවේ බහුතරයක් නැතැයි ජනමාධ්‍ය, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.


 ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මන්ත‍්‍රීවරුන් 113 දෙනෙකුගේ බහුතරයක් තිබීම අනිවාර්ය නැති බව කී ඇමතිවරයා එවැනි බහුතරයක් පැවතියහොත් ආණ්ඩුවේ කටයුතු පහසු වන බව ද සඳහන්  කළේය.


රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය දක්වමින් හා නව රජයට විරුද්ධව 122 දෙනෙකුගේ අත්සන් ලැබී ඇති බව කතානායකවරයා කීවත් එම අත්සන් ලේඛනය වෙන වෙනම අත්සන් කළ විවිධ දින සහිත ලේඛනයක් බව කී දයාසිරි ජයසේකර මහතා එය කියවා අධ්‍යයනය කර බැලීමේ අවස්ථාවක් හෝ පාර්ලිමේන්තුවේදී මන්ත‍්‍රීවරුන්ට නොලැබුණු බව ද කීවේය.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

කතානායකවරයා පාර්ලිමේන්තුවේදී අද (14) කටයුතු  කළේ පාර්ලිමේන්තු නීතියට අනුව නොව කැලෑ නීතියක් අනුව බව ද දයාසිරි ජයසේකර මහතා මෙහිදී පැවසීය.



අදහස් (18)

‘දෙපාර්ශ්වයටම බහුතරය නැහැ‘

chathuri Wednesday, 14 November 2018 12:21 PM

දෙගොල්ලන්ටම නැති වෙන්නේ. කොහොමද . එක්කෙනෙක් කකුල් දෙක ඇත් කරගෙනද ඉන්නේ දෙපැත්තට අනේ. මෙහෙමත්. කතා. මහින්දට අද. 122 තිබුනා නම් බලා ගන්න. තිබුන. මෛත්‍රී මහතාගේ ඊලග තුරුම්පුව අද නාමල් ,විරවංශ. , ගම්මන්පිල ,මේ කට්ටිය. අගමැති මැදුරේ. පිරිත්. කියයි. මේවෙලාවේ මොන දේ. කිව්වත් තනතුරක් දුන්න ගමන් ඔය වේදනාව ඉවරයි. පක්ෂේත් අමතකයි. අපි නොදන්නා. මිනිස්සු

:       0       0

asanka Wednesday, 14 November 2018 12:23 PM

ඕක තමයි ඉස්කෝලෙදි ගණන් අසමත් වුනාම වෙන්නේ.

:       0       0

Neel perera Wednesday, 14 November 2018 12:25 PM

මෙහෙම ගොන් තර්ක ගැන ඇමැතිවරුන්ට රටක් පාලනය කළ හැකිද?

:       0       0

daya Wednesday, 14 November 2018 12:33 PM

දෙවරක් සිතා බැලිය යුතු කරුණක්.. අපේ තීරණය පසුව දන්වන්නම්.

:       0       0

kamal koyrala Wednesday, 14 November 2018 12:37 PM

ඇමතිතුමාට පුළුවන් අන්තර්ජාලයෙන් බලාගන්න දැක්කේ නැතිනම්... ඇරත් එ්ක මොහුට නොවෙයිනේ ජනාධිපතිතුමාටනේ දුන්නේ...

:       0       0

weerakoon Wednesday, 14 November 2018 12:50 PM

එදා ජනාධිපතිවරයා කිව්වේ 113 හරි කියලා. දැන් මොකද නැහැ කියන්නේ?

:       0       0

sirimal Wednesday, 14 November 2018 12:52 PM

මෙන්න මේ මහත්තයට කවුරු හරි ගණන් කියලා දෙන්නකෝ...

:       0       0

Nuwan Wednesday, 14 November 2018 12:54 PM

එහෙනම් ඔය කට්ටිය ඔක්කොම ගෙදර ගිහින් විද්වත් මිනිස්සු ටිකත් අලුතින් පත් කරගෙන රට ඉස්සරහට අරන් යමු.

:       0       0

sandy123 Wednesday, 14 November 2018 01:00 PM

පුදුම මිනිස්සු. පරාජයවත් පිළිගන්න බැරි විදිහට බලයෙන් උද්දච්ඡ වෙලා.

:       122       478

dasa Wednesday, 14 November 2018 02:03 PM

මෙයාටත් නැහැ..

:       92       312

Lakmal Wednesday, 14 November 2018 02:10 PM

පව් කියලත් හිතෙනවා..

:       231       721

NImal Wednesday, 14 November 2018 03:06 PM

හෙට උදේ 10ට කලින් සරල අංක ගණිතය ගණිත ගුරුවරයෙක් හොයාගෙන උගෙන ගත්තොත් නරකද මන්ත්‍රීතුමා?

:       203       340

Ravi Wednesday, 14 November 2018 03:09 PM

කවුද මේ? මේ වගේ අය නිසා තමයි මේ රට අද මේ විදියට තියෙන්නේ....

:       0       0

premathlaka peramuna Wednesday, 14 November 2018 03:29 PM

අනේ දයාසිරි මහත්තයෝ... ගෙම්බා වගේ නිතරම එහෙ මෙහෙ පනින්නේ කවුද? තමුන්නාන්සේද කලේ නීතිය ගැන කියන්නේ තමුන් නියෝජනය කරන පාර්ශවය පසුගිය කාලේ කලේ නියම නීතිය වෙන්ටැ...

:       0       0

Chanak Los angeles Wednesday, 14 November 2018 07:23 PM

සම්මත ගණන් සාස්තරයත් වෙනස් කරන්නයි බලන්නේ

:       0       0

දිලුම් Thursday, 15 November 2018 03:12 AM

මම නම් මේ කියන දේවල් එකපාරට බැහැර කරන්නේ නෑ. මහින්ද පන්නන්න යූ.එන්.පී ඇතුළු හිතාදරයින් ටික මේ වෙලාවේ ඕනෑම අශීලාචාර ජඩ වැඩක් කිරීමට මැලිවෙන්නේ නෑ. යූ.එන්.පී ටි.එන්.ඒ හා මුස්ලිම් කොංග්‍රසය කියන ත්‍රිත්වය තුළ ඇති බහුතරය යැයි කියාගන්නා දේ අපේ රටේ යහපතවත් ස්වෛරීත්වයවත් පත්න්නේ නැති බව හොදින්ම දැන දැනත් අපේ රටේ මිනිස්න්ගේ පවා නීච අදහස් ගැන මට ඇත්තේ පුදුම කල කිරීමක්. අනිවාර්යෙන්ම මේ රට දෙකඩ වන එක වලකන්නට දැන් අපිට නොහැක. දරුවන් සමඟ ජිවත්විය හැක වෙන රටක් සොයා ගැනීම ඇති එකම හොදම විකල්පයයි.

:       620       2

Rohana Saturday, 17 November 2018 04:54 AM

හදවතට හොරෙන් හුදෙක් තමන්ගේ වාසිය ගැනම හිතල කරන ප්‍රකාශයක්

:       0       0

Rohana Sunday, 18 November 2018 11:31 AM

වාසියට කියන කතා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 67 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 349 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1153 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 598 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 95 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1610 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site