IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


තිසේරාට ස්ථාන මාරුවක්

තරිඳු ජයවර්ධන

විද්‍යා දැරිය ඝාතනය සහ ජනමාධ්‍ය වේදීන්ට හිරිහැර කිරීම ඇතුළු විමර්ශන ගණනාවක් සිදුකරමික් සිටි සහකාර පොලිස් අධිකාරී බී.එස් තිසේරා මහතා වහාම ක්‍රියාත්මත වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට ස්ථාන මාරු කර තිබේ.

ඊට අදාල පොලිස් නිවේදනය වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අද උදේ නිකුත් කළේය. පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මෙම මාරුව සිදු කරන බව එම විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් වේ.

රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන ⁣මොහයවූයේද, ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීම, රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම ඇතුළු සිද්ධි ගණනාවක විමර්ශන මෙහෙයවූයේද තිසේරා මහතාය.

රතුපස්වල ඝාතන සම්බන්ධයෙන් යුද හමුදාවේ හතර දෙනෙකුට එරෙහිව මේ වන විට මහාධිකරණයේ නඩු පවරා තිබේ.



අදහස් (21)

තිසේරාට ස්ථාන මාරුවක්

jagath Saturday, 30 November 2019 08:00 AM

වෙනස සැපද?

:       6187       4708

ලසන්තSaturday, 30 November 2019 04:22 PM

ඡන්ද ප්‍රතිඵල වේලාසනින්ම ලැබෙන්න පටං අරන් වගේ...

:       169       1

sandy Saturday, 30 November 2019 08:17 AM

වැඩි අදහස් අනවශ්‍යයි. ආණ්ඩු පෙරළියේ වික්‍රමය.

:       5734       4224

KANDEPOLA Saturday, 30 November 2019 08:46 AM

ඉහත විමර්ශන ගැන බලපුවාම, කියන්න තියෙන්නේ කිසිම වැදගැම්මකට නැති දේශපාලන වුවමනාවට සැරෙන් සැරේ උඩට ඇදලා ගන්න රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන විමර්ශන කියලයි. ඉහත සියලුම විමර්ශන රටේ නීතිය හෑල්ලුවට ලක් කිරීමක්... දැන් මේ විමර්ශනවලට අවුරුදු කීයක්ද? නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ.

:       2918       4437

ලසන්තSaturday, 30 November 2019 04:28 PM

හා... හොඳයි සර්. සියලු විමර්ශන නවතා දමන්නම් සර්. කිසිඳු පොලිස් විමර්ශනයක් මින් මතුවට නැත සර්. ඇත්තම කියනවා නම් පොලිසියත් ඕනේ නෑ සර්...

:       169       76

සෙනෙවිරත්න Saturday, 30 November 2019 08:56 AM

ඔව් ඔව් මෙව්වා තමයි ඉස්සරවෙලාම කරන්න ඕනෑ. පාර ක්ලියර් කරගත්තම යන එකනේ තියෙන්නේ... කොඩි වනන බලකායත්, කහ සිවුරු හෙවත් සංඝ බලකායත් තිබෙන තුරු කවුද බය..?

:       4418       1740

ශ්‍රී Saturday, 30 November 2019 09:21 AM

නව ජනාධිපති පත්වී සති 2ක් පමණක් ගතවී ඇත.

:       3138       706

සිංහ Saturday, 30 November 2019 09:40 AM

ඒ විතරද, දොස්තර ෂාෆි බේරගන්න අධිකරණයේ හඬමින් ඇප ඉල්ලා සිටියේ කව්ද?

:       363       3143

GuneSunday, 01 December 2019 02:05 AM

දැන් එ්කට තල්ලුවක් දෙන්න පුළුවන් තවත් එක්කෙනෙක් කුරුණෑගලට යවලයි තියෙන්නේ...

:       744       14

Rasi Saturday, 30 November 2019 09:48 AM

දැන් ඔය තිසේරා මහත්තයා පහුගිය අවුරුදු පහේම ඔය සිද්ධි සම්බන්ධයෙන් ගත්තු පියවර මොකද්ද? එයා මේ වෙනකන් කිසිඳු පුද්ගලයෙක් ඒ සම්බන්ධයෙන් වැරදි කාරයෙක් කරන මට්ටමට ඒවා මෙහෙයවා නැත්තම් ඔහුට එතන ජීවිත කාලෙම ඉන්න දෙන්න ඕනෑ කියලා නියමයක් නැහැ.

:       327       3366

samithaSaturday, 30 November 2019 10:41 AM

ඒවා බ්ලොක් කලේ ගමරාලයි රනිලුයි. මහින්දලාව බේරාගන්න. දූෂිත නඩුකාරයින් ඔක්කොම ඇද ඇද හිටියා. පරීක්ෂණ මෙහෙයවපු අය අද අසරණයි. ලැජ්ජයි...!!!

:       1924       1105

LebbeSaturday, 30 November 2019 11:02 AM

රණවිරුවන් රිමාන්ඩ් එකේ තිබ්බේ මගුලටද?

:       517       2040

සෙනෙවිරත්න Saturday, 30 November 2019 01:13 PM

රණවිරුවන් කරනු ලබන සියලුම ආකාරයේ අපරාධ සඳහා නඩු පැවරීමට නොහැකි වනසේ පනතක් සම්මත කරගන්නා ලෙස නව රජයට යෝජනා කරමු.

:       1557       100

ramaniSaturday, 30 November 2019 05:27 PM

යුද්දෙට ගියාට හැම නිලධාරියාම රණවිරුවන් නොවෙයි. යුද්ධයෙන් පස්සේ ඔය කියන රණවිරුවන් කට්ටියක් පාසල් යන ළමයි 11 දෙනෙක්ව කිඩ් නැප් කළා. ඊට පස්සේ ඒ දෙමව්පියන්ගෙන් මුදල් ගත්තා නිදහස් කරන්න කියලා. මුදල් ගත්තට පස්සේ ඒ අසරණයින් 11 දෙනාවම මරලා දැම්මා. ඒ ළමයින්ගේ හැඳුනුම්පත් තිබුනේ හිටපු නාවික හමුදාපතිගේ කාර්යාලයේ ලාච්චුවක. ඔය එකක්. මීට සම්බන්ධ නාවික හමුදාපතියා තවමත් නිදහසේ...

:       122       38

thamali Saturday, 30 November 2019 11:02 AM

ඔව් ඔව් මෙවගේ අය සේරම හොයලා මාරුකරලා දාන්න. පඩි ගෙව්වට රටට වැඩක් නැහැ.

:       1510       118

ටි ඉන්දික Saturday, 30 November 2019 12:41 PM

දැන් සැප ලැබෙමින් පවතී. භුක්ති විඳින්න සූදානම් වන්න.

:       1404       482

මැකෝ Saturday, 30 November 2019 01:13 PM

දැතිරෝදය හරියටම කැරකෙනවා..

:       1363       60

lankasri Saturday, 30 November 2019 01:16 PM

මහ පොලොව නුහුලන අපරාධ ඇයි හොයන්නේ...? නව ජනපති දිනේවා! අපි අඬන දවස වැඩි ඈතක නෙමේ මිතුරනි.

:       1535       1060

ashan Saturday, 30 November 2019 09:46 PM

කන්දෙපොල, මිනිසුන්ගේ ජීවිත විහිලුවකට ගන්න ඔයාලා වගේ අය ගැන ඇතිවෙන්නේ පිළිකුලක්. ඇස් පනාපිට පේන මේ අපරාධ විහිලුවට ගන්න ඔබ වැනි පව්කාරයින් ඉන්නතුරු මේ රට අපායක් වීම අරුමයක් නොවේ.

:       123       2

Bamunuarachchi Sunday, 01 December 2019 02:32 AM

රණවිරුවන් සිරගත කළ අය අපට එපා.. ගෝඨාභය සර් අපට විශ්වාසයි, මේවා යහපාලන ආණ්ඩුවේ බළල් අත් පොලිසියේ අය ඉවත් කළ යුතුමයි. එතකොටවත් ඉස්සරහට රණවිරුවන්ට ආණ්ඩුවට අත තියන්න බය වේවි...!!!

:       1       417

saliya Sunday, 01 December 2019 06:11 AM

රනිල්, මෛත්‍රී මේ තත්වයට වගකිව යුතුය.

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 1093 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 220 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1206 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1226 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1467 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1335 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site