IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දකුණු කොරියාවේ කොරෝනා දෙවැනි රැල්ලක් ඇරඹේ

කොරෝනා වයිරසය වැළඳීමෙන් පසු සුව වූ රෝගීන්ට නැවත රෝගය වැළඳීම සම්බන්ධ වාර්තා අධ්‍යයනය කරමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
  
දකුණු කොරියාවෙන් මෙවැනි රෝගීන් 91 දෙනකු වාර්තා වී තිබිණි.
 
 දකුණු කොරියාව පවසා සිටියේ මෙය රෝගීන් නැවත ආසාදනය වීමක් නොව වෛරසය නැවත සක්‍රිය වීමක් ලෙස පෙනෙන්නට තිබෙන බවයි.
 
 සියොල් හි වාර්තා සම්බන්ධව අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ පවසා ඇත.
 "මෙම පුද්ගලයින්ගේ වාර්තා අප අධ්‍යයනය කරනවා. අපි අපගේ සායනික විශේෂඥයින් සමඟ සමීපව සම්බන්ධීකරණය වෙමින් මෙම තනි අවස්ථා පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාගැනීමට වෙහෙසෙමු. සැක සහිත රෝගීන් පරීක්ෂා කිරීම සඳහා සාම්පල් ලබා ගන්නා විට නිසි ක්‍රමවේදයන් අනුගමනය කරන බවට වග බලා ගත යුතුය."

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට අනුව කොරෝනා රෝගියෙකුට රෝහලෙන් පිටව යෑමට හැකිවන්නේ පරීක්ෂණ වාර්තා දෙකක් කොවිඩ් රෝගය නොමැති බවට ප්‍රථිඵල ලබා දුනහොත් පමණි.
 
 එක් වාර්තාවක් ලබා ගැනීමෙන් අවම පැය 24කට පසුව අනෙක් වාර්තාව ලබා ගත යුතු බවද ඔවුහු පවසති.
 
"වර්තමාන අධ්‍යනයන්ට අනුව පැහැදිලි වන්නේ රෝග ලක්ෂණ සුළුවෙන් පෙන්වන කොවිඩ් - 19 රෝගියෙකුගේ රෝගය උත්සන්න වීමේ අවස්ථාවේ සිට සම්පූර්ණ සුවය ලැබීම දක්වා සති දෙකක පමණ කාලයක් පවතින බවයි.
 
සමහර රෝගීන් සායනිකව සුවය ලැබූවද කොවිඩ් පරීක්ෂණ වාර්තාවේ පෙන්නුම් කරන්නේ වයිරසය ශරීරය තුළ ඇති බවයි.
 
නමුත් ඔවුන්ගේ සිරුරු තුළ කොපමණ කාලයක් සජීවී වයිරසය පැවතුනේද යන්න වඩාත් හොඳින් අධ්‍යනය කිරීම සඳහා සුවය ලැබූ රෝගියෙකුගෙන් ක්‍රමාණුකූලව සාම්පල ලබාගැනීම අවශ්‍ය වේ." යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ.
 
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ කොවිඩ් - 19 නව රෝගයක් බැවින් වයිරසය පැතිරීමේ පැතිකඩ සම්බන්ධව අවබෝධයක් ලබාගැනීම සඳහා තවත් වසංගත රෝග දත්ත අවශ්‍ය බවයි.
 
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (1)

දකුණු කොරියාවේ කොරෝනා දෙවැනි රැල්ලක් ඇරඹේ

Champa Saturday, 11 April 2020 01:10 PM

අලුත් කොරෝනා වයිරසය ගැන විද්‍යාඥයින් තවමත් කරුණු හොයනවා. සාමාන්‍ය අදහස නම් කොරෝනා වැළදිලා සුවවෙන අයගේ සිරුරේ නිපදවුණු ප්‍රතිදේහ වයිරසයට එරෙහිව ක්‍රියා කරනවා කියලා. නමුත් කොරියාවේ මේ සිද්ධ වෙලා තියෙන දේ ඒ අදහස වෙනස් කරනවා. ඇත්තම කිව්වොත් COVID-19 කියන්නේ phantom වයිරසයකින් හැදෙන රෝගයක් වගේ. ඒකෙ හැසිරීම තාම හරියට හඳුනා ගන්නත් බැහැ. ලෝකයේ බොහෝ රටවල් බලා ඉන්නේ එන්නතක් හොයාගන්න තුරු. ඊට පස්සේ මිනිස්සුන්ට එන්නත දීලා සාමාන්‍ය විදිහට ජන ජීවිතය පටන් ගන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 15 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 85 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 430 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 15 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 169 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 159 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site