IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තවුහිත් ජමාත් කණ්ඩායම් හම්බන්තොටදීත් සන්නද්ධ පුහුණුව ලබලා

(බිඟුන් මේනක ගමගේ)
 
කාත්තන්කුඩි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයන් හත් දෙනාට ජාතික තවුහිත් ජමාත් ත්‍රස්ත කණ්ඩායම හම්බන්තොට ප්‍රදේශයේදී සන්නද්ධ පුහුණුව ලබා දී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
 
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම්ගේ සමීපතමයන් ලෙස හඳුනාගෙන ඇති මෙම පිරිස හම්බන්තොට ප්‍රදේශයට ගෙනයාමේ කටයුතු සිදුකරනු ලැබ ඇත්තේ හෂීම්ගේ සොහොයුරකු විසින් බව එම නිලධාරියා කීය.
 
කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.පී කස්තුරිආරච්චි මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
 
පාස්කු ඉරිදා ප්‍රහාරයට මෙම පිරිසේ සම්බන්ධයක් තිබේද යන්නත් ඔවුන්ගේ ඉදිරි සැලැසුම් ගැනත් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.  



අදහස් (4)

තවුහිත් ජමාත් කණ්ඩායම් හම්බන්තොටදීත් සන්නද්ධ පුහුණුව ලබලා

sarath Wednesday, 08 May 2019 01:25 AM

මේ පැතිවල පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න දුන්නෙම නැහැ, මතකනේ වැලි හොරු අල්ලන්න ගියාට පස්සේ පල්ලියෙනුත් ඇවිත් එස්. ටී. එෆ් එකටයි , නෙවි එකටයි ගැහුවේ. පුල්මුඩේ වැලි හොරුත් එහෙමයි ගම් පිටින් ඇවිත් නීතිය ක්‍රියාත්මක කිරීම ට අවහිර කලේ. දැන් පෙනෙනවානේ මොකටද එහෙම කලේ කියලා. දෙකට නැමිලා ඉඳල හරියන්නේ නැහැ , රට ට නැවත අන්තවාදී යුද්ධයක් නොඑන්න නම් නීතිය හැමෝටම එක වියයුතුයි !

:       0       31

සනත් Wednesday, 08 May 2019 02:38 AM

අප්පචිච් දැනුවක් කරලා ද පුහුණු වුනේ?

:       188       197

sampath Wednesday, 08 May 2019 04:43 AM

නිදහස් කරනවා ටික දවසකින්...

:       0       16

සේන Wednesday, 08 May 2019 05:57 AM

ඔප්පු කරන්න සාධක නෑ කියලා උසාවියෙන් නිදහස් වෙලා ඇවිත් අලුතෙන් පුහුණු වීම් පටන් ගනී.

:       0       21

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 118 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 256 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1094 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 143 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 316 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site