IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දීඝවාපි චෛත්‍ය ප්‍රතිනිර්මාණ කටයුතු ඇරඹෙයි

(හිඟුරානේ නවරත්න සමරතුංග)

බුදුන් වහන්සේගේ නිය ධාතුව තැන්පත්කල ඵෙතිහාසික දීඝවාපිය විහාරස්ථානයේ අභිනව චෛත්‍ය ප්‍රතිනිර්මාණ කටයුතු අද 31 දින නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

1980 දශකයේ මෙහි වැඩ ආරම්භ කර තිබුණත් නොයෙකුත් අගහිඟතා මෙන්ම විවිධ හේතූන් මත එම වැඩ අතරමග නතර වී තිබුණ අතර එයට නවජීවයක් ලබාදීම සඳහා මෙම ප්‍රතිසංවර්ධන කටයුතු මෙදින ආරම්භ කළ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කීය.
 
වසර තුනක් ඇතුළත මෙම ආගමික සත්කාරය අවසන් කරන බවද අමාත්‍යවරයා කීය. දිනවකවානු සහිතව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි. එය වසර තුනක් ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වෙයි.

පළමු අදියර යටතේ මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කැබිනට් අනුමැතිය ලබා ගනිමින් ගඩොල් දෙලක්ෂ පනස් දහසක් සහ එයට අවශ්‍ය අමුද්‍රව්‍ය ඒකරාශී කරගෙන මෙය ක්‍රියාත්මක වෙන බවද මෙහි පැවති උත්සව සභාව අමතා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා රුපියල් ලක්ෂ 8525ක මූල්‍ය ප්‍රතිපාදන මෙම ව්‍යාපෘතියට ලබාදෙනු ඇත.



අදහස් (22)

දීඝවාපි චෛත්‍ය ප්‍රතිනිර්මාණ කටයුතු ඇරඹෙයි

jinapala Saturday, 31 August 2019 09:59 AM

හත් ඉලව්වේ කොන්දට හොඳ නැහැ. ඕක තියන්න ඕනෑ ඇණ තියාගෙන වාඩි වෙලා.. ඔහොම තියන්නේ කොල්ලුපිටියේ උන්දැලා නොවැ...

:       35       64

RaveendraSaturday, 31 August 2019 10:24 AM

ඉතින් මොකද ප්‍රශ්නේ.. මම එක තිබ්බේ " ඉස්ටයිල් එකට " තේරුණාද? මමත් කොල්ලුපිටියේ තමයි ඉන්නේ තාත්තා "ඒකාලේ මට අර විදියට" අරගෙන දුන්නු දේපොලවල.. ඇයි ජිනපාල උන්නැහේට ඉරිසියයිද?

:       71       67

kule Saturday, 31 August 2019 10:08 AM

හොඳ ක්‍රියාදාමයක්... සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..!!! ඒ වගේම විහාරස්ථානයට අහිමි වී ඇති බිම්කොටස් නැවත විහාරස්ථානයට ලබා දුන්නොත් ඔබතුමාට පින්...

:       57       167

RaveendraSaturday, 31 August 2019 10:52 AM

ඇයි සජිත්ද විහාරස්ථානයට අයිති බිම්කොටස් බලෙන් අල්ලාගෙන ඉන්නේ?

:       4       78

Chanak los angelesSaturday, 31 August 2019 08:29 PM

වෙන්න පුළුවනි. පියා ඒකාධිපතිව වැජඹුන කාලේ පුතා සේනාව පිරිවරාගෙන අයිතිහාසික භුමි තුල කරක් ගැසුවානේ.

:       9       159

Raveendra Saturday, 31 August 2019 10:16 AM

හරියට පොටෝ එක ගත්ත නේද... මගේ රූපය ඔක්කෝටම පේනවිදියට..?

:       30       70

Jaya Saturday, 31 August 2019 02:12 PM

ගොඩනැගිලි, චෛත්‍ය හැදීමෙන් පමණක් බුද්ධ ශාසනයට වන හා පැසීගිය කාලයේ සිදුවුණු හානිය වළක්වන්න බැහැ. බෞද්ධ සංස්කෘතියට හා ආධ්‍යාත්මයට මෙන්ම සංඝරත්නයට වූ අවමානයට හා පහරදීම්වලට එරෙහිව මේ පුද්ගලයා මේ වනතෙක් එක වචනයක් කතා කරලා නෑ.

:       68       317

AmilaSaturday, 31 August 2019 06:30 PM

කතා කරහම ඔක්කොම හරිද.. වැඩ කරන මිනිස්සු මිසක් කයිවාරුකාරයෝ නෙමෙයි හලෝ රටට ඕන.

:       20       8

JayaSunday, 01 September 2019 08:56 AM

මේකෙන් මතුකරලා තියන පැහැදිලි අදහසවත් මොකක්ද කියලා හරියට තේරුම් ගන්න බැරි පාට කණ්ණාඩි දාගත් බත් බැලයන්ගෙන් මේ රටටවත්, සංස්කෘතියටවත් වැඩක් නැහැ.

:       3       35

තර්ස්තයා Saturday, 31 August 2019 03:36 PM

මේ කරන්නේ මොනවාද ? තමන්ව පුම්බාගෙන මුළු රටම රවට්ටන එක. ගෙවල් හැදුවේ රජයේ මුදලින්, ඒක බාර දුන්න රාජකාරියක්. එහෙම කියලා බලෙන් රජකම ඉල්ලන්න තියෙන අයිතිය කුමක්ද? දැම්ම රජ වෙලා ඉවරයි . මේ රට දියුණු වෙන්න නම්, දුෂණ වලට සම්බන්ධ නැති උගත් මහත්මා ගතිගුණ ඇති කෙනෙක් මේ යුගයේ බිහිවිය යුතුයි. නැතිනම් හැමෝටම කප්පන් දෙන්නම් කියලා ඡන්දෙ දිනනවා කියන්නේ රටම විනාසයි.

:       17       556

RaveendraSaturday, 31 August 2019 05:17 PM

තර්ස්තයා මයා වෙත, ඔබවිසින් පවසා ඇත්තේ සම්පුර්ණ සත්‍යකි. කිවයුතු සියලුම කරුණු කෙටිකර දැක්වීම පිලිබදව අප ඔබට අවංකවම අපගේ ස්තුතිය පුදකරන්නෙමු.අපට කිසිදු පක්ෂයක් කොහෙත්ම අදාලම නැත .අවශ්‍ය වන්නේ අවංක මත්මා ගතිපැවතුම් ඇති රටට මුළුහදින්ම අවංකව ආදරය කරන " මනසින් උසස් මිනිසෙකි ". මේ කොහෙවත් යන තක්කඩි හිතාගෙන ඉන්නේ තමන්ගේ වගකීම් යුතුකම් වලට වඩා තම තමන්ව පුරවැසියන්ගේ බදුමුදල් වියදම් කරමින් "හිගන ගෙම්බන් ලෙස පුම්බා "ගැනීමකි.දියවන්නඔයේ " හැලිවදුරන් 225 ම " මෙම අදහස් කියවීමට හැකි වේවා..!!!!!

:       1       233

gamarala Saturday, 31 August 2019 04:01 PM

කවුරු මොනවා කිවුවත් පුණ්‍යමය කටයුත්තක්. අවශ්‍ය ගඩොල් දෙලක්ෂ පනස් දහස එක්කෙනා ගඩොල් දහය බැගින් ලබාදීමෙන් කවුරුත් සහභාගී වෙමු. වැඩපිළිවෙලක් හදමු.

:       150       3

chinthaka Saturday, 31 August 2019 04:51 PM

එහෙනම් අවුරුදු පහකට පස්සේ නින්දෙන් නැගිටලා වගේ "නිදන්" අමතක කරලා බෞද්ධකම හිතට ඇවිල්ලා තියෙන්නේ,,,,

:       128       326

Amila Saturday, 31 August 2019 06:32 PM

හොද දෙයක්. ඉස්සර හිටිය පාලකයා මෙලෝ දෙයක් කරේ නෑ ශාසනයට. නිකන් මල්වට්ටි අරන් මාධ්‍ය සන්දර්ශන දැම්ම එක විතරයි කරේ.

:       55       114

Chanak los angeles Saturday, 31 August 2019 08:11 PM

ආර්යාව කෝ ?

:       33       138

RaveendraSunday, 01 September 2019 05:29 AM

අපතයන්ට ඉන්නේ ආර්යාවෝ ... එදා වේල බොහොම අමාරුවෙන්, අපහසුවෙන් සරිකරගන්න අපට නම් ඉන්නේ භාර්යාවෝ ....බලන්න අපේ මව්බසේ වෙනසක පුදුමේ....ඇත්තෙන්ම මේවට කියන්නේ බලෙන්ම නම්බු නාම ලබා ගැනීම නොහොත් වන්දි බට්ටයන්ගේ ප්‍රසස්ථ ගායනා..

:       2       57

Chanak los angeles Saturday, 31 August 2019 08:24 PM

මේ හදීසියේ මේවා පිළිසකර කරන්නේ බුදුදහම වෙනුවෙන් නොව මේ මාර්ගයෙන් මුදල් අවභාවිත කරමින් මැතිවරණ කටයුතු කිරීමටයි . දැනටමත් මොකක්දෝ මද්යම අරමුදලකින් මුදල් අවභාවිතා වෙලාලු නේද ?එම වංචා හෙලිකිරීම පිළිබඳව අගය කරමි . මේ වගේ වුර්ක හම් පොරවාගෙන එන හොරුන් පලවා හැරිය යුතුයි .

:       2       104

chandima Sunday, 01 September 2019 12:23 AM

දීඝවාපිය හදන්න කලින් වහලේ තෙමෙන ඉස්කෝල වල වහල හැදුවනම්. අම්මප අපිව රවට්ටලා චන්ද කඩාගන්න දඟලන දැඟලිල්ලක්?

:       26       171

jagath Sunday, 01 September 2019 04:04 AM

සජිත්ගේ තාත්ත තමයි අර මුහුදු මහා විහාරයට ඇරත් ඉඩම්ම් සුළු චන්ද බලාගෙන මුස්ලිම් අන්තවාදීන්ට සින්නක්කර බෙදල තින්නේ. ඒවගේම මහින්ද ගෝටා ඇතුළු සෙට් එක තමයි විල්පතුව සින්නක්කර බදුයුර්දීන් ට ලියල දීල තින්නේ. ඕකුන් ඔක්කොම එකී මගේ මව්බිමට ආදරේ නෑ.

:       4       136

sirimal Sunday, 01 September 2019 08:35 AM

තාත්තා මිරිසවැටිය දාගැබ "ප්‍රතිනිර්මාණය" කළ විදිහට නම් කරන්න එපා බුදු මහත්තයෝ. මතකනේ මාස දෙකෙන් දෙකට පැලුණා.

:       0       134

isurandi Sunday, 01 September 2019 01:25 PM

මුල් ගල් තිබ්බට වැඩක් නැහැ... ඕවා මුල් අදින්න දෙන්නේ නැතුව ඉක්මණට වැඩ ආරම්භ කරනවා නම්... මට නම් හිතෙන්නේ මීට වඩා හොඳයි. තැඹිලි පොල්වගේ දෙයක් හිටෙව්වා නම් මීට වඩා ප්‍රයෝජනයක් ගන්න පුළුවන්...

:       85       18

CHANDIMA Sunday, 01 September 2019 01:57 PM

දැනටම රටේ අාදායමෙන් සියයට හැත්තෑ පහක් රටේ ණය වාරිකවලට ගෙවනවා. මෙය අාවොත් ඉතිරි සියයට විසිපහක් විනාශකරනවා චෛත්‍ය, දාගැබ් හදලා... අපි අනාතයි... අපේ මිනිස්සු ඩුබායි ගිහිකුලී වැඩකරන සල්ලිවලින් වෙන්න හැමදාමත් ණය ගෙවන්න..

:       8       204

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 38 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 108 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 181 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 617 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1011 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 837 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site