(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානමත් සමඟ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදෙන රුපියල් 5000 ක දීමනාව තමන්ට නොලැබුණු බව පවසමින් හැටන් ප්‍රදේශයේ පිරිසක් අද (11) ග්‍රාම නිලධාරී කාර්යාලය වටලනු ලැබුහ.
හැටන් දික්ඔය වනරාජා වත්ත පහළ කොටස් පීඩාවට පත් පිරිස උදැසන සිට ග්‍රාම නිලධාරී කාර්යාලය ඉදිරිපිට රැස්වී සිටියහ.
පීඩාවට පත් ජනතාවට රුපියල් 5000 ක් ලබාදෙන ලෙස රජය උපදෙස් දී තිබුණත් එම උපදෙස් වලට පටහැනිව වතුකරයේ ඇතැම් ග්‍රමාසේවා නිලධාරිවරුන් විසින් රැකියාවල නිරතව සිටින විශාල පිරිසකට සහ එකම පවුලේ කිහිපදෙනෙකුටම මෙම දීමනාව ලබා දී ඇති බව ඔවුහු පැවසූහ.
තමන් රැකියාවල නිරතව සිට කොවිඩ් 19 වයිසරය පැතිර යාමේ අවදානම නිසා ඇඳිරි නිතිය හමුවේ තමන්ගේ රැකියාවත් නොමැතිව ආදායම් තත්ත්වය පහළ වැටි දැඩි පීඩාවට පත් වි සිටින බව ඔවුහු සඳහන් කළහ.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දික්ඔය වතුකම්කරුවන් පිරිසක් ග්‍රාම නිලධාරී කාර්යාලය වටලයි
ravi Saturday, 11 April 2020 01:53 PM
ඇත්තටම , රජයට මේ කම්කරුවන් අමතක වෙලාද ?