නව විදේශ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් දිනේෂ් ගුණවර්ධන මහතාට චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා සුබ පැතුම් එක්කර ඇත.
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පණිවුඩයක් එවමින් චීන විදේශ කටයුතු අමාත්‍යවරයා එලෙස සුබපැතුම් එක් කර තිබේ.
වසර 62කට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව සහ චීනය එකිනෙකට ගෞරවයෙන් සහ සමාන ලෙස සැලකූ බව සඳහන් කර තිබෙන චීන විදේශ කටයුතු අමාත්‍යවරයා දෙරටේ උපායමාර්ගික සහයෝගීතාව සහ මිත්රත්තවය, අවංකකම, අන්‍යෝන්‍ය සහයෝගය සහ පරම්පරා ගණනක මිත්‍රත්වය යන කරුණු මත ගොඩනැගී ඇතැයි ද සඳහන් කර ඇත.
මාවතක්-තීරයක් (බෙල්ට් ඇන්ඩ් රෝඩ්) ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාව සහ චීනය ක්‍රියාකාරී ලෙස දෙරටේ සහයෝගීතාව වැඩි දියුණු කරගෙන ඇති බවත් පුද්ගල සබඳතා හා හුවමාරු වැඩි දියුණු කරගෙන ඇති බවත් සඳහන් කළ චීන විදේශ ඇමැති වැන්ග් යී මහතා පසුගිය වසර කිහිපයේදී එමගින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන ඇති බව ද පවසා තිබේ.
දෙරට තිබෙන සාම්ප්‍රදායික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් විවිධ ක්ෂේත්‍ර තුළින් දෙරට තිබෙන සන්නිවේදනය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමටත් චීන-ශ්‍රී ලංකා සබඳතා වඩාත් හොඳින් සංවර්ධනය කරගැනීමටත් දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා සමඟ කටයුතු කිරීමට සූදානම් බව ද චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා තවදුරටත් සඳහන් කර ඇත.
ෂිංහුවා ඇසුරිනි
055
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.කේ සිවාජිලිංගම් රෝගාතුරව ඉන්දියාවේ චෙන්
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දිනේෂ් ගුණවර්ධනට චීන විදේශ ඇමැතිගෙන් සුබ පැතුම්
lalithm Monday, 25 November 2019 02:41 AM
MCC එකට විරුද්ධ වුනේ බෙල්ට්...
sharm warn Monday, 25 November 2019 04:33 AM
ඔන්න ඔන්න ආයෙමත් මුවාට කලින් කැන පැනලා ... තාවකාලික කැබිනට් එකකට පත් වෙච්ච ඇමති කෙනෙකුට චීනෙන් සුබ පතන්නේ අත ලෙව කන්න නෙමේ... අපි චීන කොලනියක් වෙන්න දෙන්න නම් බැහැ ආයෙමත්...
සමන්ත Monday, 25 November 2019 04:45 AM
සමන්ත ජාතිවාදියෙක්... අන්ත ජාතිවාදියෙක්. චීනයටම හොඳයි.
kamal Monday, 25 November 2019 07:41 AM
තදින්ම වැඩකළ අයට මොනවා හරි කලින්ම දෙන්න එපායැ...